Sunday, December 17, 2017

පාර යුරෝපයේ වගේ,ජනතාවගේ ජීවිතය ඉතියෝපියාව වගේ – අනුර මහින්දගේ පතුරු ගලවයි-- (video)

දෙසැම්බර් 18, 2017.

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක.

එළඹෙන පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන පක්ෂ අතර මේ වන විට යම් ආන්දෝලනාත්මක පක්ෂයක් ලෙස මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරමින් සිටි.ආන්දෝලනාත්මක වන්නට හේතුව වන්නේ ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගැලවී වෙනම තරග කිරීම නිසා පමණක් බව බොහෝ දේශපාලන මතධාරීන් සදහන් කර සිටි.

ඒ මන්ද යත් රාජපක්ෂ මහතාගේ සමයේ ප්‍රාදේශීය සභා වල සභාපතිවරුන් ලෙස කටයුතු කල බොහෝ දෙනෙක් දුෂණ හා වංචා රැසකට මෙන්ම මැර දේශපාලනය නිසා නිතිය ඉදිරියේ වරදකරුවන් වී සිටින නිසාය.

මෙම කණ්ඩායම මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමේදී කුමන සටන් පාටයකින් පැමිණේද යන්න පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර මහතා ඔවුන්ගේ ජාතික මහා සමුළුවේදී අදහස් දක්වන ලදී.

එහිදී ඔහු කියා සිටියේ දේශප්‍රේමීත්වය මුලට දමා ගනිමින් පොහොට්ටු කල්ලිය මැතිවරණයට පැමිණෙන බවය.එසේම එම දේශප්‍රේමීත්වය වචනයට පමණක් සිමා වූ එකක් බවත් සිහින් වැසි පොදකට පවා ඔවුන්ගේ දේශප්‍රේමීත්වය සේදී යන බවත් සදහන් කරන ලදී.ජනතාවගේ මුදල් ගසා කමින් ගොඩනගන්නට යන දේශප්‍රේමීත්වය පුස්සක් බවද හෙතෙම වැඩි දුරටත් සදහන් කරන ලදී.

එසේම මහින්ද රාජපක්ෂ මහතාගේ යුගයේ ඉදිකළ මංතීරු 6ක සුරියවැව ප්‍රදේශයේ මාර්ගයක් පිළිබඳව සදහන් කල ඒ මහතා කියා සිටියේ “පාර යුරෝපයේ වගේ,නමුත් ජනතාවගේ ජීවිතය ඉතියෝපියාව වගේ ” කියාය.එනම් මහජනතාවට නොදැනෙන මහජනතාවගේ ජිවිතයට සම්භන්ද නොවූ සංවර්ධනයක් පමණක් මහින්ද රාජපක්ෂ මහතා සිදුකල බවයි.


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...