Wednesday, December 6, 2017

ඉතාලියේ ඉන්න ලංකාවේ අයගේ තවත් වංචාවක්.


 ඉතාලියේ බැංකුවකින් හෝ වෙනත් කිසිදු ආයතනයකින් ණයක් ඉල්ලුම් කර හෝ ලබා ගෙන නොමැති බව පවසමින් ලිපියක් රැගෙන ලාංකිකයෙකු මීට සති කිහිපයකට පෙර පැමිනියා.
ණයක් ගෙවීමට ඇති බව දන්වමින් උසාවිය මගින් එවන්නාවූ දැනුම් දීමේ ලිපියක් ඔහු මා අතට පත් කලා.

මෙය කියවා හැදෑරීමෙන් නැවත ඔහුගෙන් විවිධ ප්‍රශ්න ඇසීමෙන් අනතුරැව සිදු වී ඇත්තේ කුමක්ද යන්න පැහැදිලි වූවා.

යම් කිසි ආකාරයෙන් යමෙකුගේ දත්ත ලබා ගැනීමෙන් හා යමෙකුගේ රහස්‍ය තොරතුරැ රැස් කිරීමෙන්ද මෙවැනි අපරාධ බොහෝ විට සිදු වනවා.
මෙම ලාංකිකයා වසර 8කට පෙර තම දරැවා පෟද්ගලික ඉංග්‍රීසි පාසලකට යොමු කල බවත්, යම් කිසි ලියකියවිලි රැසකට අත්සන් කල බවත්, ඉන්පසු මාස කිහිපයකට පසු එම ඉංග්‍රීසි පාසල වසා දැමීමත් සමග තම දරැවා පාසලට නොගිය බවත් මා හට පවසා සිටියා.

ඉංග්‍රීසි පාසල තම දත්ත (busta paga, permesso di soggiorno, codice fiscale ecc) ලබා ගනිමින් වංචා සහගතව ඔහුගේ නමින් ණය මුදලක් ලබාගෙන තිබෙනවා.

ඉතාලියේ ජීවත් වන ඔබ ඉතාලි භාශාව පිලිබද ඇත්තේ අල්ප දැනුමක් නම් යම් කිසි ලියවිල්ලක් අත්සන් කිරීමට පෙර ඉතාලි භාශාව හොදින් හසුරුවන යමෙකුට එය පෙන්වා තේරැම් ගැනීම ඉතාම වැදගත්. විවිධ අවස්තාවන් හීදි මෙවැනි වංචාවන් අන්තර්ජාලය ඔස්සේද විශෙෂයෙන් දුරකථන අැමතුම් හරහාද බෙහෙවින් සිදු වනවා. දුරකථනයෙන් අමතා බොහෝ විට නොමඟ යවන වෙලද ප්‍රචාරණයන් මගින් නිෂ්පාදනයන් විකිණීම, විස්තර කිරීම හෝ එය වඩා හොඳ බව පවසා දුරකථනයෙන් ගිවිසුමක් පටිගත කරගැනීම හා දුරකථන ඇමතුම්, ඊ-මේල් හරහා තම බැංකු ගිනුමෙන් මුදල් පවා ලබා ගැනීමද වංචා සහගත ලෙස සිදු වනවා.

යම් කිසි ආකාරයෙන් තම දත්ත ලබා ගැනීමෙන් හා විකිණීමෙන්ද යමෙකුගේ රහස්‍ය තොරතුරැ රැස් කිරීමෙන්ද මෙවැනි අපරාධ බොහෝ විට සිදු වන බව කවුරැත් දන්නා කරැනක්.
ඉතාලි අපරාධ නීතියට අනුව මූල්‍ය වංචාව (Truffa) යනු යමෙකු වැරදි වැටහීමකට පොලඹවමින් අන් අය හා අනුන්ට අයිති දේපල, භාන්ඩ හෝ මුදල් අසාධාරණ ලෙස තම සතු කරගැනීමයි.

ඉතාලි දණ්ඩ නීති සංග්‍රහයේ 640 වන වගන්තියට අනුව මෙම අපරාධය සදහා මාස 6 සිට අවුරුදු 3 දක්වා සිරදඬුවමක් සමඟ ද යුරෝ €51 සිට €1032 දක්වා දඩයක් ගෙවීමටද, එම වංචාව ඉතාලි රජයට හෝ රජයේ ආයතනයකට කල වංචාවක් නම් නැතහොත් වංචාවට ලක්කල පුද්ගලයා තුල භීතියක් ඇති කිරීම තුලින් වංචාව සිදු කර ඇත්නම් වසර 1 සිට 5 දක්වා සිරදඩුවම් සහ දඩ මුදල €309 සිට €1549 දක්වාද ලබා දිය හැකියි.
වංචා කරැවන් සොයාගෙන වංචාව සිදු වූ බව ඔප්පු කිරීමෙන් ඔවුන්ට දඩුවම් ලබා දීම සිදු කලහැක.
නීතිඥ සචිනි වර්ණකුලසූරිය
***39 388 6279735


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...