Sunday, December 10, 2017

හතරවන දිනටත් දුම්රිය වර්ජනයේ--- මගීන් කියන කතාව- (VIDEO)

දෙසැම්බර් 11, 2017.
වැටුප් විශමතාවයන් ඉවත් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය සේවකයින් හතර වන දිනටත් අද වැඩ වර්ජනයක නියැලී සිටියි.

මෙම වැඩවර්ජනය නිසා දෛනිකව දුම්රියෙන් රැකියා සඳහා පැමිනෙන ජනතාව ඇතුලු විශාල පිරිසක් දැඩි පීඩනයට ලක්ව තිබේ.

දුම් රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත් කිරීමට ජනාධිපතිවරයා විසින් නියෝගයක් පවා නිකුත් කලද දුම් රිය සේවකයින් එය සම්පූර්ණයෙන්ම නොතකා හැර වර්ජනයේ යෙදෙයි.

කෙසේ නමුත් මේ වනතුරු වර්ජන ක්‍රියාවලිය අඛණ්ඩව පැවැත්වෙන අතර දුම්රිය කිහිපයක් පමණක් ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කර තිබෙනු දැකිය හැකිවිය.

මේ අතර සති අන්ත නිවාඩුවට ගම් බිම් බලාගොස් යළි පැමිණෙන මගීන් අද(10) සවස දැඩි අපහසුතාවයට පත්වූ අතර හෙට සඳුදා දිනයේද (11) රාජකාරී සඳහා පැමිණීමට නියමිත මගීහු ද දුම්රිය වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටිති.

විශේෂයෙන්ම අඟහරුවාදා (12) ඇරැඹීමට නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ටද දුම්රිය වර්ජනය හේතුවෙන් දැඩි බලපෑමක් ඇතිවිය හැකි බව ජනතාව පෙන්වා දෙති.

කෙසේ වෙතත් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට අපහසුවක් නොවන අයුරින් දුම්රිය වර්ජනය නතර කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේය.

***වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් රාජ්‍ය දේපළවලට යම් හානියක් කළහොත් ඔවුන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගන්නා බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පවසනවා.එමෙන්ම බියවැද්දීම් සිදු කරන පුද්ගලයින්ට එහෙිරව ද අත්‍යවශ්‍ය සේවා කොන්දේසි යටතේ පියවර ගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.මෙවැනි වැඩවර්ජනවලට මුහුණදීම සඳහා ඉදිරියේදී යුද හමුදා සාමාජිකයින් සේවයට එක්කර ගැනීමට තීරණය කර ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.ඒ අනුව තෝරාගත් යුද හමුදා සාමාජිකයින් පිරිසක් ඉන්දියාවට යවා පුහුණුවක් ලබාදී දුම්රිය සේවයට එක්කර ගන්නා බවයි ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

මෙම වර්ජනයෙන් පීඩාවට පත් මගීන් ඒ පිළිබඳව සංවේදීව පළ කල අදහස් පහතින් දැක්වේ.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...