Wednesday, December 13, 2017

පොහොට්ටුවේ නායකයෝ ලිංගික අසහනකාරයෝ ටිකක් – මධූශා රාමසිංහ කියයි.

කාන්තාවන්ට වැඩි නියෝජනයක් ශ්‍රී ලංකා දේශපාලනය තුල ලබාදිය යුතු යැයි ප්‍රථිපත්ථියක සිට කටයුතු කරන වකවානුවක, නිර්මල දේශපාලනයක් වෙනුවෙන් සහ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මධූශා රාමසිංහ හට පොදුජන පෙරමුණේ නායකයන් විසින් ලිංගික අල්ලස් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව ඇය සිය මුහුණු පොතෙහි ගිණුමේ සටහනක් තබා ඇත. එම සටහන පහතින් දක්වා ඇත
” කිසිම පක්ෂයක කිසිම නියෝජිතයෙකුට ලිංගික අල්ලස් , මුදල් අල්ලස් හෝ මානසික අල්ලස් ලබා දීමට මා සූදානම් නැත. දේශපාලනය , කලාව හෝ වෙනත් කිසිදු කාරණාවක් මත මා කෙදිනකවත් ගැහැණු දරුවෙකු ලෙස මගේ ගෞරවය උගසට තබා නැත.

යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් කොන්දේසි විරහිතව රට ජාතිය ආගම මනුෂ්‍යත්වය රැකගැනීමේ අරමුණින් මා මගේ ජනතාවට නියෝජනය දුන් අතර ජනතාව රැකීම මගේ ප්‍රතිපත්තියයි. එම ප්‍රතිපත්තිය මා කිසිදාක කඩනොකරමි.

‍කාන්තාවක ලෙස මට ලැජ්ජාව බය ඇතිබැවින් මා මේ දේශපාලන ක්‍රමවේදයට නුසුදුසු බව පැවසූ ලිංගික අසහන කරුවන්ට දන්වමි. මා කෙදිනකවත් තොපලාගේ සුරතලියක් නොවන බවත් මාගේ සටන අත් නොහරින බවත්.

මධූෂා රාමසිංහ – ලක්මවට හඩක්”
මේ ආකාරයට ශ්‍රී ලාංකේය දේශපාලනය නව මගකට යොමු කරන බව සඳහන් කරමින් දේශපාලන පොර පිටියට පා තැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් විසින් පලාත් පාලන මැතිවරණයේ අපේක්ෂකත්වය ලබාදීමට කාන්තාවන්ගෙන් මේ ආකාරයට ලිංගික අල්ලස් ඉල්ලීම කෙතරම් පහත් පෙලේ ක්‍රියාවක්දැයි අසමි.

එදා පටන් දේශපාලනයේ සිටි දූෂිතයන් පිරිසකගේ මේ නොමනා ක්‍රියාවන් නිසා කාන්තාව හෙට දිනයේ කෙතරම් පහත් තත්වයට සහ මානසික දූෂණයට ලක්වනවා දැයි සමාජයෙන් ප්‍රශ්ණ කරමි. මේ ආකාරයට පොදුජන පෙරමුණේ නායකයින්ගේ පහත් පෙලේ ලිංගික ආශාවන් සපුරා ගැනීමට කාන්තාවන් කීදෙනෙකු පතිවෘතාව බිල්ලට ගෙන ඇත්දැයි සිතාගත හැකිය.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...