Wednesday, November 22, 2017

මුගාබේ පාලනය අවසන්

දශක හතරකට ආසන්න කාලයක් රට පාලනය කල සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ සිය ජනාධිපති දූරයෙන් ඉල්ලා අස්වී ඇත. සිම්බාබ්වේ පාර්ලිමේතුවේ කතානායක විසින් මෙය ප්‍රකශ කිරීමත් සමගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ප්‍රීතියෙන් ඔල්වරසන් හඬ නගන්නට පටන් ගත් බවට විදෙස් පුවත් වාර්තා කරයි. පසුගිය සතියේ සිම්බාබ්වේ හමුදාව විසින් රටේ පාලනය අල්ලා ගත පසුවද මුගාබේ විසින් සිය ජනාධිපති පදවියෙන් ඉල්ලා අස් නොවී දිගින් දිගටම රැඳී සිටියහ. පසුව මුගාබේ නායකත්වය දුන් ෂානු-පීඑෆ් පක්ෂය විසින් දෝෂාභියෝගයක් මගින් මුගාබේව නෙරපා හැරීමට සැලසුම් සකස් කොට තිබුණි. ඉදිරි දින දෙක ඇතුලත දෝෂාභියෝගය සම්මත වීමට නියමිතව තිබු නමුත් ඊට පෙර මුගාබේ විසින් ඉල්ලා අස්විය.

පසුගිය කාලයේදී මුගාබේ විසින් උප ජනාධිපති එමර්සන් මනන්ගාවා (Emmerson Mnangagwa ) බලයෙන් නෙරපන ලදි. ඉන් පසුව දිගින් දිගටම එමර්සන් මනන්ගාවා හට ජිවිත තර්ජන එල්ලවූ බැවින් රහසේම රටෙන් පලා ගියහ. මේවන විට එමර්සන් මනන්ගාවා රැඳී සිටින ස්ථානය ප්‍රසිද්ධියට පත් කොට නැත.

මුගාබේගේ ඉල්ලා අස්වීමත් සමග සිම්බාබ්වේ ජනතාව මහත් ප්‍රීතියෙන් ඔල්වරසන් දෙන්නට ගෙන ඇත. මේ වන විට ජනතාව මහා මාර්ගවල ප්‍රීතියෙන් නටමින් තම සතුට භුක්ති විඳිනු දැක ගත හැකිය.

මහා මාර්ගවල ප්‍රීතිවන ජනතාව


මුගාබේ ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තුවට කතා නායකවරයා දැනුම් දුන් විට මන්ත්‍රී වරු සතුට ප්‍රකශ කල ආකාරය..

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...