Saturday, December 16, 2017

හිටපු මහ බැංකු අධිපති කබ්රාල් සියල්ල වමාරයි; නාමල්ට ඇප නැති වෙන ලකුණු...


හිටපු මහ බැංකු අධිපතිවරයකු වූ අජිත් නිවාඩ් කබ්රාල් විසින් කු.පා.ම. මහින්ද රාජපක්ෂගේ පුත් හ.පා.ම නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස් සිදුකළ ජාවාරම් ඇතුළු කුප්‍රකට මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් තොරතුරු වමාරමින් තොරතුරු අනාවරණය කොට ඇත.
රාජපක‍ෂ පාලන සමයේ දී මෙම ක්‍රීඩා උලෙළ ලංකාවට දිනා ගැනීම සඳහා සී.ඩබ්ලිව්.ජී. හම්බන්තොට 2018 (පෞද්ගලික) සමාගම යනුවෙන් වෙන ම සමාගමක් පිහිටුවා රුපියල් මිලියන 700ක මුදල අවභාවිත කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේ අසා තිබූ පැණයකට පිළිතුරු දෙමින් විෂය භාර ඇමති, කබීර් හෂීම් අනාවරණය කිරිමත් සමග මෙම පාවාදීම සිදුකර තිබේ.

වර්ෂ 2018දී පැවැත්වීමට නියමිතව තිබෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ ලංකාවට ලබා ගැනීමේ මුවාවෙන් රුපියල් මිලියන 700ක මහජන ධනයක් අවභාවිත කර ඇති බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

ක්‍රීඩා උලෙළ පැවැත්වීමේ අවස්ථාව හිමි කර ගැනීමට සාමාජික රටවල් බහුතරයකගේ ඡන්දයෙන් ජයග්‍රහණය කළ යුතු විය. නමුත්, එම ඡන්ද විමසීමේ දී ලංකාවට 15ක් හා ඕස්ට්‍රේලියාවට ඡන්ද 42ක් ලැබීමෙන් ලංකාව පරාජයට පත් විය.

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධුරය දරන අතර, මෙම ක්‍රීඩා උළෙල වෙනුවෙන් බව ප්‍රකාශ කරමින් පිහිටවූ ප්‍රබල කමිටුවක සාමාජිකයෙක් වී සිටි අතර පසුව කබීර් හෂීම් විසින් ලබා දෙන ලද පිළිතුරු සම්බන්ධයෙන් පුවත් පත් නිවේදනයක් නිකුත් කළ හිටපු මහ බැංකු අධිපතිවරයකු වූ අජිත් නිවාඩ් කබ්රාල්

“පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ කෝටි 70 වියදම් වූයේ මෙහෙමයි”යනුවෙන් කබ්රාල් කළ පැහැදිලි කිරීම පුවත් පත්වල වාර්තා කර තිබිණි. කබ්රාල්ගේ නිවේදනයේ නාමල් රාජපක‍ෂ පාවා දී තිබුණේ පහත පරිදි ය.


මෙම අභියෝගාත්මක කාර්යභාරය සාර්ථකව සංවිධානය කිරීම සඳහා සංවිධායක කමිටුව ඉහළ පෙළේ පුද්ගලයන් රාශියකින් සමන්විත විය. එවකට විදේශ රැකියා සහ සුභසාධන ඇමති, වර්තමාන මහාමාර්ග රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී, නාමල් රාජපක්ෂ මහතා, අමාත්‍යාංශ ලේකම්වරුන් රාශියක්, ආරක්ෂක සේවයේ ප්‍රධානීන්,ත්‍රිවිධ හමුදාවල හමුදාපතිවරු. පොලිස්පති, ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන්, ඇතුළු ඉහළ ක්‍රීඩා ක්ෂේත්‍රයේ නිලධාරීහු’ ආදී වශයෙන් නිලධාරීන් රාශියක් ද එමගින් පාවා දී තිබේ.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...