Saturday, December 9, 2017

එඬේරමුල්ලේ අවුල මොකක්ද?


දෙසැම්බර් 10, 2017

එඬේරමුල්ල ග්‍රාමයේ නම වෙනස් කර නොමැති බව මුලින්ම සහ විශ්වාසයෙන් අවධාරණය කළ යුතුය.

මිනිසුන්ගේ නොදැනුවත්කම් අවබෝධයක් නොමැති කමත්, එම දුර්වලතා දෙකම දේශපාලකයන් ඇතුළු විවිධ කණ්ඩායම් තම තමන්ගේ පටු වුවමනා ඉටු කරගැනීම සඳහා භාවිත කිරීමත් කනගාටුවට කරුණකි. මේ සිදුවීම මට වඩාත් සමීප වන්නේ එඬෙරමුල්ලග්‍රාමය මීට සම්බන්ධ වීමයි. එඬේරමුල්ල ග්‍රාමයේ නම වෙනස් කර නොමැති බව මුලින්ම සහ විශ්වාසයෙන් අවධාරණය කළ යුතුය.
සීමා නිර්ණය කටයුතුවලදී වෙන් කරන කොට්ඨාශ අනුව එඬේරමුල්ල යනුවෙන් වෙනම කොට්ඨාශයක් ද අක්බාර් ටවුන් යනුවෙන් වෙනම කොට්ඨාශයක් ද වේ. මේ අනුව මහර ප්‍රාදේශීය සභාවට අයත් කොට්ඨාශ 6කි. කිරිමැටියාගාරය, දළුපිටිය, නාතුඩුව, එඬේරමුල්ල, අක්බාර් ටවුන් සහ ගොංගිතොට යනු එම කොට්ඨාශ හයයි. මේවා හුදෙක් මැතිවරණයට පමණක් අයත් වන මැතිවරණ එසේත් නැතිනම් ඡන්ද කොට්ඨාශ විනා ගම්වල නම් වෙනස් කිරීමක් නොවේ.

එම වෙන්කිරීම්වල ඡායාරූප සහ අදාළ ගැසට් පත්‍රයේ ‘ලින්ක්’ පහත දක්වා තිබේ. කිසිදු කරුණු සොයා බැලීමෙන් යන්නන් වාලේ කටයුතු කිරීම සම්ප්‍රදායක් වීම කනගාටුවට කරුණකි. සමාජයේ උගත් බුද්ධිමත් යැයි විශ්වාස කරන පුද්ගලයන් පවා මුග්ධ අමනයන් මෙන් කටයුතු කරමින් විවිධ පිරිස්වල පටු වුවමනා ඉටු කරමින් ප්‍රචණ්ඩත්වයට පාර කැපීමත්, සාමයෙන් විසූ ජන කොටස් අතර අසමගිය වැපිරීමත් ඛේදනීය හා කනගාටුදායක කරුණකි.

යමක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට හෝ ප්‍රතිචාර දැක්වීමට පෙර ඒ පිළිබඳව හොඳින් විමසා බලා සාක්ෂාත් කරගැනීමේ පුරුද්දක් අප සමාජයේ බොහෝ දෙනා සතුව නොමැති වීම කනගාටුවට කරුණකි. මා දන්නා කාලයේ පටන්, සිංහල, මුස්ලිම් යන ජාතීන් ද්විත්වයත් බෞද්ධ, ඉස්ලාම් සහ කතෝලික ආගම් අදහන ජනකොටස් සාමයෙන් සමගියෙන් ජීවත් වූ ප්‍රදේශයක් ලෙස එඬේරමුල්ල සහ අක්බාර් සහ ඒ අවට ප්‍රදේශ ගැන කිව හැකිය. ප්‍රදේශයේ සියලු ජාතීන් සහ ආගම්වල දරුවෝ යන්න එකම පාසල් කිහිපයකටය. වැඩි ආටෝප නැතුව ලියන්නට ඇත්තේ ප්‍රචණ්ඩත්වයට පාර කැපීම වෙනුවට කරුණු විමසා බලා සාමකාමීව කටයුතු කරන්න යනුවෙනි.

හර්ෂණ තුෂාර සිල්වා

http://www.lgpc.gov.lk/eng/?page_id=1634
http://documents.gov.lk/files/egz/2017/2/2006-44_T.pdf
http://documents.gov.lk/files/egz/2017/2/2006-44_S.pdf
http://documents.gov.lk/files/egz/2017/2/2006-44_E.pdf

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...