අප රටද ජාතික හා වාර්ගික ආගමික ප්‍රශ්නයක් මුල් කර ගෙන වසර තිහකට අධික කාලයක් යුද්ධයක නිරත ව සිටියෙමු.
ජාතික නිදහස් සටනට උර දිමේදී,සියළු ජාතීන් ආගමිකයන් ඊට ඉදිරිපත් වූයේ,,තම රට යන හැඟීම පෙරදැරි කරගෙන ස්වකැමැත්තෙනි.
ඒ සඳහා ඔවුන්ට ඇති අයිතිය මුල් කරගනිමින් මිස, කිසිවෙකුගේ බල කිරීමකට හෝ ඉල්ලීමකට නොවීය.
වසර ගණනක පටන් තම අයිතිය ඉල්ලා සාමකාමීව ඉල්ලීම් කළද, නිදහසින් පසු කිසිදු රජයක් ඔවුන්ට සමතැන සම අයිතිය හිතාමතාම නොදුන්හ.
අදද සිදු වන්නේ එයමය.
කල් යත්ම එහි ප්‍රතිඵලය හැටියට යුද්ධයක අමිහිරි අත්දැකීම් ලැබුවෙමු.
යුද්ධයක් නැවත ඇති නොවීමට ව්‍යවස්ථාවක අවශ්‍යතාව මධ්‍යස්ථ බුද්ධිමතුන් ගේ, මානවවාදීන්ගේ මතය වූයෙන් නව ව්‍යවස්ථාවක් සැකසෙමින් පවතී.
අනෙක් ජාතීන් ආගමිකයන් ඊට එකඟතාවය පළකර ඇතත්,
පරාජිත බලලෝභීන් පිරිසක් ඊට එරෙහිව සිටිති.
මෙම පරාජිත පිරිසේ බොහෝ දෙනා චෝදනා ලාභීන්ය.
චූදිතයන් කූඩු නොකර නිදැල්ලේ සැරීමට ඉඩ හැරීමෙන් නව ව්‍යවස්ථාව නොඑන තැනට කටයුතු සිදුකර ඇත.
ව්‍යවස්ථාව ගෙන ඒමට මුල් වූ අගමැතිවරයා ට හා ජනාධිපතිවරයාට තුති පිදිය යුතු මුත්,මීට එරෙහි වන චූදිතයන් නිදැල්ලේ සැරීමට ඉඩ හසර සැලසීම පිළිබඳව දොස් නැගීම ද යුතුය.
අගමැතිවරයා චූදිතයන් නිදහසේ තබා බලාපොරොත්තු වූයේ ශ්‍රී ලනිපය දෙකඩ කිරීමය.
එමෙන්ම ව්‍යවස්ථාව ද නොකෙරෙන තැනට කටයුතු කළා දෝ යන සැකයද පැන නැගීමට ද ඉඩ ඇත.
ව්‍යවස්ථාව ගෙන ඒමට නොහැකි වීමෙන්,
රට එක් සේසත් කිරීමට තිබූ මහඟු අවස්ථාව ගිලිහී යනු ඇත.
No comments:
Post a Comment