Saturday, November 4, 2017

ආණ්ඩුවට ගහන ආණ්ඩුවේ ඇමතිවරු

මෛත්‍රිපාල ජනාධිපතිවරයා මුලුමනින්ම ආණ්ඩුව අකර්මන්‍ය කරවනින් ජනතාවට තමා දුන් පොරොන්දු බල්ලගේ වලිගයේ නොව බල්ලාගේ අඪෝමුකයේ ගසා අවසන්ය. මෛත්‍රිපාල ජනාධිපති කිසිසේත් විධායක ජනාධිපතික්‍රමය ඉවත් කිරීමට අකමැති පුදිගලයකු බවට දැන් ඕනෑවටත් වඩා පෙනීගොස් ඇත.

අනේ මෙහෙමත් රටක් බලය වෙනුවෙන් අම්මා තාත්තා උනත් මරා දැමීමට උනත් පසු බට නොවන දේශ -පාලු කරන්නන් ඉන්න රටක් මේක මේ ගමේ කඩමන්ඩියේ ඇහෙන කතාය. ඒක ඇත්තම තමා අවුරුදු 70 යනකන් දියුණු වෙන්න බැරි රටක් ආය තවත් කල්ප කාන්තාරයකට දියුණු නොවන බවට කැට තියා කිව හැකිය.

අඩුම තරමින් මේ රට බරපතල යුද්ධ දෙක්කටම මුහුණ් දී තිබෙනවා . අඩුම තරමින් ඒ යුද්ධ ඇතිවුයේ ඇයි ? ඊට බලපෑ හේතු මෙනවාද? නැවත එවනි තත්වයක් ඇති නොවීමට නම් කලයුත්තේ කුමක් ද යන්න ගැන වත් අඩුම තරමින් ස්වයං විවේචනයක් කිරිමට බැරි රටක්.

මේ නිසාම ලෝකයා ඊට මැදිවි බලෙන් ඒදේවල කිරීම කිසිවිටකත් අපිට එපා යැයි කිව නොහැකිය. කොහොම උනත් ලංකාවටම මහත් පිලලයක් වු 1978 ආණ්ඩුක්‍රමය දැන් වෙනස කට ලක්විය යුතු කාලය පැමිණ ඇති බව හැමෝගෙම මතයයි.

බහු ආගමික ,බහු ජාතික,හා බහු ,සංස්කෘතිකත්වයක් ඇති රටකට ඊට ගැලපෙන පොදු ජනතාවගේ මතය අනුව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩනැගිය යුතුවාට තවත් විවාදයක් නැත.
පසුගිය කාලානතරයක්ම 1978 යු.ඇන්.පී යම ගෙනා ව්‍යවස්ථාවට අද ඔවුන්ම ඒක හෙලාම විරුද්ධය. ඊට හෙතු ගනනාවක් තිබුණත් ඉන් ප්‍රධානම කරුන නම් 1978 ඇතිකල විධායක ජනාධිපතික්‍රමය මේ රටට ඔරොත්තු නොදෙන තත්වයක් පසුගිය කාලය පුරාවටම තිබුණි.

ඒ නිසාම දැන් නව ආණ්ඩුක්‍රමයක් කරලියට ගෙනවිත් තිබුණත් ජාතියේ අවාසනාව නම් අද වන විට යහපාලනයේම ඉන්න ඇමතිවරු ඊට අකුල් හෙලීමය.

මෛත්‍රිපාල ජනාධිපතිවරයා මුලුමනින්ම ආණ්ඩුව අකර්මන්‍ය කරවනින් ජනතාවට තමා දුන් පොරොන්දු බල්ලගේ වලිගයේ නොව බල්ලාගේ අඪෝමුකයේ ගසා අවසන්ය. මෛත්‍රිපාල ජනාධිපති කිසිසේත් විධායක ජනාධිපතික්‍රමය ඉවත් කිරීමට අකමැති පුදිගලයකු බවට දැන් ඕනෑවටත් වඩා පෙනීගොස් ඇත.

අද යහපාලන ආණ්ඩුවට දිනපතාම පහර ගසන්නෙත් ඒ ඇමති තනතුරුවල සුර සැප විදිමින් සිටිනම කොටසකි. මොවුන් අවංකවම ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරුද්ධ නම තම ඇමති තනතුරු යාන වාහන භාර දී ගෙදර යායුතුය.

මේ වනවිට උතුරු නැගෙනහිර ප්‍රශ්නයට දේශපාලනිකව බලය බෙදා ඒකියව ජීවත් වීමේ උත්සහාය වෙනුවෙන් ඉතාම සාර්ථක පදනමින් ඇති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවට පහර ගසා තවත් වසට ගනනකින් ජාතියටම විදවන්න යුධයක් ගෙනදීමට අද මෛත්‍රිපාලජනාධිපතිගේම කීමට සමහර ඇමතිවරු පයින් ගසා එය ඉරා ද්මනවාය. මේ කරන්නේ තවත් දවසකට රටම බියකරු මොහොතකට ඇදලා දැමීමයි.

ආණ්ඩුවට ආණ්ඩුවේම ඇමතිවරු විරුද්ධ ජනාධිපතිගේ කීමට බව කීමට තවත් අටුවා ටිකා මොකටද .කොහොම උනත් මෛත්‍රිපාලට වැඩිකල් නොයවා ආණ්ඩුවද පක්ෂයද කියන එක තොරගන්න වෙන බව නම් සැබෑය.

අජිත් තෙන්නකෝන්...Lanka Dawasa

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...