Tuesday, November 14, 2017

සමාජ ජාල මාධ්‍යවේදියෙකුට රද්දොලුගම පොලිසියෙන් පහර දීමක්


පොලිස් පහරදීමක් හේතුවෙන් සමාජ ක්‍රියාකාරීකයෙක් සහ ව්‍යාපාරිකයෙක් වන ප්‍රභාත් නිරෝෂන් බණ්ඩාර මහතා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

සමාජ මාධ්‍යවේදියෙකුද වන ඔහු මෙසේ රෝහල් ගත කර ඇත්තේ පසුගිය 11වෙනිදා අලුයම 1.30ට පමණ රද්දොලුගම පොලිස් ස්ථානයේ දී පොලිස් උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු නිලධාරීන් 4 දෙනෙක් එක්ව කල පහර දීමක් හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ඒ මහතා,

"මම පොලිසියට ගියේ මගේ රියදුරා අත්අඩංගුවට ගැනීම ගැන සාකච්ඡා කරන්න. ඒ අවස්ථාවේ තමයි මේ පහර දීම සිදුවුණේ. මම ඒ වෙලාවේ පොලිසියේ නිලධාරියෙක් එක්ක කතා කර කර ඉන්නකොට මේ උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පිරිස ඇවිත් මට පහරදුන්නේ.

ඔහු මට පොලිස් නිලධාරියෙකුට නොගැලපෙන පරිදි බැන වැදුණා. ඉන් පස්සේ මට හොදටම පහර දීලා කුඩුවට දැම්මා.

ඊට පහුවෙනිදා තමයි මට ඇප හම්බුණේ. මාව උසාවි දාලා තිබුණේ වෙන නමකින් නිසා උසාවියට ගියත් නඩුව කතා කරපු මොහොතේ නඩුවට පෙනී ඉන්න බැරි වුණා. මොවුන් මේ සියල්ල සැලසුම් කරලා කලේ.

ඒ වෙනකොට මට හොඳටම අමාරු වුන නිසා මම ගිහින් රෝහල් ගත වුණා. ඉන් පස්සේ රෝහල් පොලිසියේ පැමිණිල්ලක් කරා.

නීතිය හා සාමය රකින පොලිසිය කොහොමද පුරවැසියෙක්ට පහර දෙන්නේ?"

වල්මත්ව පුරවැසියන්ට පහරදෙන පොලිස් නිලධාරීන් වෙනුවෙන් පොලිස්පතිතුමනි, නීතිය හා සාමය අමාත්‍යතුමනි ඔබ විසින් ගන්නා ක්‍රියාමාර්ගය කුමක් දැයි අප අවධානයෙන් බලා සිටින්නෙමු.
  

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...