Thursday, November 16, 2017

පුත්තලමේ අලුත් ත්‍රස්තවාදයක් සනත් නිශාන්තගේ ගෝලයන් සිමෙන්ති ෆැක්ටරියක් වහලා දාන්න හදයි


ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී සනත් නිශාන්තගේ මෙහෙයවීමෙන් පුත්තලම ප්‍රදේශයේ සිමෙන්ති කම්හලක් සම්පූර්ණයෙන්ම වසා දමා එහි සේවයේ නියුතු සේවකයන්ටද තම එදිනෙදා ජීවිකාව සරිකර ගැනීමට නොහැකි තත්වයක් මේ වනවිට උදා වී තිබෙනවා.

දීර්ඝ කාලයක් පුරාවට තිබූ රාජපක්ෂවාදී බලයෙන් අයුතු ලෙස මෙම සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඇසුරුම් අංශයේ කොන්ත්‍රාත්තුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී සනත් නිශාන්තගේ ප්‍රබල ආධාර කරුවෙක් විසින් ලබා ගෙන තිබුනු අතර දේශපාලන හයියෙන් එම ටෙන්ඩරය සමාගමට අවාසි වූවත් එය තබා ගැනීමටය් ඔවුන් ක්‍රියා කර තිබුනේ.

වර්තමානයේදී එම ටෙන්ඩරය අලුත් ආයතනයකට ලබාදීමත් සමග සිමෙන්ති සමාගම පාඩු ලබන ආයතනයක් බවට පත් කරමින් ක්‍රියා කර තිබූ ඇතැම් නිලධාරීන් සහ සේවකයන් නිත්‍යානුකූල ලෙස ඉවත්කර අලුත් සේවකයන් 30 ක්‌ පමණ ආයතනයට බඳවා ගැනීම සඳහා නිත්‍යානුකූල ලෙස සම්මුඛ පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.

එයින් උරන වූ මෙම පිරිස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී සනත් නිශාන්තගේ මෙහෙයවීමෙන් දැන් එම සිමෙන්ති කර්මාන්ත ශාලාවෙන් ඉවත්ව නොගොස් කලබලකාරී ලෙස එහි හැසිරෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...