Tuesday, February 6, 2018

ගෝඨාභය ඩොලර් මිලියන 7.5ක් කොල්ල කාලා.. නඩු දාන්න හදද්දී රටින් පැන්නා.....

2018 පෙබරවාරි මස 07.

පසුගිය රජය සමයේ මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් රණවිරු ගෝඨාභය බිය වී විදේශ ගතව සිටිනවා. ඔහු යළි ලංකාවට පැමිණෙන්නේ මැතිවරණය අවසන් වූ පසුවයි. ලබන 12 දා තමයි ඔහු ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන්නේ. මිග් යානා ගණුදෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 7.5 ක මුදල් කොල්ල කා තිබෙනවා. යුක්රේන රජය දැනුම් දී තිබෙනවා එරට රජයට ලැබුනේ ඩොලර් මිලියන 7.2 ක් පමණක් බව.

නමුත් රණවිරු ගෝඨාභය ව්‍යාජ ගිවිසුම් සකස් කරමින් මිග් යානාවක් ඇමරිකානු ඩොලර් මිලියන 14.5 ක් ලෙස සටහන් කර මුදල් කොල්ල කා තිබෙනවා. නඩු පවරන්න සුදානම් වන විට විදේශගත වුනා. ඔහු මෙවර ගුවන් ටිකට් පත් ලබාගෙන ඇත්තේ වෙන දා ටිකට්පත් ලබාගන්නා ආයතනයෙන් නොවෙයි.

ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය පෙන්වා විසා බලපත් හෝ ගුවන් ටිකට්පත් ලබාගෙන නැහැ. ඇමරිකාවේ ගමන් බලපත්‍රය පෙන්වා තමයි ඔහු ඒවා ලබාගෙන තිබෙන්නේ. දැන් ඇමරිකාවේ ඉදගෙන බලනවා මැතිවරණයට මොකද වෙන්නේ කියලා.

අර්ජුන් ඇලෝසියස්ලාට ක‍්‍රියාත්මක කල නීතිය ගෝඨභය රාජපක්‍ෂටද ක‍්‍රියාත්මක කල යුතු යයි අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි

ඔහු මෙසේ කියා සිටියේ ගම්පහ.දී පැවති ජනහමුවකදී අදහස් පල කරමිනි.
හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාත් ගණුදෙනු කරමින් තමයි සිටියේ. එම නිසයි අපි ඔහු අමාත්‍ය ධූරයෙන් ඉවත් කළේ.

පසුගිය දා වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා උතුරේ මනුෂ්‍ය ඝාතන පිළිබදව ප්‍රකාශයක් කළා. මුස්ලිම් ජනතාවට කළ අකටයුතුකම් ගැනත් ප්‍රකාශයක් කළා. ඒ වගේම පසුගියදා මිග් ගනුදෙනුවට ප්‍රධාන වශයෙන්ම සම්බන්ධව හිටපු රුසියාවේ හිටපු තානාපති උදයංග විරතුන්ගවත් ඩුබායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට අරන් ඉක්මනින්ම ඔහුවත් ලංකාවට ගේනවා.

ඒ සියල්ල හිටපු ආරක්ෂක ලේකම්වරයා සිදු කළ බවට ඔවුන් දැන් චෝදනා කරනවා. සියලුම කුණු හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ හිස මතට පතිත වී තිබෙනවා.” මේ රට විනාශ කරපු උන්ට නිසි දඩුවම් දීලා අපි ජනවාරි 8 ජනතාවට දුන්නු පොරොන්දු එකක් නෑර ඉෂ්ඨ කරනවා.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...