Monday, November 13, 2017

ඉතාලියේ ජීවත් වන ඔබට නීතිඥයෙකු එවන් ලිපියක් ලැබුනහොත් කුමක් කල යුතුද?


ඉතාලියේ ජීවත් වන ඔබට නීතිඥයෙකු විසින් රෙජිස්ටර් තැපෑලෙන් නොහොත් Raccomandata මාර්ගයෙන් එවන්නාවූ ලිපියක් ලැබුනහොත් කුමක් කල යුතුද?
නීතිඥවරයෙකු මෙවැනි ලිපියක් බො⁣හෝ විට තම සේවාලාභියෙකු (ආයතනයක්/පුද්ගලයකු) වෙනුවෙන් යම් කිසි නීතිමය දැනුවත් කිරීමක් සදහා භාවිතා කරනවා. ඇතැම් විට නඩු මාර්ගයට යාමට පෙර මෙවැනි ලිපියකින් දැනුවත් කිරීම සාමාන්‍යයෙන් සිදු කරනවා.
පලමු වශ⁣යෙන් ඔබ උපදෙස් පතා යන්නේ කවුරැන් ලගටද යන්න තේරැම් ගැනීම ඉතාමත් වැදගත් වනවා.
මා වෙත උප⁣දෙස් සදහා පැමිනෙන ඉතාලියේ ජීවත්වන බොහෝ ලාංකිකයන් තම ප්‍රශ්න දුරදිග යෑමෙන් පසුව,එනම් සිහි කැදවීම් කිහිපයකට පිලිතුරු නොදි උසාවිය තෙක් දුර දිග යාමෙන් පසුව, මාගේ උප⁣දෙස් පතා පැමිනෙනවා. මේ අතර බොහෝ දෙනා නීතිය පිලිබඳ නොදැනුවත්කම නිසා පෙර දැනුම් දීම් නොසලකා හරිනවා.
බැංකු ණයක් හෝ යම්කිසි මූල්‍ය ආයතනයකින් ණයක් ලබා ගැනීමෙන් අනතුරැව එය නොගෙවා සිටීමෙනුත් බො⁣හෝ දෙනා සිතන්නේ "ඉතාලියේ දේපල නොමැති නම් ප්‍රශ්නයක් නැති බවයි"
මෙවැනි වැරදි මතයන් හේතුවෙන් ප්‍රශ්න තවත් උග්‍ර තත්වයට හැරෙනවා.එනම් ඔබට ලැබුනු ලිපියට පිලිතුරු නීතිඥයෙකු මගින් ලබා නොදීමෙන් උසාවියෙන් ඒක පාර්ශික තීන්දුවක් ලබා දිමට ඉඩ තිබෙනවා.බෝහෝ විට ගෙවිය යුතු මුදලට අමතරව නඩු ගාස්තුවද එකතු වනවා.එම සම්පූර්ණ මුදල ඔබගේ වැටුපෙන් 1/5 ලෙසද TFR හෝ විශ්‍රාම වැටුපෙන් කොටස් වශයෙන්ද ලබා ගත හැක. Pignoramento dello stipendio, TFR, pensione (art. 543 c.p.c).
නීතිඥයෙකු විසින් රෙජිස්ටර් තැපෑලෙන් නොහොත් Raccomandata මාර්ගයෙන් එවන්නාවූ ලිපියට පිලිතුරැ ලබාදීම ඉතාම වැදගත් වන්නේ මේ හේතුන් නිසායි.
සකස් කලේ
නීතිඥ සචිනි වර්ණකුලසූරිය
39 388 6279735

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...