Thursday, December 28, 2017

පොහොට්ටුවෙන් නාමල්ගේ සේනානි කොළඹ මහනගර සභාවට....

දෙසැම්බර් 28, 2017

මේ ආණ්ඩුව බලයට පැමිණි පසු පත් කරනු ලැබූ වරාය , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ කමිටුව පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු ඉතා බරපතලය එම වාර්තාව අන්තර් ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට කියවිය හැක . එබැවින් මා මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ කොළඹ නගර සභාවට පොදු ජන පෙරමුණේ පොහොට්ටුවෙන් තරඟ කරන මෙම අපේක්ෂිකාව ගැන පමණක් ලිවීමටය


ඇගේ නම නිත්‍යා සේනානි සමරනායකය . ඇය කලක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස සේවය කළාය. ඇගෙන් අමතර වැඩ ගැනීමට සිතු නාමල් රාජපක්ෂ මහතා , ජනධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කර ගැනීමට අවශ්‍ය පියවර ගත්තේය . ඒ අනුව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා , ජනධිපතිවරයාගේ පුද්ගලික ලේකම්ගේ කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති සම්බන්ධිකාරක ලෙස 2010 ජුනි 23 දින ඇයට පත්වීමක් ලබාදුන්නේය . නියම කළ මාසික වැටුප රු.35000.00 කි . ඊට අමතරව ඉන්ධන දීමනාව ලෙස රු. 22680.00 ක්ද ප්‍රවාහන දීමනාව ලෙස රු. 30000.00ක්ද ඇයට මසකට ගෙවනු ලැබිණ . අලුත් රැකියාවෙන් සමරනායක මෙනෙවිය මසකට ලැබූ මුළු මුදල රු.87680.00 කි.

 ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගැන සෙවීමට පත් කරනු ලැබූ වැලිඅමුණ කමිටුව මේ සම්බන්ධයෙන් සේනානි සමරනායකගෙන් ප්‍රශ්න කරනු ලැබිණ . අසන ලද ඇතැම් ප්‍රශ්න වලට දුන් පිළිතුරු මෙසේය .

ඇය අරලියගහ මන්දිරයේ සිට කළ ව්‍යාපෘති මොනවාදැයි ඇය නොදනී.

ඇයව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිට අරලියගහ මන්දිරයට නිදහස් කෙරුනේ නාමල් රාජපක්ෂ මහතාගේ උවමනාවටය

අරලියගහ මන්දිරයේ හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇය සමග සේවය කළ අනෙත් අයගේ නම් ඇයට මතක් කර ගත නොහැක . මතක තිබෙන්නේ දීපා ලියනගේ මිය පමණි.

ඇය සේවය කරේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නොවේ. අරලියගහ මන්දිරයේය .එහෙත් ඇය සේවය කළ කාර්යාලය තිබුනේ අරලියගහ මන්දිරයේ හරියටම කොතනදැයි කීමට ඇයට නොහැකි විය . ඇය කිවේ අරලියගහ මන්දිරයේ කිසියම් තැනක එය තිබුණු බවය .

කාර්යාලයට පැමිණීම සහ පිටවීම තහවුරු කිරීම සඳහා අත්සන් කිරීමට පොතක් තිබුනේ නැත .

ඇයට ඉන්ධන දීමනාවක් සහ ප්‍රවාහන දීමනාවක් සැපයු නමුත් නාමල් විසින් ප්‍රවාහනය සැපයු බැවින් එම මුදල් ඇය වැය කලේ ඇගේ පුද්ගලික උවමනාඑපා කම් සඳහාය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඇය නිදහස් කරනු ලැබුවද ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් නොකඩවා ඇයට සම්පුර්ණ වැටුප සහ පලදායිතා දීමනාවෙන් 50% ක් ද ගෙවනු ලැබිණ . ඒ අනුව ඇය මසකට ගුවන් සේවයෙන් ලැබූ මාසික වැටුප දල වශයෙන් රු.70500.00 විය . දෙපැත්තෙන්ම ඇය ලැබූ මාසික ආදායම 158000.00 ක් විය.


අරලිය ගහ මන්දිරයේ ඇය පුර්ණ කාලීනව සේවය කර අතර තුර 2014 මාර්තු 27 දින ගුවන් සේවිකා තනතුරේ උසස් වීමක්ද ඇයට ලබා දී තිබේ.


2015 ජනවාරි 9 දින මහින්ද රාජපක්ෂට තනතුර අහිමි වන තුරුම අරලියගහ මන්දිරයේ ඇය සේවය කර තිබේ. ඊට දින තුනකට පසු ඇය යලිත් පරණ රැකියාවට ගියාය.

වැලි අමුණ වාර්තාව කියු සිටින්නේ ජනධිපති ලේකම් කාර්යාලයේ සේවයට නොව නාමල් රාජපක්ෂගේ වැඩට ඇය යොදවා ගෙන තිබෙන බැවින් ඇයට වැටුප් ගෙවීම වැරදි බවය. එබැවින් එමගින් රජයට සිදු කර තිබෙන පාඩුව රු 4,284,460 .00 කි. .

ඇය අරලිය ගහ මන්දිරයේ සේවය කරන කාලය තුලදී ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇයට වැටුප් සහ දීමනා ලෙස ගෙවා තිබෙන මුළු මුදල රු.4,133, 622 .00 කි. එය රජයට අයත් සමාගම් වලට අදාළ චක්‍ර ලේඛ අංක 33 උල්ලංඝනය කිරීමක් ලෙස වැලිඅමුණ වාර්තාව සඳහන් කර තිබේ. එබැවින් මෙය සාපරාධි ක්‍රියාවක් බව සඳහන් කරන කමිටුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීය යුතු යැයි කියා තිබේ.

සේනානායක මෙනෙවියගේ කතාන්දරය එතනින් අවසන් වන්නේ නැත . වැලි අමුණ වාර්තාවෙන් අවුරුද්දකට පසු ඇය අත් අඩංගුවට ගනු ලැබුවාය. ඒ පෙර සඳහන් හේතු උඩ නොවේ. නාමල් රාජපක්ෂ මහතාට අයත් සමාගම් දෙක වූ N.R. consultation Pvt Ltd සහ Gowers Corporation Pvt Ltd හී අධ්‍යක්ෂිකාවක ලෙස කටයුතු කරමින් රු මිලියන 45 ක කළු සල්ලි සුදු සල්ලි කිරීමට ඇය සම්බන්ධ වූ බවට චෝදනා කරමිනි .
.එහෙත් ඒ පිළිබඳව කෙරුණු පරීක්ෂණයක් ගැන දැනගන්නට නැත . එසේ පරීක්ෂණයක් පැවැත්වීමට හිටපු අධිකරණ අමාත්‍යවරයා වන විජේදාස රාජපක්ෂ උනන්දු නොවීද? එසේත් නොවීනම් නීතිපති දෙපාර්තමේන්තුව එය යට ගැසුවාද?

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීමට ජනාධිපතිවරයා 2018 වසරේ පළමු සතියේදී කොමිසමක් පත් කරන බව දින කීපයට පෙර සඳහන් කළ අතර දඬුවම් කෙසේ වෙතත් හොඳ හොඳ සෙල්ලම් නම් හෙලිවෙනු නොඅනුමානය .

පොහොට්ටුවෙන් කොළඹ නගර සභාවට ඉදිරිපත් වී සිටින සුජානි සමරනායක මෙනෙවිය ඇගේ මුහුණු පොතේ මෙසේ ලියා තිබේ

" රටට ලෝකයට ගැලපෙන නගරයක් ලෙස කොළබ නගරය ලෝකයේ ඉදිරියෙන් තැබීමට කොළඹ නගරය සංවර්ධනය කළ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමට කොළඹ නගරය බාර දීමටත් ඔවුන් හරහා අභිමානවත් නගරයක් නිර්මාණය කර ගැනීම සදහා කැප වීමටත් අප සුදානම් බව මතක් කර සිටින්නෙමි..
ලස්සන කොළඹක්‌ තනන්නට ඔබත් අප සමග එක් වන්න."
සේනානි සමරනායක
කොළඹ මහා නගර සභා අපේක්ෂිකා
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ....

මුලාශ්‍රය:බර්ටි රණවීරගේ.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...