Sunday, November 19, 2017

පුද්ගලික වර්ණනා බලාපොරොත්තු නොවන රනිල් වික්‍රමසිංහ ගැන සඳහනක් අවශ්‍ය මොහොතක් නිසා සටහන් තබමි



අද වෙද්දී දේශපාලන ලෝකය උණුසුම් කරමින් බැඳුම්කර සිද්ධිය පුවත් මවමින් ඇත, මාතෘකාවට වික්‍රමසිංහ නම ඉහළින්ම තියෙන නිසා යුතුකමක් විදිහට අපි ඒ ගැනත් කතා කරමු

වික්‍රමසිංහ දේශපාලනයට ආව විදිහත් දේශපාලන ජීවිතය තුළ ගෞරවය රැකගත් විදිහත් අපි දනිමු, තරුණ නායකයෙක් විදිහට නිර්මාණශීලී දේශපාලනය සහා වෙනස්වන ලෝකය ගැන ඇති උනන්දුව ඔහුටම ආවේණික ලක්ෂණයක් වූ නිසාම ඉහළට යන්න පුළුවන් උනා
ඔහු රට අරාජික වීමට ගිය අවස්ථා කිහිපයකදී කැපීපෙනෙන චරිතයක් වීම විශේෂත්වයකි, ප්‍රේමදාසට එරෙහි දෝෂාභියෝගය පරාජය කිරීමේ ප්‍රමුඛ කාර්යභාරය කළේ ඔහුයි, ජනාධිපති ප්‍රේමදාස ඝාතනය වූ අවස්ථාවේ රටේ ස්ථාවරභාවය ආරක්ෂා කරන්න මුල් උනෙත් ඔහුයි, කෙටි කාලයකට අගමැති වූ ඔහු නැගෙනහිර සම්පූර්ණයෙන්ම කොටින්ගෙන් ගලවාගන්න සමතුවිය, ලංකා හමුදා ඉතිහාසය ලියැවෙද්දී වික්‍රමසිංහ නම විශේෂයෙන් සඳහන්ව ඇත්තේ ආරක්ෂක අංශ සඳහා විශේෂ පහසුකම් දුන් අයෙක් විදිහටයි

දෙදහා වසර වෙද්දී රටේ ආරක්ෂාව මුළුමනින්ම බිඳවැටී, ගුවන්තොටුපළ වරාය වගෙ ආර්ථික මර්මස්ථාන පවා කොටින්ගෙ ප්‍රහාරයට ලක්වෙද්දී 2001 බලයට පත්වු වික්‍රමසිංහ ⁣එම තත්ත්වය වෙනස් කරමින් රටේ ආරක්ෂාව තහවුරු කරමින් ආර්ථික ස්ථාවරත්වය හදන්න සමත්විය
2015 ⁣වෙද්දී රාජපක්ෂ ජුන්ටාව රටට ආර්ථික සම්බාධක පවා වැටෙන තත්ත්වයට ඇද දමා තිබියදී එය අකර්මණ්‍ය කරමින් ආණ්ඩු පෙරලියක් මගින් තත්වය වෙනස්කලා

වික්‍රමසිංහයන්ගේ දේශපාලන හැකියාව එයයි

දැන් චෝදනා ගැන කතාකරමු, අධ්‍යාපන ධවල පත්‍රිකාවක් ගැන කිව්වත් එහෙම එකක් දැකපු කෙනෙක් නැත , නමුත් අධ්‍යාපනයට වැඩියෙන්ම වැඩ කළේ ඔහුයි

බටලන්දක් ගැන කිව්වත් ඔහුව අත්අඩංගුවට ගන්න බැරි උනේ හුදෙක් එය දේශපාලන මඩක් නිසාවෙනි , නමුත් ඔහුයි තාරුණ්‍යයට වැඩියෙන්ම වැඩ කරපු නායකයා

කොටින්ට රට පාවාදුන්නා කිව්වත් ඔහු කළේ ජාත්‍යන්තරය පිළිගත් ක්‍රම වේදයකට ප්‍රසිද්ධ සටන් විරාමයකට යෑමයි, චෝදනා කරපු අයද 2006 වනතුරු එය පවත්වාගෙන ගියා, කොටි මාවිල්ආරු වැහුවෙ නැත්නම් අදටත් පවතීවි

මහබැංකුව මංකොල්ල කෑවා කිව්වත් සිදුවීම එසේ නොවේ, බලයට පත් ආණ්ඩුව නව බදු අඩුකිරීම් සහා වැටුප් වැඩිකිරීම් නිසා මුදල් අර්බුදයක හිරවුණා, එහිදී අගමැතිවරයා මුදල් අමාත්‍යාංශයෙන් ක්ෂණිකව මුදල් ඉල්ලා සිටිය අතර එයට තිබුණ පහසුම ක්‍රමය බැඳුම්කර වෙන්දේසිය පමණයි , එතනදී

රජයේ ස්ථාවරභාවය සඳහා මුදල් ඉල්ලීම සාමාන්‍ය දෙයක්, නමුත් ගැනුම්කරුවන් එක් අයෙකු පමණක් වීම සහා ගැණුම්කරු සහා මහබැංකු අධිපති ඥාතින් වීම වෙනත් කරුණක්, මුදල් ඇමති හිතවතෙක් වීම තවත් කරුණක් , නමුත් මෑත ඉතිහාසයේ මහබැංකුව නිකුත්කළ බැඳුම්කර සඳහා ප්‍රමුඛ ගැණුම්කරු ඇලෝසියස් මුදලාලි, රාජපක්ෂ සමයේදී තමයි ඉහළින්ම ඒක කෙරුණේ , නමුත් එය සම්ප්‍රදායක් විය යුතු නැත , විනිවිද බවක් තිබිය යුතුයි , වික්‍රමසිංහ නිකුත් කළ නියෝගයේ කිසිදු වැරැද්දක් නැත , නමුත් එය ක්‍රියාත්මක වූ විදිහයි වැදගත් , රනිල්ව බිත්තියට හේත්තු කරන්න බැරි කාරනව එයයි .

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...