Monday, November 20, 2017

ෆැමිලියාර් වීසා ලබා දීමේදි ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයෙන් නව නීති

2018 ජනවාරි 1 සිට ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයේ ෆැමිලියාර් වීසා ලබා දීමේදි පහත සදහන් කරැනු විශේෂයෙන් සලකා බලන බව තානාපති කාර්‍ය්‍යාල සදහන් කරයි.

1. විවාහය සදහා ශ්‍රි ලංකාවට පැමිණි බවට ඉදිරිපත් කෙරෙන ගමන් බලපත්‍ර කොපි මෙරට ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් නැවත තහවුරැ කෙරෙන අතර යම් පුද්ගලයෙකු ලංකාවට නොපැමිණ ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර ඇති බවට හෙලි වුවහොත් වීසා ලබාදීම ප්‍රතික්ෂේප කීරීම හෝ දෙදෙනාවම අසාදු ලේඛණ ගත කිරීම සිදු කෙරෙනු ලැබේ.

2. තානාපති කාර්යාලය මගින් ලබා දෙනු ලබන සම්මුඛ පරික්ෂණයේදී දෙදෙනා අතර පැහැදිලි සම්බන්ධතාවයක් තිබු බවට ඔප්පු කිරීමට නොහැකි වුවහොත් එයද වීසා ලබා දීම ප්‍රතික්ෂේප වීමට කරැණක් වනු ඇත. උදාහරණ ලෙස දෙදෙනා අතර ඇති වූ දුරකථන ඇමතුම්, මුදල් එවීම්, විවාහ ලියාපදිංචිය අවස්ථාවේ ගන්නා ලද ජයාරෑප ආදිය පිලිගනු ලැබේ.

ඔබත් ලංකාවට නොපැමිණ වෙනත් කෙනෙකු ලවා ඔබගේ විවාහය සිදු කොට ෆැමිලියාර් වීසා සදහා අයදුම් කල අයෙක්නම් ඔබත් මේ වන විට වීසා නොලැබී යාමේ අවදානමට ලක්ව ඇත.

ගුවන් තොටුපොලේ ආගමන හා විගමන පද්ධතිය තුලට පෙර දිනයක් සදහන් කර දත්ත ඇතුල් කල නොහැකි බව ගුවන් තොටුපල කාර්‍ය්‍ය භාර නිලධාරීයා දැනුම් දෙන අතර එසේ කර දෙන බව පවසා මුදල් ලබා ගන්නා තැනැත්තන්ට හසු නොවන ලෙසත් ඔහු වැඩි දුරටත් දන්වා සිටී.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර අවශ්‍ය කෙනෙකුට 0112252861 අමතා ආගමන හා විගමන කාර්යාලයේන් විස්තර ලබා ගත හැක.


තොරතුරැ අනුග්‍රහය : ඉතාලි තානාපති කාර්යාලයේ වීසා අංශයේ Scandolara මහත්මිය.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...