Wednesday, November 29, 2017

‘ගැට දෙකක් තියෙනවාද කියලා අතගාලා බලන්න’


එජාපය සහ නිදහස් පක්ෂය යනු එකම කඳවුරක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එම පෙරමුණෙහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ මෙම පක්ෂ දෙක එකම කඳවුරක් නොවෙයි නම් ජනාධිපතිවරයා නිදහස් පක්ෂයෙනුත් අගමැතිවරයා එජාපයෙනුත් වශයෙන් රට පාලනය කළ නොහැකි බවයි.

එමෙන්ම එයට නිදසුනක් ලෙස ඇතැම් අමාත්‍යංශවල ඇමති එක් පක්ෂයකිනුත් නියෝජ්‍ය ඇමති අනෙක් පක්ෂයෙනුත් බිහිවී ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.

“රට හදපු අපට ගම හදන්න දෙන්න” යැයි රනිල් වික්‍රමසිංහ මහතා පවසන නමුත් ඔවුන් සැබෑ ලෙසම රට හැදුවා දැයි දිසානායක මහතා ප්‍රශ්ණ කර සිටියා.

රටේ බලය ගත් පසු මහබැංකුවට පහර ගැසුවානම් ගමේ බලය ගතහොත් සමූපකාර බැංකුවට පහර වැදීම අනිවාර්ය බවයි ඔහු පැවසුවේ.

ප්‍රධාන පක්ෂ ගම හදනු ඇති බවට විශ්වාස කරමින් ප්‍රාදේශීය සභාවන්හි බලය ලබා දෙමු යැයි කවරෙකු හෝ සිතන්නේ නම් එසේ සිතන අතරතුර හිස අතගා බලා ගැට දෙකක් තිබේ දැයි පරීක්ෂා කරන ලෙස ද ජවිපෙ නායකයා ඉල්ලා සිටියා....වීඩියෝව පහතින් බලන්න



No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...