Tuesday, December 12, 2017

විදෙස්ගත ශ‍්‍රමිකයින්ට කිසිඳු බද්දක් පනවා නෑ..(video)


දෙසැම්බර් 13, 2017.
රට විරුවන් කියාගන්නා ඇතැම් පිරිසක් විදෙස්ගත ශ‍්‍රමිකයින්ට නොමග යවන බොරු ප්‍රචාර ගෙනියනවා....වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක.


2018 අයවැය යෝජනාවලින් විදේශ ගත ශ‍්‍රමිකයින්ට කිසිඳු බද්දක් පනවා නොමැති බවත්, එය සාවද්‍ය කරුණක් බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප‍්‍රකාශ කරනවා.

මෙවැනි අසත්‍ය කාරණා ඉදිරිපත් කිරීමෙන් ජනතාව නොමග යන අතර, රජයක් ලෙස මෙවර අයවැයෙන් මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බව සඳහන් කළ යුතුය. මෙම කරුණ සම්බන්ධයෙන් 2018 අයවැය විවාදයේදී විදේශ රැකියා අමාත්‍යංශයට අදාළ වැය ශීර්ෂ කාරක සභා විවාදයේදී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ති සුනිල් හඳුන්නෙත්ති මහතාද ප‍්‍රශ්න කරන ලදී. එම අවස්ථාවේදීද අමාත්‍යවරිය සඳහන් කළේ, එවැනි යෝජනාවක් අයවැයේ සඳහන්ව නොමැති බවත්, විවිධ වෙබ් අඩවිවල සඳහන් කරුණු අසත්‍ය ඒවා බවයි.

මෙම කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අමාත්‍යතුමිය මෙසේ සඳහන් කරන ලදී. ”සුනිල් හඳුන්නෙත්ති මන්ති‍්‍රතුමා සිය කතාවෙදී සඳහන් කළා විදෙස්ගත ශ‍්‍රමිකයින්ගෙන් යම් කිසි මුදලක් අයකරගන්න යනවා කියලා වෙබ් අඩවිවල සඳහන් වෙලා තිබුණා කියලා. මම බොහොම පැහැදිලිව කියන්න ඕනි වෙබ් අඩවිවල පළවෙන සියළු දේ සත්‍ය නොවෙයි. ඒ ගැන එතුමට වගේම මේ සභාවේ ඉන්න මන්ති‍්‍රවරුන් 225ටම හොඳ අවබෝධයක් ඇති. වෙබ් අඩවිවල සඳහන් වුණාට මංගල සමරවීර මැතිතුමා එතුමගේ අයවැය කතාවේදී සඳහන් නොකළ බව හැම කෙනාම දන්නවා. මම ඒ කතාව මුලින්ම ප‍්‍රතික්ෂේප කරන්න කැමතියි.”
විදෙස්ගත ශ‍්‍රමිකයින්ගේ සුභසාධනය වෙනුවෙන් ඕනෑම සංවිධානයක් ඉදිරිපත් කරන යෝජනා හා අදහස් පිළිබඳව තමන් සැලකිල්ලට ගන්නා බවත්, ශ‍්‍රමිකයින්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් එම සුභවාදී යෝජනා හා අදහස් කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත්, මෙවැනි අසත්‍ය කරුණු හේතුවෙන් ජනතාව අපහසුතාවයට ලක්වූයේ නම් ඒ පිළිබඳව තමන් කණගාටු වන බවත් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.
  
විදෙස්ගත ශ‍්‍රමිකයින්ට නොමග යවන බොරු ප්‍රචාර ගෙනියනවා....වීඩ්යෝ දර්ශණ ඔබට පහතින් නැරඹිය හැක.

(වීඩ්යෝ දර්ශණ01)

(වීඩ්යෝ දර්ශණ02)

(වීඩ්යෝ දර්ශණ03)

 

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...