Saturday, November 18, 2017

ප්‍රමාදවී ඥාණසාර හිමිගෙන් රටට විශේෂ ප්‍රකාශයක්

ගාල්ල ගිංතොට සිදුවෙමින් පවතින සිද්දීන් සම්බන්ධයෙන් අද අලුයම ඥාණසාර හිමියන් විසින් සිය අදහස් මෙසේ ප්‍රකාශ කළහ.

ඊයේ ගාල්ල ගිංතොට ප්‍රදේශයේ රට තුල සිදු නොවිය යුතු සිදුවීම් පෙලක් සිදුවෙමින් පවතිනවා. ඉතා සුලු සිද්ධියකට නූගත් තරුණ පිරිසකගේ මැදිහත් වීමක් නිසා දරුණු කේදවාචකයක් බවට පත්වී තිබෙනවා.

මම එම ප්‍රදේශයේ පූජ්‍ය පක්ෂයෙන් ඉල්ලා සිටින්නේ මෙම තත්වය ඔබතුමන්ලාගේ මැදිහත් වීමෙන් ඉක්මනින් සමාදානයෙන් අවසන් කරන ලෙසයි. වසර 30 ක් යුද්ධයෙන් බැට කෑ අපේ රටට තවත් එවැනි අමිහිරි අත්දැකීමක් ලබන්න මා කිසිසේත් සූදානම් නෑ. එමනිසා බෞද්ධ ජනතාවගෙන් මෙන්ම මුස්ලිම් ජනතාවගෙන් ද මා ඉල්ලා සිටින්නේ ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි.

ඉතා සුලුවට ගිය ප්‍රශ්නයක් මේ වගේ ව්‍යසනයක් බවට පත් උනේ තමන් මහසොහොනුන් ලෙස හඳුන්වා ගන්නා එක්තරා මනුෂ්‍යයින් නොවන මුදලට ගිජු සංවිධානයක් බොරු තොරතුරු සමාජ ජාලාවේ ප්‍රසිද්ධ කිරීම නිසයි. එම සංවිධානය වගකිවයුත්තන්ගේ අවදානයට ලක්වේවි යැයි මා විශ්වාස කරනවා.

මෙවැනි රට තුල ක්‍රියාත්මක වන අනෙකුත් සංවිධාන ගැනත් සොයා බලා නීතිය ක්‍රියාත්මක කල යුතුයි.

රට නැවත් ලේ විලක් කිරීමට උත්සහ කරන සියලු පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගනී කියා මා විශ්වාස කරනවා. බුද්ධිමත්ව සිතා බලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ ආකාරයට ගියොත් රටේ කිසිම ජාතියකුට එකට එක්ව ජීවත් වෙන්න බැරි තත්වයක් උදාවේවි. සිංහල මිනිහා යන පාරෙ මුස්ලිම් මිනිහෙක් ගියත්,මුස්ලිම් මිනිහා යන පාරේ සිංහල මිනිහෙක් හියත් ගහ මරා ගනීවි. ඇතැම් අයට අවශ්‍ය වෙලා තියෙන්නෙ එයයි. 

එම නිසා හිතේ තනිකමට හා පාළුකමට පොඩි ලඳරුවන් සමාජ ජාලා වල ප්‍රචාරය කරන බොරු ප්‍රචාර වලට නොරැවටී බුද්ධිමත්ව කල්පනාවෙන් කටයුතු කරන ලෙස මා රටේ සියළු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...