Friday, December 29, 2017

දයා පතිරණ නිතරම ප්‍රගතිශීලී දේශපාලන ක්‍රියාධරයින්ගෙන් අහපු ප්‍රශ්නය අදත් සමාජවාදී ශිෂ්‍ය සංගමය’ත් ‘අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය’ත් මුනිවත රකී.......

දෙසැම්බර් 29, 2017.


තිස් එක් වසරක් ගිය ද අද වනතුරුත් ‘ජවිපෙ’ මෙන්ම ‘පෙසපය’ත්, ශිෂ්‍ය විරු සැමරුම් පවත්වන එකල සිට පවතින ජවිපෙ ‘සමාජවාදී ශිෂ්‍ය සංගමය’ත් ‘අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය’ත් ඔහු පිළිබද මුනිවත රකී.

ඒ මෙවැනි ම එක්තරා දෙසැම්බරයක ගෙල සිද හුස්ම නවතා ලූ ‘දයා පියසිරි හේවාපතිරණ‘ හෙවත් ලාංකේය වාමාංශික ඉතිහාසයෙන් මකාලන්නට තනන වාම මුහුණුවරකින් පෙනී සිටින්නවුන්ට ඔවුන්ගේ විපරීතත්වය නිරාවරණය කරවන උතුරෙ දෙමළ ජනයාගෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය වෙනුවෙන් අරගල කළ කිසිවිටක මගහැරයානොහැකි ‘දයා පතිරණ‘ නම් චරිතයයි.ඒ 1985 දෙසැම්බර් 15 දිනයෙ තුම්මුල්ල ශාන්ති විහාර් හෝටලය අසල දී කොළඹ විශ්වවිද්‍යාලයෙ ‘ස්වාධීන ශිෂ්‍ය සංගම්‘ නායක දයා පතිරණව සහ ඔහුගෙ සගයා වු සෝමසිරි සමග පැහැරගෙන ගොස් කිදෙල්පිටිය ගං ඉවුරක කෙටේරියකින් ගෙල කපා ඝාතනය කර තිබුණු අතර ඉන් සෝමසිරි කෙසෙ හො දිවි ගලවාගෙන තිබූ අතරම මෙම පැහැරගැනීම සිදුවන්නෙ ජනතා විමුක්ති පෙරමුණ හි සාමාජිකයන් දෙදෙනෙක් සමග දේශපාලන සාකච්ඡුාවකට යමින් සිටින අතරතුර දී ය.

එම සාහසික ක‍්‍රියාව කෙටියෙන් දැක්වුවහොත් එසේය.මෙම සාහසික ක‍්‍රියාව සම්බන්ධයෙන් සෘජුවම විවේචනය එල්ල වන්නේ දයා පතිරණ ජාතික ගැටලූව සම්බන්ධයෙන් දැරූ මාක්ස්වාදී ස්ථාවරයට විරුද්ධ ව අනෙක් පස සිටි එවකට විශාල බලයක් ගොඩනගාගෙන තිබූ ‘ජනතා විමුක්ති පෙරමුණ‘ටයි. ඊට හේතු නම් දයා පතිරණ විසින් මාක්ස්වාදී දෘෂ්ටිකෝණයට හාත්පස වෙනස් ගැටලූකාරී ආස්ථානයක සිටින ජනතා විමුක්ති පෙරමුණෙහි ජාතික ගැටලූව සම්බන්ධ ප‍්‍රවේශය තියුණු ලෙස විවේචනය කිරීම,එවගේම ඉතා දැඩි ව ශිෂ්‍ය දේශපාලනය තුළ මුල් බසිමින් තිබූ සිංහල ජාතිවාදී සාරයන් වලට විරුද්ධ වීම ආදි කාරණා නිසා ජව්පෙ දයා පතිරණ ඇතුලූ පිරිස් සමග මතභේදාත්මක ගැටුම් වල සිට ශාරීරික ගැටුම් ද විටින් විට සිදු කිරීමත් තොටියකුගෙ ආධාරයෙන් දිවි ගලවාගත් සෝමසිරි ගෙ හෙළිදරව් කිරීම් ලෙස ඊට පැහැදිලි කරුණුමය ලෙස හේතු කීපය ගොනු කළ හැකි. එවකට පද්මසිරි වැනි ශිෂ්‍ය ඝාතන වලට එරෙහි අරගල, 85 පුද්ගලික විශ්වවිද්‍යාල පනතට විරුද්ධ අරගලය ආදි අරගල වල පවා දයා පතිරණ ඇතුළු ස්වාධීන ශිෂ්‍ය සංගමය සිටි සංදර්භයක දීත් ජවි’පෙ විසින් ප‍්‍රචන්ඩ සහ ම්ලේච්ඡු ලෙස ලේ හැලීම් පවා සිදු කරන තත්වයක ‘ජවිපෙහි පොළව යනු කුමක් ද?’ යන ප‍්‍රශ්නය ඇසීමට සිදුවීම නවතාලිය නොහැක.

ජවිපෙ එහි ළදරු අවධියෙ පටන් ම ප‍්‍රකාශමාන කරනු ලැබුයේ දකුණෙ සිංහල ජාතිවාදී බහුතරයගෙ අදහස් බව එහි ගලාගෙන ඒම තුළ පෙනේ මුල් කාලීන ජනතා විමුක්ති පෙරමුණෙ හි ප‍්‍රධාන ලේකම් ව් සිටි ලයනල් බෝපගෙ විසින් ලියූ දෙමළ ජාතික ස්වයං නීර්ණ අයිතිය පිළිගැනීම මත පදනම් වූ කෘතිය ඉවතලමින් නිෂේධනය කරමින් ජවිපෙ වර්තමානයට ද පදනම වූ 1986 දී රෝහණ විජේවීර විසින් ‘දෙමළ ඊළාම් අරගලයට විසදුම කුමක් ද?‘ කෘතිය සම්පාදනය කරන ලදීි. එහි දෙමළ ජාතික ගැටලූව සම්බන්ධයෙන් ප‍්‍රකාශනය කැටි කළහොත් ඔවුන්ගේ ස්ථාවරය වූයේ බෙදුම්වාදයට හා දෙමළ රාජ්‍යක් පිහිටුවීමට විරුද්ධ වීම සහ ඒ වෙනුවෙන් වූ සංවිධානවලට එරෙහි වීමයි’ ජනතා විමුක්ති පෙරමුණෙ හි මංගල කලාපයේ සිටම ජවිපෙ විසින් වෘත්තීය සංගම්,වතු කම්කරුවන් ගැන ප‍්‍රකාශවල , ආමන්ත‍්‍රණය කිරීම්වල පැවති සිංහල ජාතිවාදිමය සාරය පිළිබදවත්,මාක්ස්වාදී විරෝධී බව ගැනත් ‘විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය(විකොස)‘ හි කීර්ති බාලසූරිය විසින් 1970 ගණන්වලදී පැහැදිලිව ම කරුණු සහිතව රචනා කරන ලදී’ කොළරාව ලංකාවට ආවේ වතුකම්කරුවන් නිසා කියා ජවිපෙ දේශණ වල ප‍්‍රකාශ කර ඇති බව කීර්ති බාලසූරිය ලියා ඇත. එතරම්ම උමතු ප‍්‍රකාශ ජවිපෙ විසින් ප‍්‍රකාශ කිරීම තුළ ඔවුන්ගේ සාරය දිශානතව තිබෙන්නෙ දකුණෙ සිංහල ජාතිවාදය කේන්ද‍්‍රීයව බව මනාවට පෙනී යයිි.

80 ගණන් වලත් ඉන් පසුවත් ජවිපෙ කියා සිටියේ බෙදුම්වාදය නොව සැබෑ අරගලය සිදුවිය යුත්තේ සමාජවාදය සදහා කියාය මෙලෙස ප‍්‍රකාශ සහ භාවිතය තුළින් ඔවුන් කියන්නාවූ මාක්ස්වාදය හා පරස්පර බව පෙනේ රෝහණ විජේවීරගෙන් පසුව ඔහුටත් වඩා තීව‍්‍ර ලෙස ජනතා විමුක්ති පෙරමුණෙ (පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද ඇතුලූව) හි නව පිරිස් එය ප‍්‍රකාශමාන කළේය ‘දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය‘ සහ එහි ප‍්‍රකාශනය වූ ‘මුරගල‘ වැනි සගරා,එමෙන් ම ‘මානෙල් මල් ව්‍යාපාරය‘ වැනි ජවිපෙ විසින් නිර්මාණය කළ සංවිධානවල ක‍්‍රියාකාරිත්වය විසින් ඔවුන් තවදුරටත් සිංහල ජාතිවාදී කුලකය පමණක් කේන්ද‍්‍රකරගත් ගමන් මගක යන බව තව තවත් සනාථ කරන ලදී’ ජනතා විමුක්ති පෙරමුණ කිසිදු අයුරකින් PLOTE,TELO,EPRLF වැනි උතුරේ විමුක්තිවාදී සංවිධාන සමග සංවාදය හිතාමතාම ඇති කරනොගත්තා සේම , PLOTE,TELO වැනි විමුක්තිමය අරමුණකින් සැදුම්ලත් සංවිධාන සමග සම්බන්ධතා ගොඩනගාගත් උතුරේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටි දයා පතිරණ වැනි අයට දිගින් දිගටම ප‍්‍රහාර එල්ල කරමින් ම්ලේච්ඡත්වය දියත් කළේය ජවිපෙ හි සංවිධානයක් වන මානෙල් මල් ව්‍යාපාරයෙ නායකයන් උතුරේ ක‍්‍රියාන්විතයේ නියුතු සිංහල ආණ්ඩුවේ හමුදාවට සුබ පැතීමට හමුදා කදවුරුවලට ගිය අතර 2006 නොවැම්බර් තිස් වන දින ජවිපෙ විසින් පාර්ලිමේන්තුවේදි විශේෂ ව කීවේ ‘‘ත‍්‍රස්තවාදයෙන් දෙමළ ජනයා නිදහස් කරගැනීමට ආණ්ඩුව පියවර ගත යුතු බව‘‘ කී අතර ආණ්ඩුවේ ආරක්ශක ලේකම් ‘ගෝඨාභය රාජපක්ෂ‘ට බෝම්බ ගැසූ 2006 දෙසැම්බර් 1 දින ජවිපෙ විසින් රූපවාහිනි මාධ්‍යකදී කීවේ ‘‘එල්ටීටිඊ සංවිධානය තහනම් කර සටන් විරාම ඉවත් කර ආණ්ඩුව මිලිටරිමය පහරදීම් වැඩි කළ යුතු බව‘‘ ය’ මෙවැනි ලෙස භාවිතයහි එහිම ස්වරූප තුළින් මාක්ස් ලෙනින්වාදි කියාගන්නා ජවිපෙ හි ගැටලූකාරී සහ තවත් පසෙකින් දිශානතිය කොතනටද යන්න ට අවශ්‍ය කරුණුමය අඩිතාලම ගොනුවී තිබේ.

මහා ජාතියෙහි පීඩනයෙන් හෙම්බත්ව පීඩිතව සිටින සුළුතර දෙමළ ජාතිකයන්ගේ පීඩිත බව ජවිපෙ විසින් තේරුම් නොගත්තා සේම ,බෙදුම්වාදයට එරෙහිව අන්ත සිංහල ජාතිකවාදීන් සමග සන්ධාන ගත වීම ම කෙතරම් විසංවාදී ද යන්න පෙනේ.

ජවිපෙ විසින් ඔවුන් මාක්ස් ලෙනින්වාදී ස්ථාවරයක සිටින බව කීවද එය කෙතරම් දුරට සත්‍යද? සෘජුවම ප‍්‍රකාශ කළහොත් කාල් මාක්ස් සහ එංගල්ස් එකහෙළාම කුඩා පීඩිත ජාතීන් හෝ කුඩා ජතියක් මත මහා ජාතීන් හෙළන පීඩකත්වයට විරුද්ධ විය.එය කාල් මාක්ස් විසින් කුඩා ජාතීන්ගේ ජාතික නිදහස පිළිගැනීම ගැන ලියූ අයර්ලන්ත හැරවුම (Irish Turn) පිළිබද ලිවීම් තුළින් මනාව ප‍්‍රකාශමාන වේ.‘අයර්ලන්තය සහ අයර්ලන්ත ප‍්‍රශ්නය‘ ලෙස 1971 මාක්ස් ලි්යූ කෘතියෙහි එය දැක්වේ ‘Ronaldo Munck’ වැනි අය තවදුරටත් විමසා කෘති පළ කර ඇත.තවත් ඉදිරියට ගියහොත්,දෙවන ජාත්‍යන්තරයේ සමුළුවෙදි ජාතින්ගේ ස්වයං නීර්ණ අයිතිය ගැන සාක්ච්ඡ කළ අතරම ලෙනින් සහ රෝසා ලක්සම්බර්ග් අතර මේ ගැන දීර්ඝ සංවාදයක් ද සිදුවුණි.ලෙනින් දිගින් දිගටම ජාතින් ගෙ ස්වයං නීර්ණ අයිතිය පිළිගත් චරිතයකි,1914 පෙබරවාරි මාර්තු කාලයේ ලෙනින් ‘ ස්වයං නීර්ණය සදහා ජාතීන් සතු අයිතිය‘කියා රචනයක් ද ලිවීය.ලෙනින් ගෙ මෙම සංවාදයට කේන්ද්‍රගත වෙන්නෙ ‘පෝලන්තයෙ ජාතික ගැටලූව‘ යි.ලෙනින් විසින් පෝලන්තයේ ජාතික ස්වයං නීර්ණ අයිතිය පිළිගත් අතර ,පෝලන්තයේ ධනපති පන්තියේ ජාතික අරගලයට සහය දෙන බවත් එලෙස දුන්නත් යුදෙව් ජනතාවට පීඩනයට ලක් කරන පෝලන්ත ධනපති පන්තියෙ ඇති හැකියාවන්ට මූලයන්ට එරෙහිව සටන් කරන බව 1914 ‘The Right of Nations to Self-Determination’ Lenin Collected work’හි ලෙනින් පවසයි.එවගේ ම ලෙනින් විසින් න්‍යායාත්මකව ජාතීන්ගේ ස්වයං නීර්ණ අයිතිය ගැන විස්තරාත්මකව 1916 ‘The Socialist Revolution and the Right of Nations to Self-Determination ,Lenin Collected Works, Volume 22’ හි ප‍්‍රකාශනය කරමින් මහා ජාතියේ පීඩකත්වයෙන් වෙන්වීමට දේශපාලනික නිදහස සදහා පීඩිත ජාතීන් සතු අයිතිය පැහැදිලිව ලෙනින් මෙන් ම මාක්ස් ද සෘජුවම පිළිගන්නා බව පැහැදිලිය.ජවිපෙ මාක්ස්වාදි විරෝධී වග මින් පැහැදිලි වනවා මෙන්ම එහි විකල්පමය දුගී භාවය ද කියාපානු ලබයි.

මෙම දේශපාලනික බෙලහීන බවට මාක්ස්වාදයෙන් ගැලවී බහුතර මහ ජාතිය ප‍්‍රමුඛ කරගත් කුලකය මතට ඇදවැටීම පිළිබද කාරණය බැරෑරුම් සිතීමකට ලක් කළහොත් මෙහි ‘කාලය‘ යන සාධකය නිශ්චිත මැදිහත් වීමක් කර ඇති බව දාර්ශනිකත්වයෙන් ඇතුල් වී දේශපාලනිකාර්ථයෙන් කිව හැක.මෙලෙස ‘කාලය‘ යන අදහස මත සිට කියනු ලබන්නේ මාටින් හෛඩගර් ගෙ’Being & Time’ කෘතියෙහි එන ‘කාලය‘ දේශපාලනික මුහුණුවරකිනි.හෛඩගර් ගේ සූත‍්‍රගත කිරීම්වල ඇදවැටීමක් තුළින් නිරාවරණය වුණු ලෝකයක් තුළ පැවතීම,යම්කිසි ‘ඔතැන‘ක පැවතීම තුලින් ඔහු නිර්මාණය කරන්නට හදන මූලධාර්මික සද්භාවවේදය තුළ ඔහු ගොනු කරන ‘කාලය’ පිළිබද අදහස මීට ගෙන ඒ.මාටින් හෛඩගර් ඔහුගේ දර්ශනය තුළ ‘කාලය‘ සූත‍්‍රගත කරන්නේ වර්තමානය නිර්මානය වන්නේ අතීතය සහ අනාගතයේ එකතුවක් ලෙසයි.යම් කිසි ඔතැනක වැටී ඇති පැවැත්මහි පදනම වන්නේ මේ කාල තුන හි අන්තර් සම්බන්ධහිය.මෙම අන්තර් සම්බන්ධය, අතීතයෙන් ‘දරාගෙන සිටීමත්‘ ,අනාගතයෙන් බලාපොරොත්තුවෙන් සිටීම බලාගෙන සිටීම යන ආදී සිදුවීම් පවතින්නේ වර්තමානය ගොඩනැගීම තුළයි.මෙම දාර්ශනික කාරණය දේශපාලනික පොළව සිතියම්ගතකිරීම මත සුත‍්‍රගතකරගමු.ප‍්‍රජාතන්ත‍්‍රවාදී දිශානතියක සිටින්නවුන් මත ම්ලේච්ඡත්වය වපුරා,මාක්ස්වාදී සාරයෙන් සද්භාවවෙදීව ගැලවී යන ජවිපෙහි පොළව වූයේ කුමක්ද? අසූ ගණන් වලදිත් ග‍්‍රාමීය මධ්යම හා පහළ මධ්යම පාන්තික ඓතිහාස්ක මූලයන්,සිංහල ඉතිහාසයන්හි එන විරුවන්ගෙ කතා ද ජවිපෙහි දේශනවල භාවිත වී තිබීම වැනි උදාහරන සමග සිංහල ජාතිකත්වයන් මත ජනතා විමුක්ති පෙරමුණෙ ‘අතීතය‘ කේන්ද්‍රගත වී තිබූ අතර ජවිපෙ හි බලාසිටීම හෙවත් ‘අනාගතය‘ වුයේ යම් ආකාරයකට සිංහල බහුතරයගේ ආකර්ශනය,දකුණෙ බහුතර ඡුන්ද මනාප ආදි ලබාගැනීම වූ හෙයින් ජවිපෙ හි වර්තමානය ගොඩනැංවීම තුළ ජාතීන්ගේ ස්වයං නීර්ණ අයිතිය වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදි ස්ථාවරයන් පිළිගත් අයව ඝාතනය කිරීමේ සිට මාක්ස්වාදී මූලයන්ගෙන් ක‍්‍රමිකව වෙන් වී ම සිදුුවීම අනිවාර්‍යතාවකි.මෙය මාක්ස්වාදි අර්ථයෙන් දෝෂසහගත මාදිලියකි.ජනතා විමුක්ති පෙරමුණෙහි ‘අතීතය‘ සිංහල ජාතිකත්වයන් ආදී කාරණා මතත් ,‘අනාගතය‘ දකුණෙහි සිංහල බහුතර ඡන්ද සහ ආකර්ශනය මත පිහිටා තිබීම තුළ ජවිපෙහි එම ‘වර්තමනයෙ‘ උුතුර-නැගෙනහිර දෙමළ ජනතාවගේ පීඩිත බව සප්ර්ශ නොවීම,මාක්ස්වාදයට පටහැනි වී විකල්පමය ලෙස රෝගී සංවිධානයක් වීම වැළැක්විය නොහැක්කකි.අද පවා ජවිපෙ උතුරේ සැබෑ ප‍්‍රශ්න පිළිබද සංවේදී නොවන්නෙ,දේශපාලන සිරකරුවන්ගේ ප‍්‍රශ්නය,අතුරුදහන් වූවන්ගෙ ප‍්‍රශ්නය,කේපාපිලව් වැනි ඉඩම් අහිමි ප‍්‍රශ්න වැනි සැබෑ ප‍්‍රශ්නයන් ඔවුන්ට මගහරින්නේ සෘජු මැදිහත්වීම් නොකරන්නේ බැරෑරුම් නොවන්නේත් එකලදිත් ඔවුන්ගේ විකල්පමය රෝගී බව හි දරුණු විශාලත්වය නිසාය එකල මෙන්ම සුපුරුදුව ජවිපෙහි ‘වර්තමානය ගොඩනැංවීම‘යි. දයා පතිරණ නම් විභවාත්මක ලක්ශ්‍ය විසින් ජවිපෙ වැනි දේවල් වල රෝගීබවත් ,ලාංකේය වම පවා අමතක කරන උතුරෙහි පීඩිතබව නැවත නැවත නිරාවරණය කිරීමත්, බෙලහීන වමට ඉවත් කළ ‘වේළුපිල්ලේ අයියේ මට සමාවෙන්න‘ වැනී විමුක්ති ගී වල ඉදන්ම තමන්වම නිරාවරණය කර කාංසාව ට ඇදවැට්ටීමත් සිදුකරවයිි.

විශ්වීය ලෙසත් බලාපොරොත්තු රහිත විකල්පීයවත් බෙලහීන සමාජයක දී අතීතය පිලිබද සිතුවහොත් 87-89 ඝාතන,2000 දශකයෙ ජාතිවාදි මය ස්වරූප ගනිමින් වාම ස්ථාවරයන්ගෙන් පිට පැනීම් සිදුවූවා වගේ ම ‘මහා’ ජාතිවාදි දරුනු අන්තවාදී පුටු,අත්,බුලත්,අලි දේශපාලනයෙ ඓතිහාසික සිදුවීම් සාම්ප්‍රදායික පශ්චාත් ඡන්ද අවධීන් ගැන ද සිතුවහොත්, මෙම වාස්තවික තත්වයෙ හි ඡන්ද තෝරාගැනීමදි විකල්පමය තීව්‍රතා ගැන සිතීමක් තුළ අවබෝධයක දි ජවිපෙ මග හැරිය නොහැකි තැනට අප ඇදවැටේ.

කලක දි ජවිපෙන් වෙන්වූ පෙසපෙ හි ජවිපෙට සාපේක්ෂව මතවාදී මය විවෘත භාවය යම් කිසි මට්ටමක තිබුනද ජවිපෙ හි මතවාදීමය පසුගාමීත්වයන් පැවතුනද පවතින පාලක යාන්ත්‍රනයට මෙම ‘දැන්’ නම් තත්වයහි බලපෑම්කාරී වියහැකි මට්ටමක සිටින්නෙ ‘ජවිපෙ’ ය,මෙය මෙ මොහොතෙ දේශපාලනික තීරනයක් මිසක කිසිලෙසක සාධාරනීයකරනයක් හෝ අනුගාමිකත්වයක සේයාවක් හෝ නොවන වග දයා ගැන කියමින් අරඹන මෙම ලිපියෙන් ම ප්‍රකාශමාන කරනු ලබයි.මෙය හෛඩගර් පැවැත්ම ගැන කියන භාෂාවෙන්ම ගත්තොත් ‘ඇදවැටීමක්’.


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...