Thursday, December 7, 2017

අන්ත දුෂිතයින් රකින උසාවි රටකට ඇවැසිද ?


මේ රටේ නීතිය හා යුක්තිය යනු පුද්ගල ප්‍රතිරුප ඉදිරියේ ඇකිලෙන සේප්පඩ විජ්ජාවක් බවට දැන් පත්ව ඇත. රටකට ඔරොත්තු නොදෙන තරමේ මහා පරිමාන ජනතා මුදල් පිල්ලි ගැසූ , මිනීමැරුම් සිය ගණනක් ඔප්පු කිරීමට ඇති පදමට සාක්ෂි තිබෙන , අයෙකු අත්අඩංගුවට ගැනීමෙන් වැළකීමට උසාවියෙන් රිට් ආඥා නිකුත් කරන්නැයි යමෙකු ඉල්ලු පරිදි එයට අනුකුලතාවය දක්වන විනිසුරෙක් වේ නම් ඔහු පට්ට පල් හොරෙකු විය යුතුය. අවම ශීලාචාරයක් හෝ ඇති සමාජයක එසේ සිදුවිය නොහැක. එහෙත් එවැනි සිදුවීම් දුසිම් ගණනක් මේ රටේ වාර්තා වුයේ මුදලට විකිනෙන විනිසුරන්ගේ අමන තීන්දු වල බලමහිමයෙනි. සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම කඩා වැටි, සියල්ල දේශපාලනීකරණයට යටත් වූ සමාජයක උසාවිය පමණක් ඉතිරි නොවන බව අප විශ්වාස කරන්නෙමු. එහෙත් ඩිල් දාන අතලොස්සකගේ ගැලවුම්කාරයා වුද , මේ රටේ නැති බැරි මිනිසාගේ ගිලටීනය වුද උසාවිය කෙසේ හෝ පිරිසිදු කල යුතුය. මන්ද , ගෝඨාභය වැනි දුශිතයින්ට දැනෙන දඬුවමක් දීමට නම් එය ඉටුකිරීමේ මර්මස්ථානය විය යුත්තේ උසාවිය බැවිනි. ගෝටාභයට නිසි යුක්තිය පසිඳලිය යුත්තේ ඇයි ? ඒ පිළිබඳව අප පොදු ජනයාගේ පාර්ශවයේ සිට කතිකාව ආරම්භ කල යුතුය.

ගෝඨාභයගේ මව්පියන් වෙනුවෙන් ජනතා මුදලින් කෞතුකාගාර ගොඩනැගීම සඳහා වියදම් කල මිලියන 90 ළුණු සිවියක් බවට පත්වන්නේ පහත සඳහන් තොරතුරු දෙසට නෙත යොමු කිරීමෙනි.

මේ රටේ සිදුවූ මහා පරිමාණ ගසාකෑම් අතරින් ප්‍රධාන සිදුවීමක් වන්නේ මිග් යානා ගණුදෙනුවයි . එම ගණුදෙනුව කිසිදු අතරමැදියෙකුට අතපෑමට නොහැකි පරිදි ගෝඨාභය රාජපක්ෂගේ බලයෙන් ක්‍රියාත්මක වූ අන්ත දුෂිත මගඩියක් ලෙස වාර්තා විය. මිග් යානා ගනුදෙනුව පිලිබදව පන්න පන්නා තොරතුරු සොයා ඒවා රටට හෙළිදරව් කල මාධ්‍යවේදින් වුයේ සන්ඩේ ටයිම්ස් පුවත් පතේ ඉක්බාල් අතාස් හා සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග යන දෙදෙනාය. ජනතාවගේ පාර්ශවයේ සිට ඔවුන් තම පෑන මෙහෙය වුයේ මහා පරිමාන ජනතා මුදල් ගසා කෑමක් රටට හෙළි කිරීමටය. 2006 වසරේදී සිදු වූ මේ මහා පරිමාන ගසාකෑමට පදනම වැටුනේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට තිබුණු මිග් ප්‍රහාරක යානා හතරක්‌ අලුත්වැඩියා කිරීමේදී හා තවත් මිග් – 27 ගුවන්යානා හතරක්‌ යුක්‌රේනයෙන් මිලදී ගැනීමට අවශ්‍ය බව එවකට ආරක්ෂක ලේකම් වූ ගෝඨාභය විසින් දැනුම් දීමත් සමගය. එම කාලවකවානුවේ මේ රටේ සියලුම හමුදාපතිවරුන් ඔහුගේ නිවට ගෝල බාලයන් බවට පත් කර තිබුණි. මහින්ද දේශපාලන බිමේ "රජෙකුට "අඳින විට මලයා සකල ආරක්ෂක බලමුළු තමන්ගේ පහත් උවමනාවන් වෙනුවෙන් දඩමීමා කරගත්තේය. ඔවුන්ගේ අණට කීකරු වී ගසාගෙන යන පල් වතුර පහරින් දෝතක් බී සැනසීමට සියල්ලන්ටම සිදු විය. ප්‍රශ්න කිරීම , සොයා බැලීම යනු මරණ වරෙන්තුව ඉක්මන් වීම බව දැනගත් ඔවුන් , ඒ වෙනුවට නිල ඇඳුමේ තරුපටි ගණන වැඩි කර ගැනීමට ඕනෑම ජඩකමක් කිරීමට සෑදී පැහැදී සිටියේය.

ගෝඨාභයට ලැබුණු අසීමාන්තික නිදහසින් පල ප්‍රයෝජනය ගෙන මිග් යානා ගනුදෙනුව ක්‍රියාත්මක කරමින් ප්‍රකෝටි ගණනක ජනතා මුදල් පිල්ලි ගැසීම සිදු කළේය. එය සිදු වූ ආකාරය මෙසේය. 2000 මැයි 25 වෙනි දින MiG-27 යානයක් රුපියල් මිලියන 189 කට ( ඩොලර් මිලියන 1.75 ) තක්සේරු කරමින් යානා හතරක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මිලදී ගෙන තිබුණි. එම යානාවන් 1982 සිට 1985 අතර කාලයේ නිෂ්පාදනය කල යානා විය. නැවතත් 2002 ඔක්තෝබර් 24 වෙනිදින එවැනිම තවත් යානා දෙකක් මිලදී ගෙන ඇත.එහි එක් යානයක වටිනාකම රුපියල් මිලියන 172.8 (ඩොලර් මිලියන 1.6)ක් ලෙස තක්සේරු විය. එම යානා ද නිෂ්පාදනය කර තිබුනේ 1984 වසරේදීය . 2006 වසරේ ජුලි මස 26 වෙනි දින ගෝඨාභය හා යුක්රේනයේ Bellimissa Holdings සමාගම සමග අත්සන් කල ගිවිසුමට අනුව 1980 නිෂ්පාදනය කල යල් පැනගිය එක් යානාවක මිල ලෙස ඇමෙරිකන් ඩොලර් 2,462,000 ( රුපියල් 1,063,584,000 ) ක් ලෙසට තක්සේරු කලේය. එම ගණුදෙනුවේ ලේඛන කටයුතු වෙනුවෙන් අමතරව ඩොලර් 712,000 (රුපියල් 76,896,000) ගෙවා ඇත. 1985 වසරේ නිෂ්පාධනය කල යානාවකට ඩොලර් මිලියන 1.75 ක් ගෙවන ලද්දේ 2000 වසරේදීය. ගෝටාභයගේ ඒකමතික තීරණයට අනුව 2006 වසරේදී එම යානාවම මිලට ගෙන ඇත්තේ ඩොලර් මිලියන 2,46 කටය.

ප්‍රශ්නය වන්නේ එම යානාවට අධික මිලක් තක්සේරු කලද නිෂ්පාදන වර්ෂය ලෙස සටහන් වී ඇත්තේ 1980 වසරයි. ගසා කෑමේ තරම මැන බැලීමට නම් මෙම මිල ගණන් දෙක අතර ඇති වෙනස හතර ගුණයකින් ගණනය කල යුතුය.

එක් යානාවක් මිලදී ගැනීමෙන් අවම වශයෙන් ඩොලර් 712000 ක් අයථා ලෙස උපයා ගැනීමට දේශප්‍රේමී ආරක්ෂක ලේකම් වරයාට හැකි විය. එය හතර ගුණයෙන් වැඩි කල විට ඩොලර් මිලියන 2,84 ක දැවැන්ත ධනස්කන්ධයක් උපයාගැනීමට ඔහුට හැකි විය.

මෙම ගිවිසුම යුක්රේන ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති සමාගමක් ලෙස හුවා දැක්වුවද අවසානයේදී එවැනි සමාගමක් ලොවේ කිසිදු තැනක නැති බව විමර්ශන වලදී හෙළි විය. මෙම ගණුදෙනු වේ සියලු තොරතුරු ඉක්බාල් අතාස් හා ලසන්තට ලැබුණු අතර , එය සවිස්තරාත්මක සන්ඩේ ලීඩර් පුවත් පතේ පළවීමට සුදානම් වනවාත් සමගම 2009 ජනවාරි මස 9 වන දින වෙඩි තබා මරා දමන ලදී.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර ඇත්තේ. රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසු කලෙක අධිකරණයට දැනුම් දී තිබේ. මෙම කල්ලිය විසින් මේ සම්බන්ධව වාර්තාකරණයේ නිරත වූ කීත් නොයාර් , උපාලි තෙන්නකෝන් යන අයටද පහර දී තිබුණි. , ඉක්බාල් අතාස් මරා දැමීමට ගත් උත්සාහයන් ව්‍යවර්ථ වන්නේ ඔහු රහසි ගතව ශ්‍රී ලංකාවෙන් පලායාමත් සමගය.

ලසන්ත මිය යන්නේ මේ රටේ ජනතාවට මහා පරිමාණ වංචාවක් හෙළි කිරීමේ වරදට ගෝඨාභයගේ නියෝගයකට අනුව මහා මග තිරිසන් සතෙකු ලෙස මරා දමමිනි. එයට යුක්තිය ඉටු නොවුනේ මේ රටේ අධිකරණය මුදලට යට වූ නිසාවෙන් බව මේ වන විට ඉතා හොඳින් පැහැදිලි වී ඇත.

මිග්යානා මගඩියට අමතර හිරගෙවල් සියයක යැවිය යුතු චෝදනා මේ දේශප්‍රේමියාට ඇත. ඉන් කිහිපයක් මෙසේ කෙටි කර දක්වන්නෙමු.

2012 වසරේ සිට 2015 වසර දක්වා වු කාල සීමාව තුළ ඇවන්ගාඩ් නමැති පෞද්ගලික සමාගමකට පාවෙන අවි ගබඩාවක් පත්වාගෙන යාමට අනුමැතිය ලබාදීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු විත්තිකරුවන් රජයට රුපියල් බිලියන 11.4ට අධික පාඩුවක් සිදුකර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී දී තිබුනද යුක්තිය ඉටු වී නැත.

2012 වසරේදී වැලිකඩ සිරකරුවන් 27ක් ඝාතනය කිරීමට මුල් වී ඇත්තේද ගෝඨාභය ගේ එන පරිදි පැමිණි ආරක්ෂා හමුදා පිරිස් බව මේ වන විට හෙළිවී ඇත. කෝට්ටේ රජමහ විහාරයේ සිදුවූ සාමණේර හිමි නමකගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සොයා ආරක්ෂක හමුදා වැලිකඩ සිරගෙදරට ඇතුළු වී ඇත.

ඔහු දුටු ගැමුණු රජුගේ කඩුව සොයමින් කෝට්ටේ විහාරයට ඇතුළු වූ බවට එකල පුවත්පත් වාර්තා කර තිබුණි. ඔහු විසින් උසාවියේදී සියල්ල හෙළි කිරීමට සුදානම් වන මොහොතේදී ඊට පෙර රාජපක්ෂ පරපුර ක්‍රියාත්මක වුයේය. තනි පුද්ගලයකු ඝාතනය කිරීමෙන් ලැබෙන අවමානය වසා ගැනීම උදෙසා තවත් 26 දෙනෙකු අමු අමුවේ මරා දැමීමට ඔවුන්ට සිදු විය.

ඇසින් දුටු සාක්ෂි තිබුනද මේ අපරාධවලට එරෙහිව යුක්තිය ඉටු වී නැත.
එක්නැලිගොඩ ඇතුළු සිය ගණනක් මෝරුන්ට බිලිවන්නේද උපාසක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ අතින් බව දැන් ප්‍රසිද්ධව ඇත.

අද වන විට මේ රටේ චීවර චෞරයින් ගේ ආරක්ෂාවෙන් නීතියේ බලධාරීන් මුදලට වහල් වීමෙන් නීතියේ ඉදිරියට පැමිණීමෙන් කට්ටි පනින ගෝඨාභයට එරෙහිව පමණටත් වඩා සාක්ෂි තිබුනද , එය සර්ව සාධාරණ නඩු විභාගයක් සඳහා ගොනු කිරීමට මේ රටේ ජඩ දේශපාලන සංස්කෘතියද ඉඩ නොදේ.

හිටපු හමුදාපති වසර දෙකක් වැලිකඩ සිරගෙදර සිටින විට ආරක්ෂාව පිලිබඳව කිසිදු චීවරධාරියෙකු ප්‍රශ්න නොකළ අතර , ගෝඨාභයට පමණක් සිරගෙදර ආරක්ෂාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති බව ඔවුන්ට වැටහේ. කෙසේ වුවද , තරාතීරම නොබලා යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් සමස්ත සමාජයම එක්ව හඬ නැගිය යුතුය.

මේ රටේ වරප්‍රසාධලත් පන්තියට නිදහසත් , ඔවුන් නඩත්තු කරන ජනතාව දඬුකඳේ ගසන අමන නීතියත්, එය පෝෂණය කරන පාදඩ දේශපාලනයත් පරාජය නොකරන ජාතියද කම්මුතු විය යුතුය.

මේ මිලේච්ඡ මිනීමරුවා ආරක්ෂා කල සියළු දේශපාලුවන්ට හැට දෙලක්ෂයක් ජනතාවගේ හදවතේ නැගෙන ශාපය වදිනවා නොඅනුමානය.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...