Wednesday, November 29, 2017

පොල්පිතිගමදී හමු වූ ඇත් දල යුගල ගල්ගමුවේ දල පූට්ටුවාගේ බවට තහවුරු වෙයි


දළ පූට්ටුවාගේ බවට සැක කෙරෙන දළ ඇතෙකුගේ මළ සිරුරක් පල්ලේකැළේ රක්ෂිතයෙන් සොයා ගනී

දළ පූට්ටුවා මැරූ අයට උපරිම දඬුවම් - වනජීවී ඇමැති

සති 3ක පමණ කාලයක සිට අතුරුදන්ව සිටි ගල්ගමුව දළ පූට්ටුවා නමැති හස්ථියාගේ සිරුර සොයාගත්තා. කහල්ල පල්ලේකැළේ රක්‍ෂිතයට අයත් සොරොව් වැව ආසන්න‍ ප්‍රදේශයේදීයි මෙම සිරුර සොයාගෙන ඇත්තේ.දළ පූට්ටුවා නමින් හැඳින්වෙන මෙම හස්ථියා මෙරට සිටින දළ පූට්ටු හස්ථීන් හතර දෙනාගෙන් එක් හස්ථියෙක්. මෙම සත්ත්වයාගේ වයස අවුරුදු 50ක් පමණ වන බවයි සැලකෙන්නේ.

පසුගියදා වලාන දූෂණ මර්දන ඒකකයට ඇත් දළ යුගළක් හමුවීමත් සමග එය ගල්ගමුවේ දළ පූට්ටුවාගේ බවට සැකයක් මතුවුණා. ඒ ඔස්සේ කළ විමර්ශනවලදීයි මෙම හස්ථියා අතුරුදන්වී ඇති බව තහවුරු කර ගත්තේ. මේ පිළිබඳ මහත් ආන්දෝලනයක් ඇති වූ අතර දළ පූට්ටුවා සෙවීමේ මෙහෙයුම් සඳහා කණ්ඩායම් 8කට අයත් නිලධාරීන් සිය දෙනෙකු පමණ යොදවා තිබුණා. වනජීවී නිලධාරීන් , සිවිල් ආරක්‍ෂක බලකාය , පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහාය ඇතිවයි එම කටයුතු ක්‍රියාත්මක කෙරුණේ. සිද්ධිය සම්බන්ධයෙන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. කහල්ල පල්ලේකැළේ රක්‍ෂිතයේ කළ විමර්ශනවලදීයි වළ දැමූ හස්ථියාගේ සිරුර සොයා ගත්තේ. දළ පූට්ටුවාගේ දකුණු පාදයේ තිබූ තුවාලයක් හා හිස්කබල තුළ ඇත් දළ ගැලවූ බවට තිබූ සලකුණු ද සැලකිල්ලට ගනිමින් එම සිරුර දළ පූට්ටුවාගේම බවට වනජීවී නිලධාරීන් තහවුරු කර ගත්තා. කෙසේ වුව ද පරිසර සංවිධාන කිහිපයක පිරිසක් වනජීවී දෙපාර්තමේන්තුවට අද පැමිණ මෙම හස්තියා අතුරුදන් වීම පිළිබඳ ප්‍රශ්න කර සිටියා. එහිදී උණුසුම් තත්ත්වයක් ද ඇති වුණා.

මේ පිළිබඳ විමර්ශන විධිමත් කරන ලෙසයි සාකච්ඡාවට එක් වූ පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කළේ. මාධ්‍ය හමුවක් පවත්වමින් වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියාසිටියේ වැරදිකරුවන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවයි.



No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...