Sunday, December 31, 2017

කැනඩා රැකියා වංචාවේ මහ මොළකරු හිටපු කම්කරු අමාත්‍යවරයද?

දෙසැම්බර් 31, 2017.

පුද්ගලයින් 74 දෙනෙකුට කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි පහකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් පිළිබඳව වාර්තාවේ.

ට්‍රැවල් හවුස් ලංකා පුද්ගලික ආයතන, හයිලෙවල් පාර, මහරගම ලිපිනයේ පදිංචි ඕ. එම්. ප්‍රේමරත්න සහ අංක 68, කීල්ස් නිවාස සංකීර්ණය, පිංවත්ත, පානදුර ලිපිනයේ පදිංචි ඉන්දික මෙනත් ජයසූරිය යන අය විසින් මෙම වංචාව කර ඇත.

කැනඩාවට පුද්ගලයින් රැකියා සඳහා යවන බවට මොවුන් විසින් ප්‍රචාරය කර ඇත්තේ 2008 වසරේදීය. එම ප්‍රචාරයෙන් පසුව වයඹ පළාතේ කුරුණෑගල විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ දී මොවුන් විසින් රැස්වීමක් පවත්වා ඇත.

එම රැස්වීම සඳහා එවකට වයඹ පළාත් මහ ඇමති අතුල විජේසිංහ, එවකට කම්කරු ඇමති අතාවුද සෙනවිරත්න සහ ඉහත සඳහන් ප්‍රේමරත්න සහ ඉන්දික ජයසූරිය යන අය සහභාගී වී ඇත. ඒ හරහා මෙම රැකියා ව්‍යාපෘතිය රජයේ ආධාරයෙන් කෙරෙන්නක් බවට පැමිණ සිටියවුන්ට ඒත්තු ගන්වා ඇත.

එම රැස්වීමේදී මෙම රැකියා ව්‍යාපෘතිය කැනඩා සමාගමක් වන කේයම් නැමති ආයතනයක් මඟින් කෙරෙන්නක් බවත් ට්‍රැවල් හවුස් ලංකා ආයතන හරහා සිදු කෙරෙන්නක් බවත් පවසා ඇති අතර කැනඩාවේ රැකියා සඳහා යන්නන්ට පුහුණුවක් ලබාදෙන බවත් ඔවුන් ඉංග්‍රීසි පාඨමාලාවකට සහභාගී විය යුතු බවත් ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මෙම වංචාවට හසු වූ පුද්ගලයින් 74 දෙනෙකු මහරගම ලංකා බැංකු ශාඛාවේ 3857XXX දරණ ගිණුමට රුපියල් ලක්ෂ 8 බැගින් තැන්පත් කර ඇත. එහෙත් කිසිවකුට කැනඩාවට යාමට අවස්ථාවක් නොලැබුණු නිසා ඕ.එම්. ප්‍රේමරත්න නමැත්තාගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉන්දික ජයසූරිය නමැත්තා කැනඩාවට ගිය බවත් ඔහු සියළුම මුදල් කැනඩාවට රැගෙන ගිය බවත්ය.

ලංකා බැංකුවේ තිබුණු මුදල් කැනඩාවට ලබාගෙන ඇති අතර එය ප්‍රේමරත්න සහ ජයසූරිය විසින් බෙදාගෙන ඇත. මෙහි සම්පූර්ණයෙන් වංචා කෙරුණු මුදල රුපියල් පන්කෝටි අනූ දෙලක්ෂ‍යකි.

මේ වන විට මෙම වංචාව කර කැනඩාවට පැන ගිය ඉන්දික මෙනත් ජයසූරිය නමැත්තාව ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික කටයුතු අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව විසින් සිදු කරමින් පවතී.

මේ පිළිබඳව පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇත්තේ 2011.12.09 වන දිනය. වංචාවට හසුවූ පුද්ගලයින් මේ තරම් මුදලක් වංචනිකයින් වෙනුවෙන් තැන්පත් කරන්නේ කම්කරු ඇමතිවරයා ද අදාළ රැස්වීමට සහභාගී වූ නිසාය. එසේම පැමිණිල්ල පිළිබඳව මෙතරම් කාලයක් යුක්තිය ඉටු නොවන්නේ ද වංචනිකයින්ට ලැබුණු දේශපාලන රැකවරණය නිසාය. එහෙයින් වංචාවට ලක් වූ පුද්ගලයින් චෝදනා කරන්නේ හිටපු කම්කරු අමාත්‍ය අතාවුද සෙනවිරත්න ද මෙම වංචාවට සම්බන්ධ බවටය.

(ලංකා නිව්ස් වෙබ්)

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...