Thursday, February 15, 2018

ආණ්ඩු පිහිටවීම සහ මාධ්‍ය පච ගෙතීම.....

2018 පෙබරවාරි මස 16.

පත්තරවල තිබුන පලියට , වෙබ් අඩවියක තිබුන පලියට ඔක්කොම ඇත්තයි කියා පිළිගෙන ඒවා මත පදනම්ව පෝස්ටු ලියමින් අහිංසක බුකි සාමාජිකයන් නොමග යැවීමෙන් වලකින්න.

ඉකුත් දින දෙක තුනේ පත්තරවල වෙබ් අඩවි වල පළවූ දේවල් ඇත්ත වී තිබෙනවද?

ඇතැමුන් ලියන්නේ පගාවට සහ පගවේ තරමට බව බොහෝ අය දන්නේ නැහැ . සමහරු ලියන්නේ තමන්ගේ දේශපාලන මතය හෝ දේශපාලන නායකයා ප්‍රවර්ධනය කරන්නටයි .ඇතැම් වෙබ් අඩවි පාඨකයන් ඇද ගැනීම සඳහා අමු පච ලියන බව පසු ගිය කාලයේ මා දුටු දෙයක් .

සමහර මාධ්‍යවලට අනුව සිරිපාල නව අගමැති. තවත් ඒවාට අනුව කරු ජයසුරිය . ඒ මදිවට අගමැති ,ජනාධිපති අතර හෙන හැප්පිල්ලක්.

මුතු ලිංගම් නියෝජ්‍ය ඇමතිවරයෙකු ලෙස මේ අවු අස්සේ පත් කිරීමෙන් පෙනෙන්නේ ආණ්ඩුව තුල මහා කලබලයක් නැති බව නොවේද?

මහින්දලාට යට නොවී ශ්‍රීලනිපය ශක්තිමත් කරන්නට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බව සන්ධානයෙන් චන්දය ඉල්ලු අපේක්ෂකයන් අමතා ජනධිපතිවරයා අද කළ කතාවෙන් පැහැදිලි නොවේද?

කෙසේ වෙතත් විශාල පසු බැසීමක් ආණ්ඩුවේ පක්ෂ වලට ඇතිවීමට හේතු වටහා ගනිමින්, ප්‍රතිසංස්කරණ ඇති කරමින් තරමක තද පාලනයක් ගෙනයාමට ආණ්ඩුව සුදානම් වෙන ලකුණු පහල වෙමින් තිබෙන බවයි මගේ හැඟීම....
Bertie Ranaweerage

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...