Saturday, November 11, 2017

යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව තුළ විවෘත ආර්ථිකය වෙනුවන් ඉදිරිපත් වු හොඳම අයවැය

ඉතිහාසයට වඩා අනාගතය වැදගත් බැවින් ප්‍රජාතන්ත්‍රවාදය හා සංහිඳියාව මත පදනම්ව අිර්ථික සංවර්ධනය ඇති කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

රටේ සියළු දෙනාම එකට එක්ව ගමනක් යා හැකි වන ආකාරයේ සිදු කරන ව්‍යාපෘති සදහා සහන ලබා දෙන බව මුදල් අමාත්‍යවරයා 2018 සඳහා වන අයවැය ඉදිරිපත් කිරමින් 09 බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී මේ බව කියා සිටියේය.

”නීල හරිත අයවැය-එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ”යන්න 2018 වසරේ තම අයවැයේ තේමාව බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර අයවැය පාර්ලිමේන්තුව හමුවේ තබමින් සඳහන් කළේය.

”නීල ” ආර්ථිකයක් ගොඩනගනවා. පරිසරාත්මක වශයෙන් තිරසාර ක්‍රමෝපායන් මත පදනම් වන හරිත ක්‍රියාකාරකම් ද සමස්ත වර්ධන ක්‍රමෝපායට ඇතුළත් වෙනවා.අපගේ අතීත මුතුන් මිත්තන් සතුව තිබූ ව්‍යවසායික හැකියාවන්”එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ යළි ප්‍රබෝධමත් කරනවා. එමඟින් ශ්‍රී ලංකාව ඉතා ආකර්ෂණීය වෙළඳ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනු ලබනවා. සෞභාග්‍යමත් රටක පාර්ශවකරුවන් බවට සියළු ශ්‍රී ලාංකිකයන් පත් කරනු ලබනවා” යි අමාත්‍යවරයා පැවසීය.

තමන් ඉදිරිපත් කරන්නේ සහන සහිත අයවැයක් නොව ප්‍රතිපත්තිමය අයවැයක් බව පවසන ඇමැති මංගල තරුණයන්ට සහ කාන්තා ව්‍යවසායකයන්ට වැඩි අවධානයක් මෙවර අයවැයෙන් යොමු කර ඇති බව පෙන්වා දෙයි.

රැඩිකල් අයවැයක්

හිටපු ජනපති ජේ.ආර් ජයවර්ධනගෙන් පසු ඉදිරිපත් කරන ලද රැඩිකල් අයවැයි මෙය බවයි ආර්ථික විශේලේෂකයන් පවසන්නේ.

සහන වෙනුවට දැක්මක් සහිතව රටේ ණය බරින් නිදහස් වෙමින් ඉදිරියට ගමන් කල හැකි යෝජනා මෙන්ම ප්‍රතිපත්තිමය කාරණා රැසක් මෙම අයවැයේ දක්නට ඇති බවද ඔවුන් පවසති.

යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව තුළ විවෘත ආර්ථිකය වෙනුවන් ඉදිරිපත් වු හොඳම අයවැය මෙය බවටයි ආර්ථික විශේලේෂකයන් විශ්වාසය පල කරන්නේ.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...