Thursday, November 30, 2017

නියෝගය ඒකපාර්ශ්වික යැයි නීතිපති කියයි


පොදු දේපළ පනත යටතේ තමන්ට එරෙහිව පියවර ගැනීමෙන් වළකන ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඒකපාර්ශ්විකව නියෝගයක් දී අැතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය ඊයේ (29) විරෝධතාව පළ කළාය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම සම්බන්ධයෙන් වන නියෝගය ප්‍රකාශ කිරීමට සූදානම්ව ඇති බැවින් නියෝගය ප්‍රකාශ කිරීම කල් තැබිය නොහැකි බව විනිශ්චය මණ්ඩලය සඳහන් කළේය.

එම පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරුන් ඒකපාර්ශ්විකව කළ කරුණු දැක්වීම් පමණක් සැලකිල්ලට ගෙන නීතිපතිවරයාට නොතීසි නිකුත් කිරීමකින් තොරව සහ නීතිපතිවරයාගේ කරුණු විමසීමකින් තොරව අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම නීතියට පටහැනි බව අතිරේක සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය සඳහන් කළාය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීමට එරෙහිව පෙත්සමක් ගොනුකර ඇති බවත් එය සම්බන්ධව ඉකුත් 28 වැනිදා ඔහු‍ෙග් නීතිඥවරු ඒකපාර්ශ්විකව කරුණු ඉදිරිපත් කළ බවත් අදාළ අතුරු තහනම් නියෝගය පිළිබඳ නියෝගය ඊයේ (29) ප්‍රකාශ කරන බවත් තමන් දැනගත්තේ පුවත්පත් මඟින් බවත් ඇය සඳහන් කළාය.

නීතිපතිවරයා හෝ වගඋත්තරකරුවන්ගෙන් කරුණු විමසීමකින් තොරව අතුරු නියෝගයක් නිකුත් කිරීම නීති විරෝධී බව ඇය සඳහන් කළාය. ඒ අනුව නීතිපතිවරය‍ාගෙන් ලැබුණු උපදෙස් මත තමා අධිකරණයට පැමිණි බවත්, පෙත්සම සහ අතුරු තහනම් නියෝගය නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන් විරෝධය දක්වන බවත් ඇය කීවාය. එබැවින් එම අතුරු තහනම් ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීමට පෙර කරුණු දැක්වීම සඳහා තමන්ට අවසර දෙන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

එක පාර්ශ්වයකට පමණක් කරුණු දැක්වීමට ඉඩදී අතුරු නියෝගයක් නිකුත් කිරීම නීතියට පටහැනි බව සඳහන් කළ ඇය වගඋත්තරකරුවන් වෙනුවෙන් නොතීසි තමන් බාරගන්නා බවත්, ඔවුන්ගේ උපදෙස් මත කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියාය.

කෙසේ වූවද අධිකරණය අදාළ නියෝගය ප්‍රකාශ කිරීමට සූදානම්ව ඇති බැවින් එය පසුවට කල් තැබිය නොහැකි බව විනිසුරුමඬුල්ල සඳහන් කළේය.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...