Monday, February 19, 2018

ඉතාලි පුරවැසිභාවය... ලබා ගැනීම යනු..... අයිතිවාසිකම් හා වගකීම් රැසක්...

2018 පෙබරවාරි මස 19.

ඉතාලි පුරවැසිභාවය ලබා ගැනීම යනු අයිතිවාසිකම් හා වගකීම් රැසක් නිර්මාණය කරන අවස්තාවකි.

පුරවැසි භාවය (Cittdinanza) පිලිබද කතා කිරීමට පෙර ජාතිකත්වය (Nazionalita') හා පුරවැසිභාවය (Cittadinanza) අතර වෙනස හඳුනාගත යුතුය.

ජාතිකත්වය (Nazionalita') යනු තම ඉතිහාසය, ආගම, සම්ප්රදාය, සංස්කෘතිය, (ඇතැම් විට හැඩ රැව) සහ භාෂාව හරහා නිර්වචනය වන්නකි. ජාතිකත්වය යනු ජාත්යන්තර නීතිය මගින් පිළිගත් මූලික අයිතිවාසිකමකි.
යමෙකුට පුරවැසි භාවය ලබා ගතහැකිවූවත් ජාතිකත්වය වෙනස් වීමට නම් පරම්පරාවන් ගනනාවක් ගතවේ.

ඉතාලි නීති පද්ධතියට අනුව ඉතාලි පුරවැසියන් යනු තමන් ජීවත් වන දේශ⁣යේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පූර්ණ වශයෙන් හඳුනාගෙන ඇති පුරවැසියන් වේ.

ඉතාලි පුරවැසි නීතියට අනුව ඉතාලි පුරවැසි භාවය
නිරායාසයෙන් ලබා ගත හැකි වන්නේ මෙවැනි අවස්තාවන් හීදී පමනයි:

1) උපත හේතුවෙන් ("ius sanguinis" හෝ රුධිරයේ අයිතිය), අවම වශයෙන් එක් ඉතාලි දෙමව්පියෙකුගෙන් (මව හෝ පියා ඉතාලි ජාතිකයෙකු නම්) උපත ලබන දරැවා ඉතාලි පුරවැසියකු වේ.

2) ඉතාලි භූමිය හේතුවෙන් (එනම් "ius soli" හෝ උපන් භුමියේ අයිතිය). ඉතාලි දේශසීමොවේ උපත ලබන දරැවකුව දෙමාපියන් හැරගියහොත් එම දරැවාට කිසිදු වෙනත් පුරවැසිභාවයක් නොමැතිනම් ඉතාලි පුරවැසියකු වේ.

3) ඉතාලි පුරවැසියන් විසින් නීතියෙන් හදාගන්නාවූ දරැවන්ද (Adozione) ඉතාලි පුරවැසියන් වේ.

ඉතාලියේ පුරවැසි නීතියට අනුව
පුරවැසිභාවය ඉල්ලුම් කල හැකි අවස්තා:

1) ඉතාලි පුරවැසියෙකු සමඟ විවාහ වූ විදේශිකකුට ඉතාලි පුරවැසිභාවය ලබාගැනීමට මාස 24න් පසු ඉල්ලුම් කළ හැකියි.

2) ස්තීර පදිංචිය හේතුවෙන් ඉතාලි පුරවැසිභාවය ඉල්ලුම් කල හැකි අවස්තා:

a) ඉතාලියේ උපන් විදේශිකයකු නම් වයස අවුරැදු 18 සම්පූර්න වීමත් සමග තමන් පදිංචි නගර සභාව වෙත යොමු වී ඉතාලි පුරවැසි භාවය ඉල්ලුම් කල හැකියි. මෙම ඉල්ලුම් කිරීම වයස අවුරැදු 19ට පෙර ඉදිරිපත් කල යුතුයි. (මෙහිදී ඉතාලියේ අධ්‍යාපන සහතික, ඉතාලියේ එන්නත් ලබා දුන් සහතික සහ ඉතාලියේ ස්තීර පදිංචිය තහවුරැ කල යුතුයි.)

b) ඉතාලියේ උපන් අයෙකු වයස අවුරැදු 18 සම්පූර්න වීමත් සමග ඉතාලි පුරවැසි භාවය ඉල්ලුම් නොකලේ නම්, අවම වශයෙන් අඛන්ඩව වසර තුනක නීත්‍යානුකූලව පදිංචිය තහවුරැ කරමින්, ආදායම් වාර්තා ඉදිරිපත් කරමින් ඉල්ලුම් කල හැකියි.

c) ඉතාලියේ සරණාගත රැකවරණය හිමි පුද්ගලයන් අවම වශයෙන් වසර පහක කාලයක් තුළ ඉල්ලුම් කල හැකියි;

d) ඉතාලියේ නීත්‍යානුකූල නේවාසික පදිංචිය නොකඩවා අවුරුදු දහයක් ඇති අයද මේ සදහා සුදුසුකම් ලබයි.

ඉහත සඳහන් කරන ලද අවස්තාවන්හීදී පෞද්ගලික ආදායම හෝ පවුලේ ආදායම ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
නීතිඥ සචිනි වර්ණකුලසූරිය
0039 388 6279735

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...