Monday, February 5, 2018

ගෝඨාබය අමරිකානු පුරවැසිභාවය ඉවත් කරගනී....

2018 පෙබරවාරි මස 05.

මීළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙක් ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ මහතා නියත වශයෙන්ම ඉදිරිපත් වීමට නියමිත බව ඔහුට සමීප ආරංචි මාර්ග පවසයි. මේ වන විටත් ඔහු අමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ඉල්ලුම් කර ඇති බවත් ඒ ඉදිරියේදී ලැබෙනු ඇති බවත් එම ආරංචි මාර්ග පවසා සිටී.

ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අමරිකාවේදි සිදුකළ යුතු නීතිමය කටයුතු සඳහා මේ දිනවල ඔහු ඇමරිකාවට ගොස් සිටී. එමෙන්ම ඔහු සිය අමරිකානු හිතවතුන් සමඟ ඉදිරි දේශපාලන කටයුතු සැලසුම් කිරීමද සිදු කරමින් තිබේ. මේ සමඟ වන ඡායාරූපවලින් දැක්වෙන්නෙ අභාවප්‍රාප්ත සිය සොයුරු ඩඩ්ලි රාජපක්ෂ ගේ අමරිකානු නිවසේ ගෝඨබය සිය සමීප හිතවතුන් කිහිප දෙනෙකු හා දේශපාලන සාකච්ඡාවකට සහභාගී වී සිටි අවස්ථාවකි.
කෙසේ නමුත් ගෝඨාබයගේ දේශපාලන ආගමනය වැලැක්වීමට ඔහුට එරෙහිව මෙරට දි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහුව අත් අඩංගුවට ගෙන දඬුවම් නියම කිරීමට ඇතැම් පාර්ශ්ව අපේක්ශා කළද ඒ මෙතෙක් සිදුවූයේ නැත.

ඔහුව අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ දැඩි උත්සාහයක් ගත් නමුත් ඉහළ දේශපාලන බලපෑම් හේතුවෙන් ඒ වැලකී ගියේය.

පසුගියදා බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කරමින් පැවසූවේ එක්සත් ජාතික පක්ෂය හා රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකුගේ වුවමනාව මත ගෝඨාව අත් අඩංගුවට ගැනීම සඳහා උත්සාහයක් ඇති නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුට අමරිකාවට ගොස් සිටින ලෙස උපදෙස් ලබා දුන් බවය. කොහොම නමුත් ගොඨාබය දේශපාලනයට පැමිණීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුලේ අයද, බැසිල් රාජපක්ෂ ද දැඩි විරෝධයකින් පසුවන බවත් ප්‍රකට කරුණකි.

මීට පෙර අවස්ථාවකදී ද ඇවන්ගාර්ඩ් සිදුවීම සම්බන්ධයෙන් , ගොඨාව අත් අඩංගුවට ගැනීමට ගත් උත්සාහය ගැන ජනාධිපතිවරයා පොලීසියට දෝෂාරෝපනය කර තිබිණි. අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරියට තනතුර හැරදා යෑමට සිදුවූයේද ගොඨාට එරෙහිව නඩු පැවරීම ගැන ජනාධිපතිවරයාගෙන් එල්ල වූ චෝදනා පදනම් කරගෙනය.

ජනාධිපතිවරයා හා ගොඨාබය අතර පවතින් මිත්‍රශීත්වය මෙයට බලපා ඇති බව කියැවේ. පසුගිය ජනාධිපතිවරණ සමයේදී මෛත්‍රීපාල සිරිසේනට එල්ල වී තිබු ජීවිත තර්ජනයන්ගෙන් ඔහුව ආරක්ෂා කර ගැනීමට ගොඨාබය රාජපක්ෂ මහතා විශේෂ ආරක්ෂක විදි විධාන ඔහු වෙනුවෙන් යෙදූ බව ප්‍රසිද්ධ කරුණක් වන අතර ගොඨාබය රාජපක්ෂද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව විවේචනය නොකිරීමද කැපී පෙනෙන්නකි.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...