Wednesday, November 29, 2017

”මහින්දවයි – මෛත්‍රිවයි කාමරයකට දමලා පැය දෙකක් තිබ්බ නම් වැඩේ ඉවරයි..එක්කො ගහගනියි. නැත්නම් බදාගනියි.”


මැතිවරණය කල් දැමීමට ඉදිරිපත් කර ඇති පෙත්සම් ඉල්ලා අස්කර ගන්නා ලෙස ජනාධිපතිවරයා ඔහුගේ නීතිඥ මාර්ගයෙන් පෙත්සම්කරුවන් වෙත දැනුම්දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක අවධාරණය කරයි.

එකී පෙත්සම් ඉදිරිපත් කිරීමේ වගකීම නිශ්චිතවම මෛත්‍රි ප්‍රමුඛ ශ්‍රී ලනිපය පාර්ශ්වය භාරගත යුතු බව දිසානායක මහතා කියයි.
මන්ත්‍රිවරයා පවසන්නේ මැතිවරණය පවත්වාගැනීම පාර්ලිමේන්තුවේ හෝ අධිකරණ ක්‍රියාදාමයෙන් කළ නොහැකි නම් නිසැකවම හෙට (30දා) අධිකරණයේ තීන්දුව කුමක්දැයි බලා මහජන ගඟක් කොළඹට කැඳවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කවර හෝ යටත්වීම් හමුවේදී මහින්ද රාජපක්‍ෂ පාර්ශ්වය සමඟ යම් එකඟතාවකට පැමිණ ඇති බවක් පෙනෙන බවද ඒ මහතා පෙන්වා දෙයි. “මහින්ද – මෛත්‍රි අතර තියෙන්නේ පෞද්ගලික ගැටුමක් මිස ප්‍රතිපත්තිමය ගැටලුවක් නෙවෙයි. මහින්ද රාජපක්‍ෂට වෛරයක් තියෙනවා තමන්ගේ පක්‍ෂ ලේකම් හොරෙන්ම එළියට ඇවිත් රාජපක්‍ෂගේ ජනාධිපතිකම අහිමි කිරීම ගැන. මෛත්‍රිට වෛරයක් තියෙනවා ඔහු කියන පරිදි මහින්ද රාජපක්‍ෂගේ පවුලෙන් ඔහුට තිබුණා කියන කෙනෙහිලිකම්, ඝාතනයට ලක්කරන්න හිටියා කියන කාරණා හින්දා. අපි කියන්නේ මේ දෙන්නා කාමරයකට දාලා පැය 24ක් ‍ෙදාර ලොක් කරලා තියන්න ඕනෑ. එක්කො ගහගනියි. නැත්නම් බදාගනියි.”

යනුවෙන් අනුර කුමාර මහතා පැවැසුවේ ඊයේ (28දා) සිය පක්‍ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදීය.
හෙතෙම එහිදි මෙසේද කීය.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම වෙනුවෙන් මේ වන විට අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂය කල්පනා කරනවා ඡන්දය කල්දාන්න. ඒ අය හිතනවා මේ මාසේ අප්සෙට් වුණාට ලබන මාසෙ හොඳ වෙයි කියලා. මෛත්‍රි මහත්තයා කල්පනා කරනවා මේ මුහුණ දීලා තියෙන අර්බුදය හින්දා මැතිවරණය කල්දාන්න. මොකද ඔහුගේ ජනපති ධුරය අවලංගු වෙයි කියන බයත් ලක්‍ෂ 62 ඡන්දය තනිවම ඉල්ලුවොත් පහත වැටීමත් එක්ක තියෙන බයත් ඔහුට තියෙනවා. එය දේශපාලනිකව බලපාන බව ඔහු දන්නවා.

2012 දී බැසිල් රාජපක්‍ෂ ගෙනා මැතිවරණ ක්‍රමයේ තිබෙන ගැටලු නිසා මැතිවරණය කල් දමන බව ආණ්ඩුව දිගටම කියනවා. එය අපි පිළිගන්නවා. නමුත් නව ඡන්ද ක්‍රමයක් හා සීමා නිර්ණ ගැටලු හේතුවෙන් වසර 2කට වැඩි කාලයක් ඡන්දය කල්දැම්මා.
ප්‍ර: මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ වාර්තාව නිකුත් වීමෙන් පසු පෙරළියක් ඇති වෙයිද?

පි: කිසි පෙරළියක් වෙන්නෙ නෑ. ගණන් ගත යුතුත් නෑ. මොකද මේ ජනාධිපතිවරයා සතුව පමණක් වාර්තා 17ක් තියෙනවා. ඒ වාර්තා ලබාදෙන්න කියලා මං පාර්ලිමේන්තුවේදිත් කිව්වා. තවම ලැබී නෑ. මීට කලින් ජනපති බරපතළ වංචා දූෂණ විමර්ශන කොමිසමක් තිබුණා. ඒකට චන්න විජේවර්ධන, ජැක්සන් ඇන්තනී, දමිතා අබේරත්න වැනි කලාකරුවන්, ඇවන්ගාඩ් ගනුදෙනුව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්‍ෂ, හමුදා නිලධාරීන් ගෙන්නුවා. විශාල ආන්දෝලනයක් තිබුණා. මේවා රංගන පමණයි අන්තිමට.


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...