Wednesday, December 6, 2017

දිනේෂ් – විමල් – ගම්මන්පිල ආණ්ඩුවට--(VIDEO)

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන් එකට එක්වී වැඩ කිරීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කැමත්ත පල කර ඇති බව ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

කොළඹදී පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

මෙම එකමුතුවට විරුද්දව වැඩ කරන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා හෝ බැසිල් රාජපක්‍ෂ මහතා නොව ඒකාබද්ද විපක්‍ෂයේ සිටින වෙනත් දෙදෙනෙක් යයිද ඔහු සදහන් කලේය.

ඔවුන් අනාගතයේ රජ වීමට බලාපොරොත්තුවෙන් සිටින අය බවද ඔහු පැවසීය.

බදුල්ලේදී පැවති ඒකාබද්ද විපක්‍ෂයේ රැස්වීමට දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු පක්‍ෂ නායකයන් කිසිවෙකු නොගිය බවත් ඔවුන් සියළු දෙනා ඉදිරියේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග කටයුතු කිරීමට සූදානමින් සිටින බවද ඇමතිවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...