Thursday, December 21, 2017

ගෝඨාට සැප දෙන ජනතාවට බැට දෙන උසාවි දැන් රටට කුමට...

දෙසැම්බර් 21, 2017.

ව්‍යවස්ථාදායකය , විධායකය , අධිකරණය යනු හොරුන්, මිනීමරුවන්, දූෂිතයන්, ඩීල්කාරයන් ආරක්ෂා කෙරෙන කුළුණු තුනබව අප හොඳින් දනිමු. එමෙන්ම එය මේ රටේ ජනතාවට අංශු මාත්‍රයක සේවයක් නොකරන බවද දේශපාලන කරලියේ නිරන්තරයෙන් රැඳී සිටින අපට අරුමයක් නොවේ. මෙම පීඩක ත්‍රිත්වය මේ රටේ සාමයට පමණක් නොව ජනජීවිතයටද අතිශය භයංකර තත්වයක් නිර්මාණය කරමින් සිටි.

එය කුරිරු ප්‍රජාතන්ත්‍රවාදයට මග කියන්නකි. එයට දිය හැකි ආසන්නම උදාහරණය වන්නේ මිනීමරු ගෝඨාභය මෙරට නීතියේ රැහැනට හසුවීම වලකා ලමින් ඉහත සඳහන් ප්‍රාජාපීඩක ආයතන දියත් කරන සාමුහික ප්‍රයත්නයයි. මනුෂ්‍යත්වයට ගරු කරන , දුෂණ හා වංචාවට සෘජු ලෙස එරෙහිවන, ජනතාව මත රාජ්‍ය ත්‍රස්තවාදය දියත් කල පුද්ගලයන්ට යුක්තිය ඉටු කරන ලෙස හඬ නගන ජනතාවගේ හඬ අපගේ හඬ ද වේ.

අප සිටගන්නේ මේ රටේ පොදු මිනිසාගේ අයිතීන් උදෙසා මිස , මෙරටේ රජකරන පාදඩ දේශපාලන සංස්කෘතිය උදෙසා නොවන බව ද නිර්භයව කියන්නෙමු. මේ රටේ අක්මුල් දිගහැරුණු දුෂිත දේශපාලනයට මෙන්ම මුදලට යටවූ අධිකරණයද කොන්දේසි විරහිතව නිර්ධය ලෙස විවේචනය කරන්නේ ජනතාවට සාධාරණ සමාජයක් උදා කිරීමේ උත්තුංග අරමුණිනි. ගෝඨාභය වහාම අත්අඩංගුවට ගෙන මෙරටේ සෑම පුරවැසියෙකුටම අදාළ නීතිය ඔහුටද වලංගු විය යුතුය. එය අපගේ මෙන්ම යුක්තිය හා සාධාරණය අගය කරන සෑම මිනිසෙකුගේම හඬය.

ගෝඨාභය රාජපක්ෂට නීතියේ ඉහලින් ඔසවා රැකවරණය සලසා දීම වෙනුවෙන් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇත්තේ එක් පැත්තකින් මෛත්‍රීපාල සිරිසේන සහ තවත් පැත්තකින් රනිල් වික්‍රමසිංහ බව දැන් ප්‍රකට කරුණකි. මේ රටේ ජාතික බලවේග යයි කියාගන්නා රාජපක්ෂ වහල්මෙහෙයේ ක්‍රියාකාරීන් විසින් නිරන්තරයෙන් මතු කරන "රණවිරුවන්ට එරෙහිව දියත් වන කුමන්ත්‍රණ "ආටෝපයෙන් දැවැන්ත අපරාධ රැල්ලකට වගකිව යුතු ගෝඨාභය වටා ඔතා ඇත. එය වක්‍රාකාර ලෙසින් උපරිම ප්‍රයෝජනයට ගෙන ඇත්තේ මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ‍ය.

තමාගේ මලනුවන් වන ඩඩ්ලි සිරිසේන හරහා ගොඩනගාගත් සංහිඳියාව ඔස්සේ අත්වැල් බැඳගෙන මෛත්‍රී හා ගෝඨාභය වෙනම දේශපාලන ගමනකට අවතීරණ වී ඇත. තවත් පැත්තකින් රනිල් විසින් සාගල සහ මලික් යොදවා ගෝඨාභයට ආරක්ෂාවක් සපයා ඇත. නමුත් මෙය මෙසේද සිදු කිරීමට තත් අදියි. 2020 දේශපාලන පොරපිටියේදී රනිල් වික්‍රමසිංහට එරෙහිව ගොඩනගන බලවේගය යනු සිරිසේන + ගෝඨාභය සුසංයෝගයයි. මෙය මහින්ද රාජපක්ෂ ඉතා කල් ඇතුව දුටු දේශපාලන වෙනස බවද අප මතක් කරමු. තමන්ගේ මරිමෝල් පුතුන්ට මේ රටේ දේශපාලන කිරුළු දැරීම සිහිනයක් වූ කල , ශ්‍රීලනිපය විනාශ කල අතර , තමාගේ පවුල් ගස තුලද ගෝඨාභය ට එරෙහිව යට බිම් ගත සටනක්ද දියත් කළේය.
එය අවබෝධ කරගත් ගෝඨාභය , තමන්ට සුවච කීකරු දුෂිතයින් පිරිවරාගෙන 2020 අගමැති සටනට පිවිසුනේ මෛත්‍රීපාල සමගය. . එය මහින්ද , බැසිල් දේශපාලන විගඩමින් ව්‍යුක්තව වෙනම න්‍යාය පත්‍රයකට සැකසුනු ගමනකි. මෙම ගමන පිටුපස කරලියේ වැඩ කොටස මෛත්‍රී , ශිරාල්, මෛත්‍රී ගුණරත්න ඇතුළු කල්ලිය දියත් කරමින් සිටි. පාර්ලිමේන්තුවේදී සරත් වීරසේකරද , දිවයින පුවත්පද යස අපුරුවට ගෝඨාභය ගේ යහමින් වියදම් වන මුදලින් විසුක දස්සන මවමින් සිටි.

ගෝඨාභයට රලපෙලක් සේ එල්ල වෙමින් තිබෙන චෝදනා අතරින් වැලිකඩ බන්ධනාගාරය තුල සිදු වූ රැඳවියන් 27 දෙනෙකුගේ ඝාතනය, මිග්යානා මගඩියෙන් ඩොලර් මිලියන ගණන් සොරාකෑම , රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් තම පවුලේ උරුමය වෙනුවෙන් වියදම් කිරීම, ලසන්ත , එක්නැලිගොඩ, ලලිත්- කුගන් ඝාතනය ඇතුළු සිය ගණනකගේ ජීවිත බිලිගැනීම, සුදු වෑන් යෝදා ගනිමින් සිදු කල රටේ පුරවැසියන් පැහැරගෙන මරා දැමීම මේ රටේ අධිකරණය තුල ක්ෂණිකව විභාගයට ගෙන යුක්තිය පසිඳ ලිය හැකි නඩු හබය. ඔහු තම පදවිය දඩමීමා කරගෙන මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වටිනාකම් තුට්ටුවකට මායිම් නොකර තම අණසක දියත් කලේය .

එම සිදුවීම් පෙළ පාරාවලල්ලක් සේ නැවත මතු ඒමට තුඩු දුන්නේද තමාගේ සොහොයුරා මෙරට සදාකාලික ජනපති පුටුවෙන් බිමට ඇද දැමු දින සිටය. එවන් පුද්ගලයෙකුට එරෙහිව නීතිය පසිලීම නොව උසාවිය වෙත ඉදිරිපත් වීමද හදිසි හස්තයක් විසින් වරින් වර නවතා ලීම මේ රටේ නීතියට එල්ල කරන අතුල් පහරකි. මේ රටේ ඕනෑම පුරවැසියෙකුට යම් චෝදනාවක් එල්ල වේ නම් , එය නීතිය ඉදිරියේ වග විභාග කල යුතුය. ඒ වෙනුවෙන් මේ රටේ ළුණු බිකට පවා බදු ගෙවන ´ජනයාගෙන් උපයාගන්නා මුදල් විනිසුරන් ඇතුළු මේ රටේ නීතිය පසිඳ ලන ආයතන වල වගකිවයුත්තන්ට ගෙවනු ලබයි. එහෙත් වර්තමානයේ සිදුවන්නේ කුමක්ද ?

ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස විනිසුරන් පුන පුනා පවසන තත්වයට ඇද වැටි ඇත. වරාගොඩ, ඉලන්චේලියන් වැනි කශේරුකාවක් ඇති විනිසුරන් වෙනුවට , පාලකයන්ගේ යහන් ගතවන විනිසුරන්, විනිසුරුවරියන් ( ඇත්ත වශයෙන්ම පල් හොරුන් ලෙස ආදේශ කල යුතුය ) මේ රටේ ඉහල අධිකරණ පද්ධතිය තුල හිඳුවා ඇත. සර්ව සාධාරණය දැන් ඉටුවන්නේ මේ රටේ අපරාධ කරුවන්ගේ නිදහස වෙනුවෙනි.

රාජපක්ෂ පාලන සමය තුළ සිදු වූ සාපරාධී මනුෂ්‍ය ඝාතනවලට වගකිව යුතු චරිතය වෙනුවෙන් මෙසේ පෙනී සිටීමට මේ රටේ ප්‍රධාන පුරවැසියාට හැකියාව ඇත්තේ නිර්වස්ත්‍රයෙනි. ගෝඨාභය ගැන සිහින දකින ඇතැම් භික්ෂූන් වහන්සේලාට තිබෙන්නේ සුළු ජාතිකයන් මර්දනය කර දැමීමේ නොතිත් ආශාවයි. එහෙත් නීච දේශපාලන සමාජයක රජකරන බලය නම් අසුචි ගොඩ බුදීමට දැන් රාජපක්ෂ මෙන් සිරිසේනද සුදානම්ය. 2020 දී තමා ජනපති වී ගෝඨාභය අගමැති කිරීමේ උත්සාහය සපල වීමට නම් , ගෝඨාභය සිරබතින් ගලවා ගත යුතුය. සුදු පිරියාම කරමින් සුදට සුදේ බැබලිය යුතුය. එහෙත් සිරිසේන ගේ මෙම ජඩ උත්සාහය පරාජය කිරීමේ වෙනුවෙන් මෙන්ම රනිල් විසින් සාගල රත්නායක සහ මලික් සමරවික්‍රම හරහා ගෝඨාභයට රැකවරණය දීමට විරුද්ධව අප ජනතාව සමග අත්වැල් බැඳගත යුතුය.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...