Thursday, February 8, 2018

පක්ෂ සභාපතිකමකට....ජනපතිකම පාවාදුන් ” මහින්ද ” …..වෙන්න හදන “මෛත්‍රි “

2018 පෙබරවාරි මස 09.

” අනේ ඇයි හත්වලානේ අපේ ජනාධිපති තුමාට පක්ෂ සභාපති කමට වඩා ජනපති කම ලොකුයි කියා නොතේරෙන්නේ….” කරුමේ බන් …කරුමේ… මෙහෙම කතාවෙන්නේ රටේ ජනතාවය.
රටක පදුරු ගානට සභාපතිලා ඇත. ජනාධිපති ප්‍රමුඛ රටක් නම් ඒ රටහි සිටින ප්‍රධාන පුද්ගලයා එරටේ ජනාධිපති වරයාම බව නොකිය යුතු දෙයක් තරන්ය.

මහින්ද එදා හෙලිකොප්ටර් 2 ක් අරන් ඉගිලෙන්න වගේම මහින්දටම ආවේනික දේවල බලෙන් දමාගන්න මෛත්‍රි ඉතා කැමතිය. ඒ මහින්දගේ ජනතා ආකර්ෂණය මෛත්‍රිට ගන්නය, වරෙක් විජිත මුණි සොයිසා,දයාසිරි ජයසේකර ,එස්,බී කිවුව වගේ එහෙම කරන්න මෛත්‍රිට ජින්තු නැති බව දැන් රටම දනී.

” අනේ ඇයි හත්වලානේ අපේ ජනාධිපති තුමාට පක්ෂ සභාපති කමට වඩා ජනපති කම ලොකුයි කියා නොතේරෙන්නේ….” කරුමේ බන් …කරුමේ… මෙහෙම කතාවෙන්නේ රටේ ජනතාවය.

“මහින්ද ජනාධිපතිට අපේ හාමුදුරුවනේ දස මහ යෝධයෝ තුන්දෙනික් හිටියා…… සුසිල්,මම හා ජෝන්සෙනවිරත්න …..” මෙහෙම කියන මෛත්‍රි දන්නේ නෑ සුසිල්ලා පට්ට හොරු බව ජනතාව දන්න බව. මෛත්‍රි දැන් දැන් තටමන්නේ තවත් මහින්ද කෙනෙකුට වෙස් බදින්න කියලා නම් අපට කලක ඉදන්ම තේරුම් ගියා.

මෛත්‍රි ඇත්තටම ඇයි මේ සභාපති කමකට පිස්සු වැටුණේ මෛත්‍රිට ඔනි ශ්‍රි ලංකාකරයන් අතර බණ්ඩාරණායක නමට වඩා ඔහුගේ ගැන කතාකරනව දකින්නයි.
ඒක ඇත්ත දැන් මෛත්‍රි ගැන කතාකරන ශ්‍රි ලංකා කරයන් අඩුවක් නැති උනත් ඔහු 2015 කරපු වැඩෙන් නම් ඔහු ගැන ශ්‍රි ලංකාකරයන් හොදටම කතාකලාය.

මෛත්‍රි ජනාධිපති කමට වඩා පකෂ නායක කම ට ඇත්තටම ඔහු ගේ කුඩාකාලේ ඉදන් තිබුණ හීනය පක්ෂ නායක කමය. ඒත් කොහේදෝ යන පිණක් කඩන් වැටුනා මිසක් මෛත්‍රිට ජනධිපති කම ලොකු වැඩිය.

තමාගේ ඇස් පනාපිටම තමන්ගේ වේදිකාවේ ඉන්න ජනතාමුදල් කොල්ලකාපු ඩිලාන්ලා,සුසිල්ලා එස්.බි ලා වාඩිකරගෙනම ඔහු ජනතවට දස අතේ දියුරන්නේ හොරකම දුෂණය නැති කරන බවය.

මෙහෙම කිඅයන මෛත්‍රි හොරුන්ට අපරාධ කරුවන්ට රටින් පලායාමට උදවු කරතිබෙණ බව කියන්නේ අපි නෙමේ ඔහුගේ ළඟම සගයා බස්නාහිර මහ ඇමතිය.

මෛත්‍රි දැන් දන්න එක රහසක් ඇත. ඒතමයි තමන්ට මෙවර මැතිවරන්ණයෙන් අන්ත පරාජයක් හිමිවන බව. කරුමේ මහත මේ පරාජය ගැන කතාකලේ නිදහස් දවසේ උදේමය මෛත්‍රිගේ ඉහමොළ රත්වුනේ පොලිස් වාරතාව දැකලය. ඒ කල්පනාවෙන්ම ආපු මෛත්‍රි රටේ ජාතික උත්සවය්යේ රාජ්‍ය නායකයා ගේ කතාව කලේ අවසිහියෙන්ය. 70 වෙනි නිදහස සඇමරුම එකවරම 30 ට දැමු මෛත්‍රි 30 වන නිදහස සැමරුම අනුස්මරණ උත්සවය වැනි දේවල් දෙඩවීම සිදු උනේ රටට මහත් අවනම්බුවකි.

මෛත්‍රි දැන් ඇම අදින්නේ රනිල්ටය. රනිල්ට විතරක්මත් නෙවේ මෛත්‍රි එක කඩු පහරින් මහින්දයි , රනිලුයි දෙන්නම කපා දාන්න උත්සහ ගත්තත් අන්තිමට සිදුවන්නේ මෛත්‍රිම බිලිවීමය.

මොකද මෛත්‍රි ළඟ මහින්දගේ අය හිටවලා තියන නිසාය. රනිල්ව වට්ටන්න හිතන මෛත්‍රි මේ කපෙදි ඒක කරන්න තරන් හයියක් දැනුමක් මෛත්‍රිට නැති බව ලෝකයම දනී.

කොහොම උනත් දැන් මෛත්‍රිගේ හෙලුව හෙලිවී හමාරය. රටත් ජනතාවත් දැන් ත්යීරණය කරලා ඉවරයි මේ මැතිවරණයේදී මෛත්‍රි 4 වෙනි තැනට වැටුන ගමන්ම මෛත්‍රිගේ කඩුව ජනතාව උදුරාගෙන කොපුව මෛත්‍රිට දෙන බව නම සහතිකය. ඊට පස්සේ මෛත්‍රිට සිද්ධ වෙන්නේ ජනතාවගේ කඩුවට බිලි නොවී ඉතුරු අවුරුද්ද ජනපති කමේ ඉදලා ලෝකයේ අසාර්ථකම ජනාධිපති තාත්තා කියන පොතත් කිහිලි ගහන් පොලොන්නරුවටම යන එකය.
අජිත් තෙන්නකෝන්.

No comments:

Post a Comment

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...