දෙසැම්බර් 24, 2017.
එතෙක් මෙතෙක් පහල වූ අඝ්‍රගනයේ මනවාදියා වූ මගේ සමීප මිතුරෙකු වූ ජෝර්ජ් රත්නායක මහතා 1988 සැප්තැම්බර් මස 14 දා බසයෙන් ගමන් කරමින් සිටියදී ඉතාමත් කුරිරුලෙස පිහියෙන් ඇන ඝාතනය කරනු ලැබීය.
ලංකා කොමිනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක් වූ ඔහු ශ්‍රී ලංකා ගුරු සංගමයේ සභාපති ලෙස තම සහෝදර ගුරු වුර්තිකයනට විශාල සේවයක් කරනු ලැබිය.ඔහු හබරාදුව ප්‍රාදේශීය සභාවේ අපගේ නියෝජිත මන්ත්‍රීවරයා විය.ඔහු 13 වැනි සංශෝධනය ට පක්ශව ද්‍රවිඩ ජනතාව ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා පෙනී සිටි අභීත වූර්තිය සමිති නායකයෙක් විය.
ඔහුගේ නිසල දේහය පාර අයිනේ වැතිර තිබෙන විට එම අවස්ථාවේ පතිත වූ වැස්සෙන් තෙමීමට ඉඩ නොදී රෙද්දකින් වැසූ මගේ ඥාතියෙකු වූ නන්දසේන තිරාණගමද එදින ම සවස ඔහුගේ ගෙදරට ගොස් මර දමන ලදී.මේ දෙදෙනාගේම මල සිරුරු වලට ඝාතකයන් පැන වූ කොන්දේසි සත පහකට ගණන් නොගත් ගමේ ජනතාව ඔවුන්ගේ අවසාන කටයුතු ඔවුන්ට දිය හැකි ඉහලම ගව්රවය පුද කරමින් සිදු කරන ලදී.
ඔවුන්ගේ අභාවයෙන් ඔවුන්ගේ ළමයින් ට තම පියවරුන් නොමැති දුෂ්කර සහ දුක්ක දායක කාල පර්ච්චේදය ගෙවීමට සිදු විය.
මේ ගම තමන්ට පැවරීමට කරන ඉල්ලීමට කලින් මේ ගමේ ජනතාවට අවශ්‍ය වන්නේ මේ ගමට වැඩ කළ මානව වාදීන් ඝාතනය කළ සහාසික වැරැද්ද පිළිගෙන වෙනත් දේශපාලන මත දැරීම නිසා ජීවිතයට ඇති අයිතිය අහිමි නොකරන ලෙසය. එය අනාගතයේ ජීවත්වීමේ අයිතිය සුරැකීමට දෙන සහතිකය වෙයි.
No comments:
Post a Comment