Thursday, December 14, 2017

ජනතා පරමාධිපත්තියක් නැති මංත්‍රිලට ලංසු තියන මෛත්‍රිගේ " දෙවෙනි ඉනිම"

දෙසැම්බර් 15, 2017

මහින්දගේ ආණ්ඩුවේහිටිය නුල් සුත්තර කාරයා ,එහෙමත් නැත්තන්, ඇල්වතුරත් නිමලා බොන, අද ගන්න ඔනි තීරණය තවත් වසර ගානක් ගිහින් ගන්න සියල්ලම දන්න එත් මෙලෝහසරක් නොදන්න නමට පමණක් මහලේකම් නිලය දරපු මෛත්‍රිව ඇත්තටම පොදු අපෙක්ෂකයා කෙරුවේ මහින්දවද්ද?

මෛත්‍රිපාල නැමති අයකු මහින්දගේ ආණ්ඩුවේ සිටියාද කියා දන්නේ රට වැසියා නොවේ. මහින්ද හා මෛත්‍රි දෙන්නාම පමණි. මේ දෙදෙනාගේ සුසංයෝගය ගැන හරියටම ඉව අල්ලා කිවේ එදා සෝභිත නායක හාමුදුරුවෝයි.

මහින්දගේ ආණ්ඩුවේහිටිය නුල් සුත්තර කාරයා ,එහෙමත් නැත්තන්, ඇල්වතුරත් නිමලා බොන, අද ගන්න ඔනි තීරණය තවත් වසර ගානක් ගිහින් ගන්න සියල්ලම දන්න එත් මෙලෝහසරක් නොදන්න නමට පමණක් මහලේකම් නිලය දරපු මෛත්‍රිව ඇත්තටම පොදු අපෙක්ෂකයා කෙරුවේ මහින්දවද්ද?

මෙහෙම හිතුනත් ඇති වරදකුත් නෑ ඉතිං. මෛත්‍රි ජනවාරි දිනපු ගමන්ම ගෝඨාභය ,නාමල් හම්බ උනේ නිකමට නෙවේ.

දයාසිරි ජයසේකර කියන විදිහට ඇත්තටම මහින්ද දකිනකොට මකුළුවා ඇකිලෙනවා වාගේ ඇකිලෙන නායකයෙක් ඉන්න රටක් මේක. ඉතිං රටක් පාලනය කෙසේ වෙතත් මෙච්චරකිනවත් යන එක ගැන ඇත්තටම ජනතාව සතුටු වෙන්න ඔනි.

රටක් ලෙසට ගොඩනගන්නනම් රටක ජනතාවට දරන්න බැරි ණය බරින් මුදවා ගන්න රට හදන්න ආව මෛත්‍රි ,රනිල් දෙන්න තරගෙට පක්ෂේ ගොඩ දාගන්න වර දාන වරප්‍රසාද දෙමින් දැන් ජනතාවට දෙන්නගේම හෙලුව පෙන්නයි.

රටේ ධනය හුරා කන හොරු ටික බලය තියන එකාගේ ඔඩොක්කුවට යන ඒක ලංකාවටම ආවේනික තුඡ්චම දේශපාලන කුමන්ත්‍රනයකි.

මේ වනවිට ආසියාවේ අනික රටවලට සමානව දුෂණයට හා අල්ලසට ගිජු දේශපාලකයන් වැඩිම ජිවත් වෙන රට ලංකාවයි.

මැලේසියාව, සිංගප්පුරුව, ඉන්දියාව ලබාඇති දියුණුව ලැබුවේත් රට ගැන හිතන පාලකයන්ගේ කැප කිරීම නිසාය.රටේ නිතිය දුප්පතාට කෙලින් වෙන බලවතාට නැවෙන තරමටම හොදය.

වීරකුමාරලා දැන් හොදය. ඔවුන්ටත් මෛත්‍රි දැන් හොදය. මේ නින්දිත දේශපාලනයට තිත තැබිය හැක්කේම මුලින්ම පාර්ලිමෙන්තු, පලාත් සභා හා ප්‍රාදේසභා වැනි කිසිම දේ කට රජයේ සේවකයකුගේ වැටුප අභිබවා යන මුදලක් නොගෙවිය යුතුය. මංත්‍රිදුරයට පත්වී පලමු මාස 6ක කාලයක් වැටුප් නෙගෙවා වාරික දිමනාවක් පමණක් ගෙවිය යුතුය.

නිලවාහනයක් ලබාදිය යුතු නමුත් ඊට නවීන තාක්ෂණය
යොදාපුද්ගලික යන ගමන් වලට මුදලක් අය කල යුතුය. මෛත්‍රිට අවංකවම රට ගොඩ දාන්න නොබෙල් තෑග්ග ගන්න ඔනිතරන් කලයුතු දැ ඇත.

ඒත් දැන් මෛත්‍රි යන්නෙත් මහින්ද ගිය පාරටත් වඩා ඉතා දරුණු පාරකය. මෛත්‍රි යන මේ ගමන ගැන මුළු ලෝකයාම දැන් බලන් ඉන්නේ මෛත්‍රි මහින්දගේ හෙවනට යන්කන්ය.එදාට නම් මෛත්‍රි කියන විදිහටම මුළු ලෝකයාම ඔහු ගැන කතා කරනු ඇත.

අජිත් තෙන්නකෝන්.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...