Sunday, December 3, 2017

Lamborghini සෙල්ලම යලිත් කරලියේ,ගෙන්වූ ප්‍රභූ පුත්‍රයා හෙළිවෙයි.


ශ්‍රී ලංකාවට Lamborghini රථ ගෙන්විම සම්බන්ධයෙන් අපකීර්තිමත් ඉතිහාසයකට රාජපක්ෂලා වගකියන බව නොරහසකි.පසුගියදා හදිසියේම ලංකාවට ගෙන්වු අලුත්ම Lamborghini රථය සමගම කාලයක් යටගොස් තිබු Lamborghini කතාව යලිත් මතුවු අතර කාගෙත් අවධානය යොමුවුයේ එම රථයේ සැබෑ අයිතිකරුවා කවුරුන්ද යන්න සොයා ගැනිමයි.

කොළඹ වරායේ සන්හිල් අංගනයට ගොඩබා ඇති ලැම්බොගිනි වර්ගයේ අති නවීන මෝටර් රථයේ පින්තූර කිහිපයක් සමාජ ජාලාවන්හි පලව ඇති අතර ඊට වඩා ඡායාරූප,විඩියෝ මෙන්ම එම රථය ගෙන්විමට කටයුතු කල අය කවුරුන්ද යන්න යන්න මනාව අනාවරණය කිරිම අප සතු වගකිමකි.


ලංකාවට අලුත්ම Lamborghini රථය ගෙනාපු බෙවරියන් මෝටර්ස් අධිපතිනී ජීහාන් හමීඩ් (Jihan Hameed) නමැති කාන්තාව කවුරුන්දැයි සමහරුන්ට අමතකව ඇත.ඇය කොළඹ දිස්ත්‍රික්කයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කල නාමල්ගේ සමිපතම මෙන්ම රාජපක්ෂලාගේ හිත දිනාගත් කෙනෙකු වන අතර ඇයගේ සැමියා රිෂාඩ් හමීඩ් වේ.

මෙරටට වාහන ගෙන්වනු ලබන ප‍්‍රධාන පෙලේ ආයතනයක හිමිකරුවෙකු වන ඔහු ඔහුගේ බිරිදගේ නමට අලුත්ම Lamborghini රථය ගෙන්වා ඇති නමුත් තීරු ගාස්තු සම්බන්ධයෙන් රේගුව හා ඇති වූ ප‍්‍රශ්නයකදී ඇය සදහන් කර ඇත්තේ තම නමට මෙට ගෙන්වූවත් සැබෑවටම එය අයත් වන්නේ මෙරට දේශපාලන ප‍්‍රභූවරයෙකුගේ පුත‍්‍රයෙකුට බවයි.

මෙම වාහනයේ එන්ජින් ධාරිතාවය ඝණ සෙන්ටිමීටර 5000ක් වන අතර පැයට කිලෝමීටර 350ක වේගයෙන් ගමන් කල හැකි අතර එන්ජින් ධාරිතාවය අනුව මෙම වාහනය වෙනුවෙන් ගෙවිය යුතු තීරු බද්ද ලක්‍ෂ 580ක් වන බවත් වාහනයේ වෙලදපල වටිනාකම ලක්‍ෂ 1190ක් වන බවද රේගු වාර්තා අනාවරණය කර තිබේ.

කවුද මේ ප‍්‍රභූ පුත්‍රයා…?

“ප‍්‍රභූ පුත්‍රයා” යනුවෙන් ජීහාන් හමීඩ් සදහන් කල සැනින් රාජපක්ෂලාට සම්බන්ධ වෙබ් අඩවි හරහා එය මතුකිරිමට උත්සහ කළේ වත්මන් ජනාධිපතිවරයාගෙ පුත්‍රයාගේ සම්බන්ධයන් මතුකර පෙන්විමටය. නමුත් පුවත් පලකිරිමෙන් පසුව වැඩේ ඇණගත් බව දැන ගත්තේ ජීහාන් හමීඩ්ලා සහ රාජපක්ෂලා අතර ඇති සබඳතාවය හරහාය.

අදාල අලුත්ම Lamborghini රථය ගෙන්විම පසුපස නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ මෙන්ම රෝහිත රාජපක්ෂ සිටින අතර කළු සල්ලි සුදු කිරිමේ රාජපක්ෂලාගේ සෙල්ලමේ එක් ක්‍රමයක් වන Lamborghini සෙල්ලම දෙවනි වන්නේ රාජපක්ෂලා බලයේ සිටින කාලයේ ඩිලන්ත මාලගමුව නමට ගෙන්වු Lamborghini රථයට මෙන්ම නාමල්,මහින්දගේ කොටස් විශාල වශයෙන් ඇති මයික්‍රෝ සමාගම ගෙන්වු Lamborghini වලට පමණී.

කවුද මේ ජීහාන් හමීඩ් (Jihan Hameed)

අදාළ Lamborghini රථය ගෙන්වු ජීහාන් හමීඩ් සහ ඇයගේ සැමියා වන රිෂාඩ් හමීඩ් නැමත්තා 2010 යුද උද්දාමයට පත්ව සිටි රාජපක්ෂලාගේ සමිපතමයන් වු අතර ඒ කාලයේ එතරම් වත් පොහොසත්කම් නොතිබුනු ඔහුන් පසුව රාජපක්ෂලා සමග සම්බන්ධ වි ඔහුන්ගේ කලු සල්ලි සේදිමේ ව්‍යාපාරයන්ට සම්බන්ධ වු අතර ලංකාවේ හිටපු අමාත්‍යවරැන්ගේ සිට වත්මන් ඇතැම් අමාත්‍යවරුන් මෙන්ම මජර ව්‍යාපාරිකයන් සිය කලු සල්ලි සේදිමේ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යනු ලබන්නේ කාර් සේල් වලට පිංසිදුවන්නටය.


ජීහාන් හමීඩ්ලා නාමල් සමග ඇතිකර ගත් සමිප සබඳතාවය මත පලාත් සභා මැතිවරණයට තරග කල අතර පසුව රාජපක්ෂලාගේ මුදල් යොදවා බෙවරියන් මෝටර්ස් නැමති මෝටර් රථ ගෙන්වන ව්‍යාපාරයක් ආරම්භ කල අතර හමීඩ්ලා,රාජපක්ෂලා මොනතරම් සම්බන්ධයක් තිබේද යන්න මනාව තහවුරු වන්නේ රාජපක්ෂලා අතින් මැරුම් කෑ වසීම් තාජුඩින්ගේ සැකකරු ලැයිස්තුවේද හමීඩ්ලා සිටිම හරහාය. 
හමීඩ්ලා,මැදමුලන රාජපක්ෂලා අතර පමණක් නොව මෙරට සමාජ ජාල තුළ dealදාස යන අන්වර්ථ නාමයෙන් හදුන්වන කුප්‍රකට විජයදාස රාජපක්ෂලා සමගද හමීඩ්ලා සමීප සබඳතාවයන් පවත්වන බව නොරහසකී. ඒ නිසාම වන්නට සල්ලි වල පිහිටෙන් .ඩීල් දාසගේ නීති තර්කවලින් නීතියේ හිල්වලින් රිංගා යැමට හමීඩ්ලා දක්ෂ වි සිටි.


හමීඩ්ගේ බිරිඳ සමූපකාරයේ ලේකම් කෙනෙකුද වී සිට ඇති අතර එසේ සිදුවන්නේ ඇය හා නාමල් රාජපක්ෂලා අතර තිබූ සමීප සම්බන්ධයෙන් පසු ජොන්ස්ටන් ප්‍රනාන්දු සමග ගොඩ නැගී ඇති සමීප ගණුදෙනුව හරහාය.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ සතුව තිබුණු ලැම්බොගිනි වර්ගයේ මොටර් රථ තුනක් පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ ගුවන් මගින් මැලේසියාවට යවා ඇති බව පසුගියදා පාර්ලිමේන්තුවේදී කියැවිණි.

නාමල් රාජපක්‍ෂ හා යෝෂිත රාජපක්‍ෂ පිටරටවලදී මෝටර් රථ තරඟවලට සහභාගී වී ඇත්තේද මෙම ජිහාන් හමීඩ්ගේ බලපත්‍රය පාවිච්චි කරමින් බවත් ලැම්බෝගිනි සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණ නියමයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශන සිදු කරගෙන යන බවද පාර්ලිමේන්තුවේදී පසුගියදා කියැවිණි.

වීඩියෝව පහතින් බලන්න.







No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...