Tuesday, December 19, 2017

ඉතාලියේදි පුද්ගලයෙකුට අපහාසයක් හො කීර්ති නාමයට අපකීර්තියක් කලහොත් ලැබෙන දඞුවම බරපතලයි...

දෙසැම්බර් 20, 2017.

තමන්ට කැමති සියල්ල කල හැකි බව සිතන ඇතැමුන්, තවකෙකු හිංසනයට ලක් කිරීම හෝ ප්‍රසිද්ධියේ තවකෙකු අපකීර්තියට පත් කිරීම තුලින් හෝ චරිත ඝාතනය කිරීම මගින් ආශ්වාදයක් හෝ යම් ආර්ථික පරමාර්ථයයන් ඉෂ්ට කර ගත හැකි යැයි සිතා කටයුතු කරන්නට පෙලබෙනවා.
නමුත් නීතිය ඉදිරියේ මෙවැනි අපරාධ වලට බොහෝ විට ලබා දෙන්නේ බරපතළ දඩුවම්.

ඉතාලියේ ජීවත් වන ලාංකිකයන් ඉතාලියේ විවිධ නගරයන්හී ලාංකිකයන් වශයෙන් එකමතු වී, එක්රැස් වී තමන්ගේ අනන්‍යතාවය සහිත විවිධ කර්තව්‍යයන් ඉටුකරන මූලිකත්වයන් දරන පුද්ගලයන් වටේ කුඩා සමාජයන් වශයෙන් සැකසී තිබෙනවා.
තම සංස්කෘතිය, ආගම, භාශාව, ඉතිහාසය, නර්තනය හා සංගීතය ප්‍රවර්දනය කිරීමටද, ව්‍යාපාර හා සමිති සමාගම් හා ආගමික ස්ථාන වශයෙන්ද විවිධ සංවිධානාත්මක වැඩපිළිවෙළවල් දිනෙන් දින තමන් ජීවත් වන නගරයේ එක්රැස් වන ලාංකික සමාජයට හෙලිදක්වනවා.

මෙවැනි වැඩකටයුතු වලදී බොහෝ විට තමන් මේ ජීවත් වන්නේ ඉතාලියේ යන්න පවා ඇතැමුන් හට අමතක වනවා.

ඉතාලියේ අපරාධ නීතියට අනුව "අපහාසය" යනු පුද්ගලයෙකුගේ කීර්ති නාමය අපකීර්තියට පත් කිරීමේ ක්‍රියාවලියයි.

ඉතාලි දණ්ඩ නීතියට අනුව මෙම වරද බරපතළ දඬුවම් ලබා දිය හැකි අපරාධයක් ලෙස සැලකෙන අතර වන්දි මුදල්ද ලබා දීමට වරදකරු හට නියම විය හැකියි.

යමෙකුගේ පෞද්ගලිකත්වය, පෞද්ගලිකත්වයේ අයිතිය උල්ලංඝනය කිරීමත්, යමෙකු ගේ නම හෝ චරිතය උපයෝගී කරගනිමින් අපහාසාත්මකව කටයුතු කරීම තුලින් හානියට ලක් කිරීම තුලින් යමෙකුගේ ගෞරවයට එරෙහිව යමක් සිදු කිරීම, හා යමෙකුගේ කීර්තියට හානි කිරීම වශයෙන්ද මෙම අපරාධය අර්ථ දැක්විය හැකියි.

මෙය වාචිකවද, ලිඛිතව හා වෙනත් සන්නිවේදන මාධ්‍යයන් ඔස්සේද සන්නිවේදනය කරන පනිවුඩයක්ද විය හැකියි.

ඉතාලි දණ්ඩ නීති සංග්‍රහයේ 598 වගන්තියට අනුව මෙම වරද සදහා ඉතාලි අධිකරණය විසින් වසරක සිරදඬුවමක් හෝ යුරෝ 1.032 දක්වා වන්දි මුදල්ද.

අපරාධයේ බරපතල කම අනුව හා සිදු වී ඇති හානියට අනුව වසර 2 ක් වශයෙන්ද, තාවකාලික සිර දඬුවමක් ලබා දිය හැක.

මෙම අපරාධය ඡන මාධ්‍ය , ප්‍රවෘත්ති, පුවත්පත්, අන්තර්ජාලයේ වෙබ් අඩවි වැනි මාධ්‍යන් ඔස්සේ සිදු වී ඇත්නම් (සන්නිවේදන මාර්ගවල දැඩි විසංයෝජන ධාරිතාවක් ඇති එකක් විය යුතුයි) මාස හයේ සිට වසර තුනකට වැඩි කාලයකට සිරගත කිරීම හා යුරෝ 516 ට වැඩි (අපහාසයේ බරපතලකම අනුව වැඩි වන) වන්දි මුදලක් ද නියම කල හැකියි....

මුලාශ්‍රය: නීතිඥ සචිනි වර්ණකුලසූරිය
39 388 6279735.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...