Tuesday, November 21, 2017

ඉතාලියේ රැකියාව කරන ඔබගෙනුත් සේවාදායකයා INPS රහස් අංකය ඉල්ලනවාද?



2017 ජුනි මස 14 වනදා (Jobs act - Gazzetta ufficiale 14/06/2017 legge 81/2017) රැකියා පිලිබද නව නීතිය සම්මත වුන බව කවුරැත් දන්නා කරැනක්.

මෙම නීතිය යටතේ ස්වයං කැමැත්තේන් රැකියාවෙන් ඉල්ලා අස් වීමේදී අන්තර්ජාලය ඔස්සේ INPS වෙබ් අඩවිය ඔස්සේ ඉල්ලා අස්වීම (dimissioni) සිදු කිරීම අනිවාර්ය කරනු ලැබුවා.

අන්තර්ජාලය ඔස්සේ ඉල්ලා අස්වීම අනිවාර්ය කිරීමට හේතු වුයේ එමගින් සේවකයා හට තම ස්වකීය ස්වාධීන කැමැත්තෙන් තම ⁣පුද්ගලික PIN නැත්නම් රහස් අංකයෙන් INPS ගිනුමට පිවිස රැකියාවෙන් ඉල්ලා අස්වීම දැනුම් දිමට හා එහිදී සේවාදායකයා ව්සින් ඉල්ලා අස්වීම සදහා බලපෑම් කිරීම වැලැක්වීමටයි.

නමුත් ලාංකිකයන් බොහෝ දෙනා මේ දිනවල මා හමු වී විමසා සිටින්නේ තමන්ගේ සේවාදායකයා (datore di lavoro) රැකියා ගිවිසුම වෙනස් කිරීමට ඇති බව පවසමින් INPS PIN රහස් අංකය ඉල්ලා සිටින බවයි.
"ගිවිසුම Contratto a tempo indeterminato කරනවා, වෙනස් කරනවා යැයි කියමින්ද, ඇතැම් විට බ⁣ල කරමින් පවා, කප්පම් ගැනීමක් මෙන් INPS රහස් අංකය ඉල්ලා සිටී.
මෙම කරුණ සම්බන්ධයෙන් CGIL වැනි සේවකයන්ගේ වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් ⁣කටයුතු කරන ආයතන ඉතාලි රජය වෙත පැමිනිලිකොට ඇත.

INPS රහස් අංකය යනු අතිශය පුද්ගලික තොරතුරකි. මෙය Art. 13 del d. Lgs. 30 giugno 2003, n. 196, "codice in materia di protezione dei dati personali" යටතේ පුද්ගලික තොරතුරැ ආරක්ෂා කිරීමේ නීතියට අනුව මෙම INPS රහස් අංකය ඉල්ලා සිටීමට කිසිවෙකුට අයිතියක් නැත.
එම නිසා ඔබගේ මෙම INPS රහස්‍ය අංකය වෙනත් අයෙකුට ලබා නොදීමට වග බලා ගන්න.

සකස් කලේ: නීතිඥ සචිනි වර්ණකුලසූරිය
39 388 6279735

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...