Wednesday, November 15, 2017

මුළු ඉතාලියටම ලැබුවාවු අවාසනාවන්ත සිදුවීම

ඉතාලිය විරැකියාව,ආර්ථික සංවර්ධන කටයුතු අඩාලවීම ඇතුලු නොයෙකුත් බාධා අගහිඟ කම්වලින් පීඩා විඳිමින් සිටින මොහොතක ලෝකයේ පාපන්දු ශූරයන් අතර ඉහළින් සිටි ඉතාලිය අවුරුදු 60 කට පසු ලබන වසරේ රුසියාවේදී පැවතීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සුදුසුකම් ලැබීමේ තරඟයකදී ස්වීඩනයට පරාදවී අවාසනාවන්ත ලෙස ඉවත්වී අන්ත අසරණ තත්වයකට පත්විය. තරඟය අවසානයේ ඉතාලි පාපන්දු කණ්ඩායමේ නායක ජීජී බුෆෝන් gigi buffon සමඟින් ඉතාලි ජාතික ක්‍රීඩා ලෝලීන් හැඞු කඳුලින් ක්‍රීඩා පිටියෙන් ඉවත්ව ගිය අයුරු දක්නට ලැබුනි.මෙම අවාසනාවන්ත සිදුවීම සමඟින් නායක ජීජී බුෆෝන්ට තම 6 වන ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට සහභාගී වී ලෝක වාර්තාවක්ද තබමින් පාපන්දු ක්‍රීඩාවෙන් සමුගැනීමට තිබූ මහඟු අවස්ථාව අහිමි විය.කෙසේ වෙතත් ක්‍රීඩා ලෝලී ඉතාලි ජාතිකයින්ගේ මැලවුනු මුහුණු මඟ තොටේදී දකින්නට ලැබුනි.

හිතවත් ඉතාලිය වසර ගණනාවක් අපට රැකවරණය දුන් ඔබ,මේ කණගාටුදායක මොහොතේ ඔබලා සමඟින් ඒ දුක බෙදාගැනීමට ඔබලාගේ පාපන්දු ලෝලී ශ්‍රීලාංකික අපද එක්වන බව සැලකුව මැනවී.


ජීවක වීරසිංහ


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...