Saturday, December 2, 2017

දළ පූට්ටුවා සහ ශ්‍රී ලාංකිකයෝ.


තාවකාලික බලය ලබා ගැනිමට අම්ම තාත්තා උවත් විකිනිය හැකි මේ රටේ වගකිවයුතු නිලදරුවන්ට ඇතෙක් නම් ලොවෙත් අදාලම නැත .
එලෙසම ඇතා මැරුනු පසු බුකියේ හඬා වැලපෙන මහ ජනතාව දෙස් දෙවොල් තියන් බෙරිහන් දෙන්නේ ඔය දළ පූට්ටුවාගේ උනුසුම යනතුරු පමනි.

මෙතැන් සිට සති දෙකකින් ඔය අවලාද කන් කෙදිරි අමතක වී යන අතර පාලක පන්තිය විසින් තලු මැරීමට තවත් මාතෘකාවක් නැවත ඔවුන් කර පිට පටවනු ඇත.පරිසරය වෙනුවෙන් නැවත ඔවුන් කරලියට එනුයේ තවත් දළ දෙකක් හෝ සද්දන්තයෙකුගේ කුනු වී ගිය සිරුරක් හමු වුවහොත් පමනි.
නැතිවුන හකුරට වැලපුනද තියෙන හකුර රැක ගන්නට සුලු පිරිසකට ඇර බහුතරයට උවමනාව නැත.ඒ බහුතරයෙනුත් අති බහුතරය දළ පූට්ටුවා වෙනුවෙන් ශෝක පනිවිඩ ලියනුයේ අනික් අය ලියන නිසා තමාද කම්පාවෙන බව පෙන්වීමට නැති නම් රැල්ලටය.

එයද එම සද්දන්තයාගේ ජීවිතය වෙනුවෙන් නොව දුර්ලභ ගණයේ දල දෙකක් තිබූ නිසාම පමනි.

ඔවුන් බුකියේ කෑ මොර දෙන්නේ ස්වභාව ධර්මය හෝ සත්ව ප්‍රජාව වෙනුවෙන් නොව අර අර දල දෙක උසස් කොටය.දල නැති අලියෙකු මැරුවහොත් මෙතරම් දුකක් නැත.නමුත් මීට පෙර දල නැති සතුන් මරණ විට මෙලෙසම නැගී හිටියා නම් වගකිවයුත්තන් හට පියවරක් ගැන්මට බලපෑම් කලානම් අද මේ අහින්සක සද්ධන්තයා ජීවතුන් අත වනු ඇත. නමුත් මෙරට සිස්ටම් එක තුල එය සිහිනයක් පමනි.

ස්වභාවධර්මයේම කොටසක් වී ස්වභාවධර්මය ඔවුන්ගේ පරිභෝජනයට ඇති කොටසක් ලෙස සිතන,ලේසියෙන් පහසුවෙන් කාබී ජීවත් වීමට සිහින මවමින් දේශපාලන හිවලුන්ගේ ගුලි කා උන්ට සුර සැප විදින්නට මග සලසා දෙන ජනතාව(සියල්ලෝම නොව )පසුව ඔවුන්ගේ කුනුහෝදමින් ඔවුන්ට කඩේ යමින් ඔවුන්ගේ ඔනෑ එපාකම් ඉටු කරමින් දුක් විදිති.
එසේ සිංහ හම පොරවාගෙන ඉන්න කපටි දේශපාලන හිවලුන් විසින් කාබී ඉතුරුකරන කටු හම පොරවන්නට උදවුකල හිවලුන් විසින් තලුමරමින් කති. අවසානයේ සිංහයා විසින් තෝරා පත් කල යුතු ඒ ඒ ක්ශේත්‍රයේ වගකිවයුතු නිලදාරීන් තෝරනුයේ සිංහ හම පොරවා ගත් හිවලා විසිනි.එම තෝරා පත් කෙරුනු හිවලුන් ලෙව කෑ කටු ලෙවකෑමට ඊට පහත පන්තියේ හිවලුන් සිටිති.

උන් වගකිවයුතු හිවල් කොට්ඨාශ දෙක වෙනුවෙන් පිරිස රැස් කරති.මේ හිවල් රැලේම අබිප්‍රාය තමන්ගේ කෙටිකාලීන සුවය පමනි.
ඔවුන්ට හුස්ම ගන්න පිහිට වෙන ජීවත් වීමට පිහිට වෙන පරිසර පද්දතිය ඔවුන්ට වැඩක් නැත. එය එසේ නොවුනා නම් අද විල්පත්තුවට මෙසේ වෙන්නෙ නැත..දලපූට්ටුවාට මෙසේ වෙන්නෙ නැත කදුකර කොටියන්ට එසේ වෙන්නෙ නැත.කෙලින් නැගිටිය නොහැකි ලෙස කොදු කඩාගත් ජනතාව අරකී පාලකයෝ මත්තේම නැහෙති.උන් ඉන් ප්‍රයෝජන ගනිති.
අවසානයේ වැටත් නියරත් ගොයම කෑ නම් ජනතාව කාට වරද පටවම්ද.දළ කැපුවා කියන ග්‍රාම නිලදාරීයාද පෙරකී පුරුක් වලින් එකක් පමනි.ඊට යටින් ද තව එම රැලේ පුරුක් සිටිති.අවසාන තීන්දුව නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වෙති.

දල පූට්ටුවා නිසා කෙටි කලකට කරලියේ කෑ ගැසුවත් අවසානයේ එය වෙනම ආතල් එකක් පමනි.එවා සිද්ද නොවෙන තැනට වැඩ කටයුතු සිදුවෙතැයි සිතීම අළුයම දුටු සිහිනයක් මෙනි.

ටොපිය කා කොයල පාරට දමන මිනිසුන්, නාන්න ගොස් අරක්කු බෝතලය ගලේ ගසා දොලට දමන මිනිසුන්.ට්‍රිප් එකක්ගොස් කෑම උරය බත් කොලය අකුලකට දමන මිනිසුන් බහුතරයක් අද දලපූට්ටුවා වෙනුවෙන් ශෝක ප්‍රකාශ ලියති.කල උන්ට හෙන ඉල්ලති.ඒ එම හෙන වලින් කොටසක් නොදැනීම උන්ගේ අවසාන පුරුක් වල සිටින ඔවුන්ටත් හිමියැයි ඔවුන් සිහිනෙන් වත් නොසිතති.

සිදුවිය යුත්තේ දෙයක් වුනු පසු උඩ පැනීම නොව වෙන්නට පෙර වලක්වා ගැනීමය එය සිදුකල යුත්තේ පාලකයන් වගකිව යුත්තන් පත් කරනා තැන සිට මිසක් පත්කරගෙන උඩුගන් බලා යෑමට උත්සහ කිරීමෙන් නොව.

Uthpala Maheekantha

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...