Wednesday, November 8, 2017

'ඊ නිව්ස්' එකට දැන්වීම් දෙන්න එපා.-- - ජනාධිපති ගෙන් නියෝගයක්?




ආණ්ඩුව බිඳ දැමීමට කටයුතු කරන 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියට කිසිඳු දැන්වීමක් නොදෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවේ ප්‍රකාශකයකුට දැනුම්දී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

අදාල අමාත්‍යවරයා යටතේ පවතින ආයතනයක් ඊයේ දිනය දක්වා එම වෙබ් අඩවියට දැන්වීමක් ලබාදී තිබු අතර, ජනපති නියෝගයෙන් ඊයේ දිනයේම එම දැන්වීම ඉවත්කර ගෙන තිබේ.

'ලංකා ඊ නිව්ස්' වෙත දැන්වීම් සැපයූ ආයතන වෙත කතා කළ ජනාධිපති ලේකම් කාර්යාලයේ බලධාරීහු එකී දැන්වීම් නතර කර දමන්නැයි නියෝග කළ බව ද එම වෙබ් අඩවිය ඊයේ වාර්තා කර තිබිණ.

''බැඳුම්කර හොරු, විදේශයක සිට මෙහෙයවන වෙබ් අඩවියකට මුදල් ගෙවා මට මඩ ගස්සනවා ....''

පසුගිය මාස කිහිපය පුරා 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව නිර්දය ලෙස විවේචනය කරමින් වාර්තා පළකර තිබිණ.

යහපාලන ආණ්ඩුව ගෙන ඒමට කැපව අපවත් වූ මාදුළුවාවේ සෝභිත මාහිමිපාණන්ගේ දෙවන අනුස්මරණ උත්සවයට ඊයේ (08) සහභාගී වූ ජනාධිපතිවරයා, හොරු ඇල්ලීමට තමන් කොමිසමක් ආරම්භ කරන ලද බවත්, ඉන් හෙලි වූ හොරු, විදේශයක සිට මෙහෙයවන වෙබ් අඩවියකට මුදල් ගෙවා තමන්ට මඩ ගහන බවත් ප්‍රකාශ කළේය.

ඊ නිව්ස් 'බ්ලොක්' කරලා :

මේ අතර, ශ්‍රී ලංකාව තුලදී 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියට ප්‍රවිෂ්ඨවිමට බාධා මතුවී ඇති අතර, ඒ අනුව ඊයේ දහවල් සිට ශ්‍රී ලංකාවේ කිසිදු අයෙකුට www.lankaenews.com වෙත පිවිසිය නොහැකිය.

'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවියට පිවිසීම ශ්‍රී ලංකාව තුල වාරණය කරන්නැයි සියලුම අන්තර්ජාල පහසුකම් සපයන සමාගම් වෙත විදුලි සංදේශ නියාමන කොමිසම විසින් නියෝග කර ඇතැයි එම වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...