Wednesday, November 15, 2017

ටැක්සි රියදුරා ගෙන් උපදෙස් ගත් පොලිසිය සහ නඩුකාරයා

බුදුන් වහන්සේගේ පච්චයක් වෙනත් තැනක් නොව අතේ කොටාගෙන මෙහි පැමිණි බ්‍රිතාන්‍ය හෙදියක් වන කෝල්මන් මහත්මිය බුදු දහම අනුව බොහෝ දුරට ජීවත්වූ කාන්තාවකි. ඇය තායිලන්තයේ කාම්බෝජයේ , ඉන්දියාවේ , සහ නේපාලයේ වරින් වර භාවනා කළ කතකි. ඇගේ පච්චය එම රටවලට ප්‍රශ්නයක් වුවේ නැත .
එය හෙන ප්‍රශ්නයක් වුවේ ලංකාවේ ටැක්සි රියදුරෙකුටය .ඌට එය ප්‍රශ්නයක් වුයේද ඌ ඉල්ලු අසාධාරණ ගාස්තුව ඇය නොදුන් විටය ..ඇගේ අතේ බුද්ධ පච්චයක් තිබෙන බව පොලිස් කාරයෙකුට කිවේය . රියදුරාට කීකරුවූ පොලිස් කාරයෙක් ඇය පොලිසියට ගෙන ගියේය. පොලිස් කාරයාගේ කීම ඇසු පොලිසියේ ලොක්කා ඇය උසාවියට ඉදිරිපත් කළේය. පොලිසියට කීකරුවූ මීගමුවේ නඩුකාරයා ඇය රිමාන්ඩ් කළේය . ඉන්පසු රටින් පිටුවහල් කිරීමට නියෝග කළේය .
එහෙත් පොලිසිය එයද එකවර කලේ නැත ඇගේ පැටිකිරිය හොයන්නට ඕනා බව කියා රැඳවුම් මධ්‍යස්ථානයක දවස් කීපයක් තිබ්බේය
අන්තිමට ඇය නඩුවක් දැම්මේය නඩුව දිනුවේය පොලිසියේ ගොබ්බයන් දෙදෙනාට රු.ලක්ෂයක් ගෙවන්නට නියම කලත් ලක්ෂ 7 ක් ගෙවන්නට උනේ ආණ්ඩුවට හෙවත් අපිටය . පොලිසියට ලනුව දුන් ටැක්සි කාරයාත් , පොලිසියේ ලනුව කා ඇය රටින් පිටුවහල් කරන්නට නීති විරෝධී තීන්දුවක් දුන් නඩුකාරයාත් යහතින් සිටිති.
බර්ටි රණවීරගේ


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...