Wednesday, October 18, 2017

ඉතාලියේ සෘතුමය රැකියා හෙවත්වතු වීසා යනු කුමක්ද?

 මෙම වීසා එකෙන් ඉතාලියේ ජීවත් වෙන්න පුලුවන්ද? ඒකෙන් ඉතාලියට ආවම මොකද වෙන්නෙ?
පලමු වශයෙන් ඉතාලි නීතියට අනුව සෘතුමය සේවකයා (lavoratore stagionale) යනු කවුරැන්ද යන්න දැන ගත යුතු වනවා. 
Nimthera - නිම්තෙර-- (2017.ඔක්.18)
සෘතුමය සේවකයා (lavoratore stagionale) යනු සෘතුමය කාර්යන් සඳහා කෙටි කාලීන රැකියා කොන්ත්‍රාත්තුවක් මගින් රැකියාවේ නියැලෙන සේවකයෙකි. උදාහරණ වශයෙන් ගිම්හාන කාලයෙදී, ගිම්හාන නිවාඩු නිකේතන (මුහුදු තීරයේ ආශ්‍රිතව, වැව්, ගංගා ආශ්‍රිතව), ශීත සෘතුවේ කඳුකර ප්‍රදේශ වල, නත්තල් නිවාඩු දිනයන්හී සහ වසරේ යම්කිසි කාල සීමාවකට පමනක් අදාල ගොවිතැන් කටයුතු යනාදියයි.
මේ අනුව සෘතුමය රැකියා සදහා සෑම වසරකම නිකුත් කරන ඉතාලි රජයේ (වතු වීසා) සෘතුමය රැකියා ආඥාව හෙවත් Decreto flussi per lavoro stagionale මගින් ඉතාලියට ඇතුල් වන්නේ සාමාන්යෙන් මාස 6 හෝ 9 ක් වැනි කෙටි කාලයක් සදහා සෘතුමය වීසා මාර්ගයෙනි. මෙම සේවකයන් සදහා නිකුත් කරන වීසා බලපත්‍රය අවලංගුවීමත් සමග ඉතාලියේ රැදී සිටීම යනු නීති විරෝධි ක්‍රියාවකි.
නමුත් (Art 24 comma 4 TUI) වන වගන්තියට අනුව, සෘතුමය සේවකයා ඔහුගේ ඉතාලියේ පලමු (permesso di soggiorno per lavoro stagionale) රැදී සිටීමේ බලපත්‍රය (සාමාන්‍යයෙන් මාස 6 හෝ 9ක් වැනි කාලය) අවලංගු වීමත් සමග හෝ අවලංගුවීමට පෙර නැවත තම රට වෙත ආපසු යන්නේ නම් ඊළඟ වර්ෂයේදී ඉතාලි රජය විසින් නිකුත් කරන සෘතුමය රැකියා (වතු වීසා) ආඥාව මගින් රැකියාව සදහා සේවායෝජකයා ඉතාලියේ සිට ඉල්ලුම් කල කිරීමත් සමග නැවත ඉතාලියට (lavoro stagionale) යාමට විශේෂ ප්‍රමුඛත්වයක් ලැබෙනවා.
මීට අමතරව, දෙවන වරට සෘතුමය රැකියාව සදහා (වතු වීසා) පැමිනි පුද්ගලයාට දිගු කාලින රැකියාවක් කිරීමේ හැකියාවක් (contratto di lavoro) ඇත්නම් ඉතාලියේ රැකියා හේතුන් නිසා රැදී සිටීමේ වසර දෙකක Permesso di soggiorno බලපත්‍රයක් අයදුම් කළ හැකියි.
වෙනත් වචනවලින් කියතොත්, ඉතා වැදගත් කාරණා දෙකක් මෙම වගන්තිය සඳහන් කරයි:
1.යම්කිසි සෘතුමය රැකියා සේවකයකු (lavoratore stagionale) එහි කොන්දේසි වලට එකඟවී ක්‍රියා කරමින් වීසා අවසන් දිනයට හෝ ඊට පෙර නැවත තම රට වෙත යන්නේ නම් නිසැකවම ඊලග වසරේදී නැවත සෘතු රැකියාවක් සඳහා ඉතාලියට ප්‍රවේශ වීමට ප්‍රමුඛත්වය ලැබෙනවා (එහිදී රැකියාව සදහා සේවායෝජකයා ඉතාලියේ සිට ඉල්ලුම් කල යුතුයි)
2.ඊලග වසරේදී ඉතාලියට යෑමත් සමග මෙම සෘතුමය වීසා (වතු වීසා) බලපත්‍රය සාමන්‍ය රැකියා බලපත්‍රයක් permesso di soggiorno per motivi di lavoro බවට පරිවර්තනය කළ හැකි වනවා.
මෙම සෘතු වීසා බලපත්‍රය (lavorotare stagionale) තම රට වෙත නොගොස් ඉතාලියේදීද සාමන්‍ය රැකියා බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමට හැකි වන්නේ ඉතාලි රජය විසින් නිකුත් කරන සෘතුමය රැකියා (වතු වීසා) ආඥාවේ Decreto flussi per lavoro stagionale එවැනි පරිවර්තනයන් කිරිමට හැකි බව සදහන් වුවහොත් පමණයි.මෙය ඉල්ලුම් කිරීම සදහා සෘතු රැකියා සඳහා රැඳී සිටීමේ වීසා බලපත්‍රය අවලංගු නොවිය යුතුයි.
උදාහරණයක් වශයෙන් මාස නවයක් සදහා රැඳී සිටීමේ බලපත්‍රයක් ඇති අයෙකුට එය සාමාන්‍ය රැකියාවක් බවට පරිවර්තනය කිරීමේ නියෝගයක් නිකුත් වුවහොත් එමගින් පරිවර්තනය කිරීමට ඉල්ලුම් කල හැක.
සකස් කලේ
නීතිඥ සචිනි වර්ණකුලසූරිය
ITAL LANKA:
+39 388 6279735

1 comment:

  1. kagen hari copy karagattama, eke aithi karayage nama danna purudu wenna

    ReplyDelete

මැයි 08 ආණ්ඩුව පෙරලීමට...... මෛත්‍රි එංගලන්තයේ දී..... කුමන්ත්‍රණයක ……? ඩිලාන් හා චන්දිම විරක්කොඩි ගෙන්නා ගත්තේ මෛත්‍රිමයි....

2018 අප්‍රේල් මස 20. 2008 ජනවාරි 08 ලාංකීය යුක්ති ගරුක ජනතාව බලයට ගෙනා සුදු පිරුවට ඇද උදේ ඉදන් රෑ එලි වෙනතුරුම අනුන්ට අන්ච් ...