වඩාත් ගුණාත්මක සේවයක් සදහා දුමිරිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමට ඔබ එකගද ?
පසුගිය වර්ශ 4කට අදාලව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලබා ඇති ලාභාලාබ.
1. ප්‍රාග්දන වියදම - Capital Expenditure (උද: නව ඉදිකිරීම්)
2012 - රු බිලියන 30.25
2013 - රු බිලියන 20.39
2015 - රු බිලියන 30.43
2016 - රු බිලියන 15.69
2. පුනරාවර්තන වියදම් - Recurrent Expenditure (උදා: පඩි නඩි හා නඩත්තු වියදම් )
2012 - රු බිලියන 8.67
2013 - රු බිලියන 10.58
2015 - රු බිලියන 14.04
2016 - රු බිලියන 13.39
3. ආදායම
2012 - රු බිලියන 4.85
2013 - රු බිලියන 5.42
2015 - රු බිලියන 6.33
2016 - රු බිලියන 5.45
මිලියන 20ක් වූ ශ්‍රී ලාංකික මහජනතාවගේ බදු මුදල් වාර්ශිකව නිස්කාරනේ
බිලියන ගනනින් නාස්ති වන බව ඉහත පැහැදිලිය.
මේ සඳහා කල යුත්තේ, දක්ශ රාජ්‍ය කලමනාකරනයකට යටත් කිරීම බව කෙනෙකුගේ අදහස විය හැක. දෛනික කාර්යය අවසන් කරන කාලය නිර්නය කිරීම සඳහා විදුලි සෙන්සර් උපකරන සවි කිරීම නිසාවෙන් තමන්ගේ අයිතීන් උල්ලංගනය වන බව පවසන හිඟන වෘතීය සමිති සාමාජිකයන් පිරිසක් සිටින දෙපාර්තමේන්තුවක්, රාජ්‍ය කළමනාකරයක් යටතේ 'යහමගට' ගත හැකි බව කෙනෙක් සිතන්නේ නම්, අදාල පිරිස් හට, වන්නිතම්මැන්නාවේ 'ටසිරි' ලමා සමාජේ වාර්ශික ආදයමින් නොමිලේ සස්ටජන්, ත්‍රිපෝශ සහ පීඩියා ප්‍රෝ ලබා දීමට කටයුතු කල හැක.
සියල්ලටම ප්‍රතමයෙන් අප සැලකිය යුතු වන්නේ අප ගෙවනා මුදලට සාපේක්ශව ලබා දෙන සේවාව ගුණාත්මකද යන්නයි. නහයක් ඇති එකෙකුට වැසිකිලියට යා නොහැක.
ගුණාත්මක නැති සේවාවන් ගුණාත්මක කිරීමේදී පෞද්ගලික අංශය රාජ්‍ය අංශයට වඩා ගව් ගානක් ඉදිරියෙන් බව අපි කවුරුත් දන්නා සරල කරුනකි.
සෙන්සරේට ඇඟිලි සලකුණු තියන්න බැරි සේවකයන් යහ මගට ගන්න ආකාරය පෞද්ගලික අංශ හොඳින් දනී. සේවකයාගේ බැරිනම් සේවකයාගේ මවගෙං හෝ අදාල වැඩේ කොරගන්න ආකාරය පිලිබඳ පෞද්ගලික අංශය ප්‍රවීනතාවක් දක්වති. විකෝස් හුරතල් නැත.
දුම්රිය සේවය පෞද්ගලීකරනය යනු සියලූම වගකීම රාජ්‍ය අංශයෙන් පුද්ගලික අංශයට භාර දීම නොවේ. ප්‍රාග්දන වියදම පෙර සේම රජය විසින් දැරිය යුතුය.
මන්ද වියදම් කරන ප්‍රාග්දන වියදම සෘජුව මගියාගෙන් අයකර ගත හොත් එක ටිකට් පතක මිල ඉතා ඉහල යනුඇත. එම නිසා ලාභයක් ලබා නොදෙන ප්‍රාග්දන වියදම පෞද්ගලික අංශයට පැවරීම කල නොහැකිය.
රෙගුලාසි සකස් කිරීම සහ නියාමයන රජයේ ආයතනයක් මඟින් සිදු කල හැක. නඩත්තු කටයුතු පෞද්ගලික අංශයට භාර දිය හැක. ටිකට් පත් වලින් ලැබෙන ආදායමින් ඔවුන්ගේ ලාභ ලබා ගත යුතු අතර රාජ්‍ය විසින් පනවන ප්‍රමිතිය සහතික කල යුතුය.
මෙයින් සාර්තකත්වය අත්පත් කරගත් ලෝකයේ රටවල් රැසකින් උදාහරන ගත හැක.
තව දුරටත් ජනතාවට බරක් වෙමින්, ගුණාත්මක භාවයෙන් පිරිහුනු දුම්රිය සේවය නගා සිටුවීමට වස්...දුම්රිය පෞද්ගලීකරනය කල යුත්තේවේ.
දුම්රිය පාඩු ලබනවාලු, මගීන් රහිත හිස් මැදිරි (පෙට්ටි) ටොන් ගණන් බර යකඩ ගොඩවල් ඩීසල් පුච්චගෙන ඇදගෙන යන දුම්රිය ගණනාවක් දුර පළාත් වලදී දැක ගන්න පුළුවන්.
බොහොමයක් මගීන් දන්නේ නැහැ දුම්රිය කාල සටහන ගැන, දැන් දුම්රියක් තියෙනවද? තමන් යන්න බලාපොරොත්තු වෙන දුම්රිය දැන් තිබෙන්නේ කොතැනද? තමන් සිටින දුම්රිය ස්ථානයට ළඟාවෙන්න කොපමණ කාලයක් යනවද?
සෑම දුම්රිය ස්ථානයක් ඉදිරිපිටම ඩිජිටල් පුවරු සවි කල හැකියි. නිතර යාවත්කාලීන වෙන විදිහේ, දුම්රිය ස්ථානය ප්‍රධාන මාර්ගයට දුරින් තියෙනවා නම් ප්‍රධාන මාර්ගය අසල එය ප්‍රදර්ශනය කල හැකියි. එමගින් දුම්රියේ ගමන් ගන්න මගීන් ප්‍රමාණය වැඩි කර ගත හැකියි. එවිට ලාබ ලබන ආයතනයක් වේවි සේවකයන්ට හොඳ වැටුප් දීමනා ගෙවන්න පුළුවන් වේවි.
***දුම්රිය වර්ජනය නිසා දුක් විදින ජනතාව
No comments:
Post a Comment