Thursday, February 15, 2018

මගේ පුතාව ඇතුළට ගත්ත එවුන් ගැන මම බලාගන්නම්.....

2018 පෙබරවාරි මස 15.

ඒකාබද්ධ විපක්ෂය සමග ශ්‍රී.ල.නි.ප. ආණ්ඩුවක් සෑදීම සඳහා මේ වන විට කපුකම කරමින් සිටින දයාසිරි ජයසේකර සහ තිලංග සුමතිපාල විසින් නාමල් රාපක්ෂ, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිලව ජනාධිපතිවරයා ට මුණගස්වා තිබේ.

එහිදී ජනාධිපතිතුමා සමග කතාබස් කරමින් සිටින අතරවාරයේ නාමල් රාජපක්ෂ මෙසේ අසා ඇත.

“ජනාධිපතිතුමා මාව ගත්තට කමක් නෑ, ඇයි මගෙ මල්ලි ‘යෝ’ ව අත්අඩංගුවට ගත්තෙ...?”

ජනාධිපතිවරයා මෙයට ලබාදුන් පිළිතුර වූයේ,
“මං දන්නෙ නෑ. ඒ අමාත්‍යාංශයෙ අයිතිය මට නෙවෙයි තියෙන්නෙ. ඒක තියෙන්නෙ අගමැතිතුමා යටතෙ” යන්නයි.

“එතකොට මගෙ මල්ලිව ඇතුළට දාපු එකට ඔබතුමාගෙ කිසිම සම්බන්ධයක් නැත්ද?” යනුවෙන් නාමල් රාජපක්ෂ විසින් නැවත ජනාධිපතිවරයාගෙන් විමසා තිබේ. එවිට ද ජනාධිපතිවරයා පෙර පිළිතුර ම ලබාදෙමින් කියා තිබෙන්නේ එම සිද්ධිය සම්බන්ධයෙන් තමාගේ කිසිම සම්බන්ධයක් නැති බව ය. ''නීතිය හා සාමය අමාත්‍යාංශය තියෙන්නෙ සාගල රත්නායක අතේ. මම ඒ කිසිම දේකට සම්බන්ධ වුණෙත් නෑ, බලපෑම් කරන්න ගියෙත් නෑ” යැයි ජනාධිපතිවරයා පිළිතුරු දී තිබේ.

නාමල් රාජපක්ෂ ඒ අවස්ථාවේදීම මහින්ද රාජපක්ෂ තාත්තාට දුරකථන ඇමතුමක් ගත්තේය. “මම මේ ජනාධිපතිතුමා එක්ක ඉන්නෙ. එතුමා කියනවා, 'යෝ'ව ඇතුළට ගත්ත එකට එතුමගෙ කිසිම සම්බන්ධයක් නෑ, සාගල රත්නායක තමයි කරල තියෙන්නෙ කියලා..”

“හා.. හරි.....මගේ පුතාව ඇතුළට ගත්ත එවුන් ගැන මම බලාගන්නං” යනුවෙන් කියූ මහින්ද දුරකථනය විසන්ධි කර තිබේ.
මහින්ද රාජපක්ෂ යනු පළිගැනීමට ඉතාම ප්‍රිය කරන - 'නොවෙනස් නායකයෙක්' බව නැවත නැවතත් සනාථ වෙමින් තිබේ.

.... Info sri lanka news.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...