Thursday, December 21, 2017

මධුෂා රාමසිංහ නාම යෝජනා සඳහා ලිංගික අල්ලස් ඉල්ලූ මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් පොලිසියට කියයි.....(video)

දෙසැම්බර් 21, 2017.

පොහොට්ටුවට ප‍්‍රබල චෝදනාවක්...

වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක.

මෙවර පළාත් පාලන මැතිවරණයට තරග වැදීම සදහා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා ලයිස්තුවට නම දැමීම සදහා තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලුවේ යයි ලක්මවට හඬක් සංවිධානයේ සභාපතිනි රංගන ශිල්පිනී මධූෂා රමසිංහ මහත්මිය පවසයි.

ඊට විරෝදය පල කරමින් ඇය ඊයේ දිනයේ රාජගිරියේ මැතිවරණ කොමිසම ඉදිරියේදී නිහඬ විරෝධතාවයක යෙදුනාය.

තමන් මෙවර මැතිවණය සදහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවට තරග වැදීමට බලාපොරොත්තුවෙන් සිටි බව සදහන් කරන ඇය නාම යෝජනා ලයිස්තුවට නම ඇතුළත් කිරීම දේශපාලඥයන්ගේ ලේකම්වරුන් දෙදෙනෙකු විසින් තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ බවද සදහන් කරයි.
මැතිවණයට නාම යෝජනා දීමට නම් නිරුවතින් කැමරාව ඉදිරියේ පෙනී සිටිය යුතු යයි තමනට එකී ලේකම්වරුන් අයුතු බලපෑම් කළ බවද ඇය සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් ඇය සිය ෆේස්බුක් පිටුවේද සටහන් දමා ඇත.
ඇය විරෝධතාවයේ යෙදෙද්දී එම ස්ථානයට පැමිණි වැලිකඩ පොලීසිය විසින් ඇය එම ස්ථානයෙන් පොලීසිය වෙත ගෙන යනු ලැබුවාය.


මේ අතර නාම යෝජනා ලබාදීම සදහා ලිංගික අල්ලස් ඉල්ලූ පුද්ගලයන් දෙදෙනාගේ නම් මධූෂා රාමසිංහ විසින් පොලිසියට ලබා දී තිබෙන බව වාර්තා වෙයි.

වැලිකට පොලිස් ස්ථානයේදී කටඋත්තරයක් ලබා දෙමින් එම චූදිතයන්ගේ නම් සදහන් කර ඇති බව මධූෂා තහවුරු කර ඇති අතර හිටපු පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත‍්‍රීවරු දෙදෙනෙකුගේ නම් එලෙස සදහන් කර අති බව වැඩිදුරටත් වාර්තා වෙයි.
මහින්ද පාරශවයේ තිරිසන් බුකිවීරයො මධුෂා රාමසිංහගේ චරිතය ඝාතනය කරයි...




No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...