දෙසැම්බර් 14, 2017.
"අපෝ ඔච්චර ද බන් ඌ ගෙනාවෙ,මං හිතුවා ෆෝන් එකක්වත් ගෙනෙයි කියලා... නොදකින්"
"ඔයා මට මොනවද ගෙනාවෙ..?
මට මේ ගාණ දෙන්නකො.. ඔයාට ඉතින් සල්ලිවලින් අඩුවක් නෑනෙ සුදූ..
අපෝ ලක්ෂ 2 3ක් ද බන් මට දෙන්නෙ..? ඕකද සහෝදරකම.ඔහොමද සහෝදරීට සලකන්නෙ..?"
"රට ගිහින් හොඳට හම්බකරන් එන්න ඇති.අපිට රුපියල් විසිදාහක විතර තෑගි ටිකක් ගෙනාවෙ.අපරාදෙ දුන්න තේ ටිකත්."
"අඩෝ වරෙන් මචන් අද සෙට් වෙමු ආහ්.. යාළු ෆිට් එක වෙනුවෙන් උඹ ගානෙ ග්‍රෑන්ඩ් පාර්ටියක් දියන්.. ට්‍රිප් එකකුත් ඕගනයිස් කළා බන්,යමන් හරිද... අද වියදම් නොකරන සල්ලි මොකටද ඕයි.. ෆන් එකක් ගමු.. අඩෝ කුණා වෙන්න ලෑස්ති වෙන්න එපා.."
"මගෙ රත්තරන් මොනවද මට ගෙනාවෙ.. මාව ෂොපින් එක්කන් යනවා නේද..? ජුවෙලරීස් ඕන,ඇඳුම් ඕන,තව ගන්න ඒවා ටිකක් තියෙනවා.. හා නේද බබා..? එන ගමන් අපි පීසා හට් යං.ගොඩාක් කාලෙකින් නෙ මගෙ වස්තු හම්බවුණේ.."
"පිංකමක් තියෙනවා කරන්න.මේ මහත්තයා රට ඉඳන් ගිය සතියෙ නේද ආවෙ..? යන තැනටත් දෙයක් කරගන්න එපැයි.. ඔන්න මේ සැරේ පින්කම මහත්තයගෙ නමට ලිව්වා මම.. වැඩිය නෑ,රුපියල් හැටදාහක ආධාරයක් කළාම ඇති මහත්තයා..."
ඒ ඔහුට පැවරෙන දේවල් ය...
ඔහුට ඉදිරිපත්වන ආයාචනයන් ය...
නමුත් ඒ කිසිවෙකු තුළවත් ඔහු වෙනුවෙන් ආදරයක් තිබෙනවා ද....?
පවුලෙ කවුරුත්ම නැති,
සිංහල අකුරක් පේන මානෙක නැති,
හුඟාක් වෙලාවට නින්දක් නැති,
ඉපදුනු දා ඉඳන් කාපු සිංහල බත්කටක රස අවුරුදු ගාණකින් ලැබුණෙ නැති,
හරිහැටි නින්දක් නැති,
උණුසුම නැතත් උහුලන්න බැරි සීතලෙන් අඩුවක් නැති,
පිටරට ජීවිතයේ අවුරුදු ගාණක මහන්සියේ ප්‍රතිඵල භුක්ති විඳින්නට බොහෝ අය බලා ඉන්නේ ඇයිදැ'යි මට නොතේරේ....
නුඹට ඔහුගේ පැමිණීම රජ මඟුල්ය...
ඔහුට,ඒ වසර ගණනාව මළගෙයක්ය....
ඔවුන් සල්ලි ලක්ෂ ගණන් උපයන බව ඇත්තය...
ඒ සියළු ධනය පසුපස කිසිවෙකුටත් නොදැනුණු කඳුළු කතාවක් ඇත....
හැකි නම්... වසර ගණනාවකින් පැමිණෙන ඔවුන්ගෙන් ලාභ නොසොයා,ලැබෙන ත්‍යාග ගැන අවලාද නොකියා,මානුෂිකව සිතන්න.....
No comments:
Post a Comment