Friday, February 2, 2018

2018 නව නීතියෙන් කාටද ඉතාලියට එන්න පුළුවන් ?

2018 පෙබරවාරි මස 02.

2018 සෘතුමය රැකියා සදහා පැමිණෙන ඔබ දැනගත යුතු කරුණු

මෙම ක්‍රමවේදය මගින් දුරස්ථව සිටිනා සේවකයා බඳවා ගැනීමට කිසිදු ක්‍රියාවලියක් නැහැ....

ඉතාලියේ රැකියා සදහා සෑම වසරකම නිකුත් කරන ඉතාලි රජයේ 2018 සෘතුමය රැකියා සහ අනෙකුත් රැකියා ආඥාව (Decreto flussi) මගින් ඉතාලියට ඇතුල් වීම සදහා අයදුම් කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනා මේ දින වල විවිධ ප්‍රශ්න මා වෙත යොමු කලා.

මුලින්ම කිවයුතු වන්නේ මා හුදෙක් නීති උපදේශක වරියක් සහ නීතිඥවරියක් බවත් රැකියාවන් සදහා අයදුම් කිරීමට මැදිහත්කරැවකු වශයෙන් පෙනී සිටීම ⁣මාගේ පරමාර්ථය නොවන බවයි.

2018 සෘතුමය රැකියා සහ අනෙකුත් රැකියා ආඥාව (Decreto flussi) රැකියාවන් සදහා අයදුම් කිරීමට ඉතාලියේ සේවායෝජකයකු විසින් මෙම අයදුම්පත්‍රය අන්තර්ජාලය ඔස්සේ ඉදිරිපත් කිරීම සිදු කල යුතු වනවා.
ඉතාලියේ සෘතුමය රැකියා සේවායෝජකයා සමග සෘජු සම්බන්ධයක් රැකියා අපේක්ෂකයා අතර තිබිය යුතුයි. 
 මෙය අයදුම් කිරීමෙන් පසුව සියලුම සුදුසුකම් සොයා බලා ඉතාලියට පැමිනීම සදහා නිශ්කාෂනය (nulla osta) ඉතාලියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කිරීමත් සමග එය කොලඹ ඉතාලි එම්බසිය වෙත භාරදීමෙන් පසු සුදුසු කම් සොයා බලා ඉතාලියට ඇතුල් වීමේ වීසා බලපත්‍රය ලබා දෙනවා.


නමුත් මෙම ක්‍රමවේදය තුල පසු ගිය වසර කිහිපය මෙන් මෙම වසරේදීද විදේශිකයන් සහ ලාංකික ශ්‍රමිකයන් (විශේෂයෙන් අතරමැදියන් ගෙන්) වංචාවන්ට ලක්වීමේ ඉඩකඩ ඇති නිසා හොදින් සොයා බලා කටයුතු කිරීම ඉතාමත් වැදගත්.

අයදුම්පත්‍ර සමග ඉදිරිපත් කරන්නාවූ ලියවිලි වල නීත්‍යානුකූල භාවය ඉතා හොදින් ඉතාලි පොලිසිය විසින් සොයා බලනවා.
ඉතාලියේ රැකියා සදහා පසුගිය වසරයන්හී නිකුත් කරනු ලැබූ සෘතුමය රැකියා සහ අනෙකුත් රැකියා ආඥාවන් (Decreto flussi) සම්බන්ධයෙන් ව්‍යාජ රැකියා සම්බන්ධ අපරාධ නඩු විශාල ප්‍රමානයක් මේ වන විටත් ඉතාලියේ විවිධ අධිකරණයන් හී නඩු ගොනු කොට තිබෙන බව දැනුවත් වීම ඉතාමත් වැදගත්. තවද විශේශයෙන් සදහන් කලයුතු කරැනක් වන්නේ ඉතාලියේ කිසිදු නීතියානුකූල ආයතනයක් හෝ සංවිධානයක් මේ සදහා මැදිහත්කරැවන් වශයෙන් කටයුතු නොකරන බවයි.

ප්‍රායෝගිකව මෙම ක්‍රමවේදය ඉතා ගැටලු සහගත එකක්. ඉතාලියට නීත්‍යානුකූලව රැකියාවක් සදහා පැමින, රැකියාවද නොමැතිව, අතරමැදියන් හට මුදල්ද ගෙවා රැදී සිටීමේ වීසා (permesso di soggiorno) අවසරයද නැතිව රැකියාවක් සොයා ගැනීමද හැකියාවක් නැතිව අනවසරයෙන් සිටීමට මෙමගින් පැමිනි බොහෝ දෙනාට සිදුවුණා.

මේ අවුරුද්දෙත් නැවත සිදුවූයේ: අමාත්‍ය මණ්ඩලය විසින් නිකුත් කල රැකියා ආඥාව (Decreto flussi) සම්මත වීමයි.

ඇත්ත වශයෙන්ම, මෙම ක්‍රමවේදය මගින් දුරස්ථව සිටිනා සේවකයා බඳවා ගැනීමට කිසිදු ක්‍රියාවලියක් නැහැ. කිසි විටෙක දැක නැති හෝ නොදන්නා සේවකයෙකු සේවයේ යොදවා ගන්නට හෝ කිලෝමීටර් දහස් ගනනක් ඈතින් ජීවත්වන යමෙකු වෙනුවෙන් කිසිදු රජයේ ⁣මගපෙන්වීමක් නැතිව සේවයට බදවා ගැනීමට ඉල්ලුම් කිරීමද පුදුමයට කාරනයකි. සැබවින්ම, ඉතාලියේ වෙසෙන කිසිවෙකු විසින් විදේශයන්හි කම්කරුවන් රැකියාවට බඳවා ගැනීම සඳහා සෘතුමය රැකියා සහ අනෙකුත් රැකියා ආඥාව (Decreto flussi) භාවිතා නොකරයි.

මෙලෙස අද වන තෙක් ඉතාලි රජය විසින් පනවන ලද රැකියා ආඥාවන්ගෙන් (Decreto flussi) විදේශික ශ්‍රමිකයනටද, ඉතාලියේ ආර්ථිකයටද, අත්වූ සෙතක් නැත.

යූරෝ ලක්ෂ 500.000 වැනි මුදලක ආයෝජන සැලැස්මක් සදහා ආයෝජකයන් සහ වෘත්තිකයන්, "හෝ" කීර්තිමත් කලාකරුවන් මෙම ආඥාවන් (Decreto flussi) මාර්ගයෙන් ඉතාලියට පැමිනීම පිලිබදවද ඇත්තේ ප්‍රශ්ණාර්තයකි.

අනවසරයෙන් ඉතාලියට පැමිනීම නවත්වා ලීමට වසරෙන් වසර රැකියා අවස්තාවන් ලබා දෙනවා යැයි පොරොන්දු වී විදේශ රජයන් (මේ අතර ශ්‍රී ලංකාව) සමග අත්සන් තැබු ගිවිසුම් පිලිපදින බවට කරන මුලාවක් ලෙස මෙම රැකියා ආඥාවන් (Decreto flussi) ඉතාලියේ නීති වේදීන් විසින් හදුන්වනවා.
නීතිඥ සචිනි වර්ණකුලසූරිය
0039 388 6279735

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...