Saturday, December 2, 2017

ඉතාලියේ ජීවත් වන ලාංකික ඔබත් ප්‍රතිලාභය පිලිබද ඔබ දැනුවත්ද?


ඉතාලි රජය විසින් වයස අවුරුදු 55 ට වැඩි පුද්ගලයින් සඳහා අවම ආදායමක් ලබා දීමට යෝජනා වීම සම්බන්ධයෙන් .

මේ සම්බන්ධයෙන් මේ වන විටත් ඉතාලියේ ජීවත් වන ලාංකිකයින් බොහෝ දෙනා මා අමතා කරුනු විමසනවා, තවද ඉතාලියේ බො⁣හෝ මාධ්‍යන් ඔස්සේද මෙම කාරණාව පිලිබද ජනතාව දැනුවත් කිරීම් සිදු කරනවා.

ඉතාලියේ ජීවත් වන ලාංකික ඔබටත් මෙම ප්‍රතිලාභය පිලිබද ලගම ඇති Caaf හෝ Patronati වැනි සමාජසේවා කාර්යාල වලින් දැනුවත් විය හැකියි.

Reddito di inclusione 2018 නමින් මෙම ව්‍යාපෘතිය හැදින්වෙනවා.
Isee ආදායම් වාර්තාව යූරෝ €6000,00 අඩු ආර්ථික වශයෙන් දුර්වල පවුල්වලට සහනයක් සලසා දීම සදහා මෙම සහන වැඩපිළිවෙළ ඉතාලි රජය විසින් පසුගියදා හඳුන්වා දෙනු ලැබුවා. Reddito di inclusione (REI) නමින් හැදින්වෙන මෙම සහන වැඩපිළිවෙළ සදහා සෑම දෙයක්ම සූදානම් වී හමාරයි. 2017 දෙසැම්බර් මස පලමු වැනිදා සිට - Inps චක්‍ර ලේඛනයට අනුව සුදුසුකම් ඇති අයට එය සදහා ඉල්ලුම් කල හැකියි. ඉල්ලුම් කිරීමේ ක්රමවේදය නගරයෙන් නගරයට වෙනස් විය හැකියි.
කුඩා දරුවන් සහිත පවුල්, ආබාධිත පුද්ගලයින් සහිත පවුල්, ගැබිනි කාන්තාවන් හා දරු ප්‍රසූතියෙන් මාස 4 ක්වූ කාන්තාවන්, සහ රැකියා විරහිතව සිටින (disoccupato) වයස අවුරැදු 55 ට වඩා වැඩි අය සිටින පවුලකට අවම වශයෙන් තමන්ගේ සුදුසුකම් අනුව මාසිකව එක් අයෙකුට යූරෝ 187,50 සිට උපරිම වශයෙන් යුරෝ 485 ක් මෙම වැඩපිළිවෙළ මගින් ලබා දෙයි (වසරකට 5,824.80 කි). මෙය උපරිමයෙන් මාස 12කට ඉල්ලුම් කල හැකි අතර, වසරක් ලබා ගත්පසු මාස 6කට පසු නැවත මාස 12 කට ඉල්ලුම් කල හැක.

ඉතාලි පුරවැසියන් නොවන අයට ඉතාලියේ දිගුකාලින රැදී සිටීමේ බලපත්‍රය (carta di soggiorno) මෙම සහනය ලබාගැනීමට අවශ්‍ය වන අතර, පසුගිය වසර දෙක තුල Residenza ස්තීර පදිංචිය තහවුරැ කිරීමද අවශ්‍ය වනවා.

තමන් ජීවත් වන නිවස හැර වෙනත් ස්තීර හෝ නිශ්චල දේපළක් යූරෝ 20000,00 වැඩි වටිනාකමක් සහිත දේපළක් සතු අයද, වෙනත් වත්කම් චංචල දේපළ (රථ වාහන හෝ වෙනත්...) වටිනාකමින් යූරෝ 6000,00 ක් ඉක්මවන අයද මේ සදහා සුදුසු කම් නොලබයි .

ජූනි මාසයේ ප්‍රකාශයෙන් පසුව ඉතාලි රජයේ කම්කරු අමාත්‍යවරයා වන ජූලියානෝ පොලෙත්ති (Giuliano Poletti) මහතා කියා සිටියේ , මෙම සහන වැඩපිළිවලට අනුව පවුල් 660000 ක් පමන මෙයට ඇතුළත් වන අතර ඉන් 560000 ක් කුඩා දරුවන් සිටින පවුල් වන බවයි. ඉතාලි රජය මෙම වැඩපිළිවෙළ සදහා වසරකට යුරෝ බිලියන 1.7 ක් වෙන් කර ඇති අතර එය වසරකට යූරෝ බිලියන 2ක් දක්වා වර්ධනය කරීමට පියවර ගෙන තිබේ.

මෙම මාසික යූරෝ €480,00 ප්‍රතිලාභය සඳහා රේයි කාඩ් පත (Carta Rei) නමින් කාඩ් පතක් හදුන්වා දී තිබෙනවා. එම කාඩ්පත මගින් මුදල් ලබා දීමට කටයුතු සූදානම් කර ති⁣බෙනවා. එදිනෙදා ජීවත් වීමට අවශ්‍ය බඩු, භාණ්ඩ රැසක් මිල දී ගැනීමට මෙම කාඞ්පත මගින් හැකි වන අතර, මාසිකව ලබා දෙන මුදලෙන් භාගයක් මුදල් යන්ත්‍ර ඔස්සේ ලබාගැනීමට පුලුවන්.
මෙම ආධාර ලැබෙන අතරතුර ආධාර ප්‍රතිලාභීන් රැකියාවන් හට යොමු කිරීම සදහාත් සමාජ සම්බන්ධතා ඇති කිරීම සඳහාත් රජය විසින් සංවිධානය කරනු ලබන වියාපෘතින් සදහා සහභාගී වීම අනිවාර්ය කර තිබෙනවා.

ලගම ඇති Caaf හෝ Patronati වැනි සමාජසේවා කාර්යාල වලින් දැනුවත් විය හැකියි.

සකස් කලේ
නීතිඥ සචිනි වර්ණකුලසූරිය
*39 388 6279735


No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...