Monday, November 13, 2017

නිල නොලත් ජනපති ශිරාල් ලක්තිලක

මහින්දගේ පාලනය පෙරලා දමා යහපාලනය ගේන්න උරදුන් සයිබර් ක්‍රියාන්විතය තුල ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. භාෂාව සුමට නොවුනත් ඊ නිවුස් කතෘ සඳරුවන්ගේ භාවිතාව මේ රටේ ජනමතය වෙනස් කිරීමට ඉමහත් කාර්යභාර්යක් කළ බව අවිවාදිතයි.
යහපාලනය නමින් දෙමහුන් රජය බිහිවූ පසුත් සඳරුවන් තමන්ගේ ගවේෂණාත්මක මාධ්‍ය කාර්ය නවතා දමනු නොලැබිණි. තමන්ගේද කර මතින් තැනුන මේ රජය හරි මග තබා ගැනීමට ඊ නිවුස් කර්තෘ සඳරුවන් හැම විටම පෙනී සිටින අයුරු අපට දක්නට ලැබිණ. එය අවස්ථා ගණනාවකදීම අපගේ නිරීක්ෂනයට ලක්විය.
වරෙක ඔහු අධිකරණ ඇමතිව සිටි විජේදාසගේ රහසිගත ඩීල් වෙනුවෙන් නොබියව පෙනී සිටියේය. ඒ විජේදාස අමාත්‍ය බලතල භාවිතා කරමින් දූෂිත රාජපක්ෂවරුන් වෙනුවෙන් අධිකරණයට කල බලපෑම් හෙලි කිරීමයි. අවසන විජේදාස සඳරුවන්ට එරෙහිව අධිකරණයට ගියේය. සඳරුවන්ට රතු වරෙන්තු පවා නිකුත් කෙරුණි. අවසානයේ විජේදාසට ඇමති පට්ටම නැතිව නිවසට ගාල්විමට සිදුවිය.
ඉන්පසු ඊ නිවුස් රටේ විධායකයේ පිහිටෙන් කරන්නාවූ මගඩීන් කිහිපයක් අනාවරණය කලේය. ඉන් එකක් වන්නේ නාවික හමුදාපති ට්‍රැවිස් සින්නායියාගේ විරෝධය නොතකා මෛත්‍රීගේ බෑනා වන තිළිණද එක්ව ලංකාවට ගෙන්වීමට යන රුසියානු යුධ නැවේ කතාවයි. එමගින් ලැබෙන කොමිස් කුට්ටි ඩොලරයක් නෑර හෙළි කීර්‍රමට ඊ නිවුස් ක්‍රියා කලේය. විධායක ජනපති මෛත්‍රීට තරමක් රිදුනේය. ට්‍රැවිස් සින්නයියා මාස දෙකක නාවික හමුදාපතිධූරය හැරදා නිවෙසට ගියේය.
සඳරුවන්ට කතා කොට ඩීල් එකකට එන්න මෛත්‍රී පාර්ශවය සූදානම් විය. අතරමැදියෙකුට වැඩේ බාර දුන් නමුත් එයද සාර්ථක නොවිණි.
ඊනිවුස් ඊළඟ මෙහෙයුම ආරම්භ කලේය. ඒ මෛත්‍රී හා කිලී මහරාජා එක්ව කරන විද්‍යුත් සංඛ්‍යාත මගඩියක් සම්බන්ධයෙන් තොරතුරු සමාජයට අනාවරණය කිරීමය. නයාට පොල්ලෙන්ම පහර වැදුණි. ශිරාල් සෑම සතියේ දිනකම සඳුදා මෛත්‍රීට භාරදෙන මාධ්‍ය භාවිතා වාර්තාවේ ඊ නිවුස් කරන මෙම හෙලිදරව් ගැන උලුප්පවා දක්වා තිබුණි.
ශිරාල්ට සඳරුවන් එක්ක කාලයක් තිස්සේ පැවැති ගැටුමක් විය. එය කුරුඳු පොලු ප්‍රහාරය දක්වා ඈතට දිවයන්නකි. ශිරාල් ක්‍රියාත්මක වන්නේ ඒ තැන බලාය.
” සර් සඳරුවන්ව නැවැත්තුවේ නැත්තම් අපිට ඉස්සරහට ලොකු අභියෝගයක් වෙනවා. සඳරුවන් දැන් ඕෂලගෙන් අපි ගැන තොරතුරු ගන්නවා. ඊයේ සමීටරත් පෞද්ගලික කරුණු දාල ගහලා තිබ්බා. හෙට අනිද්දට ඕක දරුණු වෙන්න පූලුවන්”
“ඉතින් අයිසේ ඕක මට කියන්නේ මංගලට කතා කරලා කියනවකෝ ඊ නිවුස් බෑන්ඩ් කරන්න කියලා” වාර්තාව කියවන ගමන් මංගල අමතන ලෙස මෛත්‍රී ශිරාල්ට උපදෙස් දී ඇත.
ශිරාල් තමන්ගේ ජංගම දුරකථනයෙන් අමාත්‍ය මංගලව සම්බන්ධ කරගෙන ජනපති හට ලබාදී ඇත.
” මංගල ඊ නිවුස් කාරයා දගලනවා වැඩී. TRC එකට කියලා ඒක බ්ලොක් කරලා දානවා” මෛත්‍රී මංගලට පවසා ඇත.
”සර් ඒක මගේ අමාත්‍යාංයට අයිති නැහැ ඒක සර්ගේ විෂය පථයට අනුබද්ධ ආයතනයක් ඒක කරන්න ඕන ජනාධිපති ලේකම් කාර්යාලයෙන්” මංගලගේ පිලිතුර විය.
ජනපති මෛත්‍රී වහාම TRC අධ්‍යක්ෂ ජනරාල් පී.ආර්.එස්.පී.ජයතිලක දුරකතනයට සම්බන්ධ කර ගත්තේය.
” ජයතිලක වහාම ඊ නිවුස් එක බ්ලොක් කරන්න මේක මගේ ඕඩරයක්” ජනපති ජයතිලක හමුවේ පවසා ඇත.
” සර් එහෙම බ්ලොක් කරන්න බෑ. ඒකට අධිකරණ නියෝගයක් ගන්න ඕන”ජයතිලක පවතින නීතිය ජනපති හමුවේ ප්‍රකාශ කර ඇත්තේ එලෙසිනි.
” තමුසෙලට තමයි කරන්න බැරි මතක තියා ගන්නවා මහින්ද සයිට් 08ක් බ්ලොක් කලා ඒ කාලේ” ජනපති කෝපාවිෂ්ඨව ජයතිලකට බැනවැදී අතර එයින්ද නොසැලුණු ජයතිලක
” සර් මහින්ද මහත්තයා ඒ සයිට් 08ම බ්ලොක් කලේ උසාවි නියෝග අරගෙන” යයි ජනපතිට කරුණු ඒත්තු ගන්වන්නට කටයුතු කලේය
‘ අයිසේ මම මේ රටේ ජනපති, අධිකරණය මම බලා ගන්නම් තමුසෙ මම කියන එක කරනවා. තමුසේ බයයි නම මම ඔස්ටින්ගෙන් ලියුමක් එවන්නම් තමුසේ ඒක කරනවා හිටං”
ජනපතිගේ තර්ජනය හමුවේ ක්ෂණිකව ඊ නිවුස් ලංකාවේ ජනතාවට දැක බලා ගැනීමට නොහැකි ලෙස ඊ නිවුස් බ්ලොක් විය.
පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය ශිරාල් ජනපති ළගින් සමුගෙන ගියේ එයා ජනාධිපති වුනාට එයා ලව්වා මට කරන්න බැරි දෙයක් නෑ ඕයි. බලාගෙන ගියාම මම ජනාධිපති වගේනේ යනුවෙන් තමා සමග විදුලි සෝපානයේ ගිය ජනාධිපති සම්න්ධීකරණ ලේකම් වරයෙකුට පුරාජේරුව කියවමිනි.
ශිරාල් වැනි මුග්ධයෙකු ළග තබා ගෙන ශිරාල්ලාගේ කියුම් කෙරුම් පමණක් ක්‍රියාවට නංවන ජනපති සිරිසේනගේ හෙට දවසට අබසරණයි යනුවෙන් පමණක් අවසානයේදී මෙහි සටහන් කරනු කැමැත්තෙමු.
වොයිස් ඔෆ් සිලෝන් සංස්කාරක සටහන – මෙහි සියළු දෙබස් පසුගිය සිකුරාදා රාත්‍රියේ බීමත් කමින් ශිරාල් කොල්ලුපිටිය කැප්රි ක්ල්බ් එකෙදී වැමෑරූ දෑ බව අවධාරණය කරමු

(Voice of Ceylon නමැති වෙබ් අඩවියක් කළ හෙළිදරව්වකි)

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...