Friday, February 16, 2018

ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය අහිමිවිමේ.....ශ්‍රී ලාංකික වැඩි හරියක් මුහුණ පා ඇත....

2018 පෙබරවාරි මස 16.

Questura විසින් ලබා දෙන....ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය (permesso di soggiorno) අලුත් නොකිරීම.

ඉතාලියේ ජීවත්වන බොහෝ ලාංකිකයන්ට ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය අලුත් කිරීමත් සමග විවිධ ගැටලු සහගත අවස්තාවන්ට මුහුනපාන්නට සිදු වන බවත්, දිනෙන් දින මෙවැනි ගැටලු වැඩිවන බවත්, මෙවැනි අවස්තාවන් හීදී නීති උපදෙස් පතා මා වෙත පැමිනෙන ලාංකිකයන් වර්ධනයක් දක්නට ලැබෙන නිසා, මේ සම්බන්ධයෙන් යමක් ඔබ හමුවේ තැබීමට සිතුවා.
ඉතාලියේ ආගමන විගමන සංග්‍රහයේ (Tui) 5 වන ඡේදයේ 5 වන වගන්තියට අනුව, විදේශිකයන් ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය අලුත් කිරීමට අවශ්‍ය සුදුසුකම් නොමැති කම හේතුවෙන් මේ වන විටත් ඉතාලියේ ජීවත් වන බොහෝ දෙනාට ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය අහිමි වීම් දිගින් දිගටම වාර්තා වනවා.

⁣අවශ්‍ය ආදායම (Cud, dichiarazione dei redditi, buste paghe, ecc) නොමැති වීම; ස්තීර පදිංචි ස්ථානයක් නොමැති වීම (residenza) ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය අලුත් නොකිරීමට ප්‍රධාන හේතුන් වනවා.

ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය කල් ඉකුත් වීමට අවම වශයෙන් දින 60කට පෙර එය අලුත් කිරීමට එය භාර දිය හැකි බව ආගමන විගමන සංග්‍රහයේ (Tui) 5 වන ඡේදයේ 4 වන වගන්තිය සදහන් කරන අතර, දින ඉකුත්වීමෙන් පසු දින 60ක් ඇතුලත එය අලුත් කිරීමට ඉල්ලුම් කිරීමට ලබා දෙන සමා කාලය පොදු නීතියට අනුව ලබා දෙනවා.

ආගමන සම්මුතියේ (Tui) 5 වැනි ඡේදයේ 5 වැනි වගන්තියට අනුව, අපරාධ නීති සංග්‍රහයේ 380 වන වගන්තියේ සඳහන් කර ඇති වැරදි සම්බන්ධයෙන්, සහ 407, 2 වැනි ඡේදය, A) අපරාධ නඩුද, 12 වැනි වගන්තියේ 1 සහ 3 වැනි ඡේදයෙහි සඳහන් අපරාධවලට සම්බන්ධයෙන්ද රැදී සිටීමේ බලපත්‍රය අලුත් නොකිරීමට හේතු වනවා.

ඉතාලියට පැමිනීමට හා රැදී සිටීමේ අරමුනින් විවාහයක් සිදු කර ඇති බවට තහවුරු වුවහොත්ද එම බලපත්‍රය අවලංගු කල හැකි අතර ව්‍යාජ සහතික හෝ ලියවිල්ලි ඉදිරිපත් කිරීම, අල්ලොජ්ජෝ, ගෙවල් කොන්ත්‍රාත්, රැකියා කොන්ත්‍රාත්තුව, ඉතාලි භාශා සහතිකය A2 සහ ඉදිරිපත් කරන්නාවූ ඕනෑම ලියවිල්ලක් ( Alloggiativa, Contratto di affitto, contratto di lavoro, esame di italiano) මුදල් ගෙවා ව්‍යාජ ලෙස ලබාගෙන යැයි ඔප්පු වුවහොත් ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය අවලංගු කල හැකි අතර අපරාධ ණඩු සහ බරපතළ සිර දඩුවම්ද ඉතාලි අධිකරණය විසින් ලබා දිය හැකියි.

නීතිඥ සචිනි වර්ණකුලසූරිය
0039 388 6279735

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...